“තර්ඩ් ක්ලාස් මාධ්‍යවේදියො වෙන්න එපා.ඒ තර්ඩ් ක්ලාස් මාධ්‍යවේදියො තමා පහුගිය කාලෙ මැරුම් කෑවේ….” යැයි මාධ්‍යවේදීන්ට ගොබ්බ චන්ඩි පාට් එකක් දැමූ පැන්ෂන් වෙදා ගැන අපි ඊයේ ලීවෙමු .
මේ පැන්ෂන් වෙදා නැඟුවේ ජනපති මිල්ටරි නන්දසේනගේ හඬ නැතහොත් “හිස් මාස්ටර්ස් වොයිස්” බව අමුතුවෙන් කිව යුතු නොවේ.වැඩ බැරි ටාසන් කෙනෙකු වූ ජනපති මිල්ටෙරි නන්දසේන පෝට්ටු සේනාව කටින් බය කරගෙන ඉන්න විදියට මාධ්‍යවේදීන්ද කටින් බය වද්දන්නට හැකි වෙතැයි මේ කං කබරයා හිතන්නට ඇත.ඔව්……. ,ඔව්…… එහෙම කටේ චණ්ඩි කමින් බය වී ඕනෑම කක්කි බාල්දියක් ඔළුව උඩ තියාගෙන නිවටව ඉන්නා මාධ්‍යවේදීන්ද ඉන්නා බව ඇත්තය.
එහෙම අය ඉන්නේ ස්වාධීන රූපවාහිනියේත් ලේක්හවුස් එකේත් සැළලිහිණි රූපවාහිනියෙත්ය.
මේ කබ්බ කං කබර පැන්ෂන් වෙදා අපට නම් සිල්ලර වාචාලයෙක් විතරමය.
ජනපති මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුව හිතාගෙන ඉන්නේ අපට බලය තියෙනවා ඒ හන්දා අපි ඕනෑම දෙයක් කරනවා යන පොර සිතුවිල්ලෙනි.ඒත් දැන් දැන් සිරි ලංකාවේ සිද්ධ වෙන දේවල හැටියට අපට සිතෙන්නේ පැත්තකට වී හිඟා කකා ජීවත්වීම හොඳයැයි සිතන වුන් ඉන්නා තාක් කල් ජනපති මිල්ටෙරි නන්දසේන බලයේ ඉන්නා බවය.එහෙමත් නැතිනම් කාලකණ්නි රාජපක්ෂවරු ආතල් ගන්නා බවය.එහෙම වටපිටාවක පැන්ෂන් වෙදාලාගේ කට කැඩිච්ච කතා ගැන එතරම් හිත නරක් කර ගන්නට ඕනෑ නැතියැයි කවරකු හෝ කියන්නට පුළුවන.
මේ පැන්ෂන් වෙදාගේ තුක් නොදකින් තර්ජනය ගැන සිරි ලංකාවේ කිසිම විපක්ෂ දේශපාලන නායකයෙක් කටක් ඇරියේ නැත්තේ ඒ හන්දා වෙන්නත් පුළුවන. මේ චාන්ස් එක නිසා ජනපති මිල්ටෙරි නන්දසේන හා රාජපක්ෂ පවුලේ කාලකණ්නියන් මුළු රටම ඩෝසර් කරමින් කිසිම අතුරු අන්තරාවක් නැතුව ඉදිරියටම යමින් සිටී.
කෝවිඩ් රෝගය පැතිරයාම කාලකණ්නියන්ට දෙවියන් දුන් ආශීර්වාදයක් වෙලාය.
මේ අතරේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පවිත්‍රාගේ ඔඩොක්කු කුක්කෙක් වූ පැන