උණුසුම් පුවත්

රටේ නීතිය රාජපක්ෂ කුලී කාරයන් ඉදිරියේ අවලංගු වීම.

Spread the love

සිරි ලංකාවේ ක්‍රියාත්මක හැම ලබ්බේ නීතියකින්ම දඬුකඳේ  ගහන්නේ මොනවත් කර කියා ගන්නට බැරි අහිංසකයන්ය.සංචරණ සීමා කැඩුවා කියා කැරම් බෝඩ් ඔලුව උඩ තියාගෙන මහපාරේ එහාට මෙහාට දුවන්නට සිද්ධ වී ඇත්තේද මේ අහිංසකයන්ටය.

පොලීසිය කෝවිඩ් නීති එල්ලාගෙන ආතල් ගන්නේද මේ අහිංසකයන්ගෙන්ය
කෝවිඩ් රෝගයෙන් වැඩියෙන් බැට කන්නේද එදා වේල  හොයා ගන්නට බැරි මේ අහිංසකයන්ය.
ඇති හැකි කිසිවෙකුට කිසිම කරදරයක් අතුරු ආන්තරාවක් නැත.උන්ට ඕනෑ  ඕනෑ වෙලාවට පාටි දමති,කති,බොති,හැමිනෙති,වදති කිසිම අතුරු අන්තරාවක් නැත.උන් කරන වරදකට  මොනවා හරි කේස් එකක් ඇදෙන්නේ සයිබරයෙන් නෙළන්න ගත්තොත් විතරය.සයිබරයෙන් රටට කියන ඇත්ත නිවුස් ගැන ආණ්ඩුව දැන් සිටින්නේ  කේන්තියකි.ආණ්ඩුව තහංචි පිට තහංචි දමමින් සයිබරයට වැට බඳිමින් සිටින්නේ ඒ නිසාය.මේ වන විට ඇඟට පතට නොදැනෙන ගාණට ආණ්ඩුවට එරෙහිව සයිබරයේ කිව්ව  නාහන විදියට ලියන කියන එකා දෙන්නා වැලිකඩට දක්කමින් සිටී.කෝමින් කෝම වෙතත් මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුව රැස්පොට් පාන්නේ නිවටයන්ට විතරමය.දැන් දුප්පත් එවුන්ට කන්න බොන්න නැත.ඒ ගැන හොයන්න එකෙක් නැත.හෙට අනිද්දා වෙන විට දුප්පතුන් මැරෙන්න ගන්නේ  කෝවිඩ්  රෝගයෙන් විතරක් නොවේය.කන්න නැතුව හාමතේය.ඒත් ආණ්ඩුවට ගානක් නැත.මාසයකට දාහක් දෙදාහක් වල  කජු ගැහැව්වාට කමක් නෑය කිව්වේ කුරුණෑගල කසිප්පු කාර ඇමතියයාය.ඒ කියවීම තුළ ඇත්තේ  මිල්ටෙරි නන්දසේන ගේ  ආණ්ඩුවේ සවුබාග්ගියේ දැක්මේ හැබෑ ස්වරූපයයි.
මිල්ටෙරි නන්දසේන යනු රට පාලනයට ⁣දක්ෂයෙක් නොවන බව දැන් හොදටම ජනතාව තේරුම් ගෙන සිටී.හැබැයි මිල්ටෙරි නන්දසේන ඇතුළු කාලකණ්නි රාජපක්ෂ සනුහ⁣රය හා උන් සමග රොද බැඳ සිටින කට්ට කයිරාටික ජාවරාම්කාරයන් තරම් පට්ට හොරුන් රොත්තක් ලෝකයේ⁣ වෙන කිසිම රටක නැත.උන් රජ කරවා කිරිබත් කෑ ජනතාවට අද සිදු වී ඇත්තේ වහ කන්නටය.
මිල්ටෙරි නන්දසේන ජනපති කරවන්නට පාවඩ දැමූවන් අතර බුද්ධ චීවරය පොරවාගත් පඩික්කම් අපතයන් රොත්තකි.සැබවින්ම මේ  පඩික්කම් ගනින්නාසේලා රොත්ත පිනට දන් වළඳා  බුදුන් වහන්සේ විකුණා මුදල් හම්බ කරන ජාවාරම්කාර මුදලාලිලාය.මේ පඩික්කම් ගනින්නාසේලා ගේ බැංකු ගිනුම් වත්කම් ගැන හොයා බැලුවොත්  උන්ගේ දායක කාරකාදීන්ට පපුව අමාරුවේ හැැ⁣දෙන්නට පුළුවන.ඒ තරමට මේ පඩ්ක්කම් ගනින්නාසේලා සුපිරි මුදලාලිලාය මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ සනුහරය අතේ මේ පඩික්කම් ගනින්නාන්සේලාගේ  වත්කම් දේපොළ හා  කෙරුවාව ගැන ලියවුන ලිපි ගොණු තිබේ.
ඒ නිසා රාජපක්ෂ සනුහරයට විරුද්ධව කටේ කෙල බිංදුවක්වත් හලන්නටවත්  මේ පඩික්කම් ගනින්නාන්සේලාට බැරිිය.උන් ඒ තරමට හීලෑ වී පදිරි වී ඉන්නේ මිල්ටෙරි නන්දසේනට හා රාජපක්ෂ සනුහරයට විරුද්ධවුන හොත් තමන්ගේ පඬු ජංගියේ අවලස්සන හිල් හා කැත පැල්ලම් ගැන රටට හෙළිවෙන බව දන්නා නිසාය.රාජපක්ෂ සනුහරයට හීලෑ වී සිටින තාක් කල් තමන්ට රිසි සේ කැමති විදියකට නිදහසේ කාමසුඛල්ලිකානු යෝගයෙන් පන්සලේ ඕනෑ වල් ගල් කෙලියක් කරගෙන යාමට  හැකි බවද මේ පඩික්කම් ග⁣ණයෝ දනිති.
මේ පඩික්කම් ගණයන්ට කෝවිඩ් නීති හෝ වෙන මොන රෙද්දක්වත් බල නොපාන බවට තහවුරු කෙරෙන තවත් සිද්ධියක් ගැන ආරංචි ලැබී තිබේ.ඒ යහපාලනය දවස්වල අප්පට සිරි විදියට මිල්ටෙරි නන්⁣දසේනට කඩේ ගිය ඉත්තෑකන්දේ පඩික්කම් ගණයා⁣ ගේ අම්මාගේ අවමගුල කෝවිඩ් සංචරණ නීති හා කෝවිඩ් නීති තඹ දොයිතුවකට මායිම් නොකර පැවැත්වුන ආකාරය ගැනය.යම් අයෙකුගේ අවමංඟලයකට මඩ ගහන්ටවත් අපහාස කරන්නටවත් අපට ඕනෑ නැත.අපට මේ සිද්ධිය වැදගත් වන්නේ මේ වන විට සිරිිලංකාවේ ඕනෑම අයෙකු මිය ගිය විට පැය විසිහතරක් ඇතුළත ආදාහන කටයුතු සිදු කළ යුතු බවට හා එයට සහභාගිවන්නන් සංඛ්‍යාව සීමා කළ යුතු බවට රට  තුළ බරපතල නීති පද්ධතියක් පනවා ඇති බැවිනි.පසුගිය දිනවල රටේ සිදු වූ සියළු මරණ වල අවසන් කටයුතු සිදු කරන ලද්දේ මේ නීති වලට යටත්වය.එහෙත් ඒ නීති බිඳ දමමින් සිදු කළ තොන්ඩමන් ගේ අවසන් කටයුතු සමාජයේ විරෝධතා කතාබහට  ලක්වුවද ඒ ගැන මිල්ටෙරි නන්දසේන ගේ ආණ්ඩුව සිටියේ නෑසූ කන්ය.ඉත්තෑකන්දේ පඩික්කම් ගනින්නාසේගේ මෑණියන්ගේ  අවමගුලටද ⁣සංචරණ නීති හා කෝවිඩ් නීති බලපා නැත්තේ ඒ පඩික්කම්  ගනින්නාසේගේ දේශපාලන බලපුළුවන්කාර කම නිසා වෙන්නට ඇත.
සැමට සමාන නීතියැයිි පම්පෝරි ගහන  මිල්ටේරි නන්ද සේනගේ ආණ්ඩුවේ කෙරුවාව තමන්ගේ රැහේ අපතයන්ට ඕනෑ විදියට වෙනස් වෙන බව මේ පඩිකම් ඉත්තෑවාගේ මෑනියන්ගේ අවමඟුල සිදුවූ ආකාරයෙන් අපට සිතා ගන්නට  පුළුවන.

 

 

 


Spread the love

Leave a Comment

You may also like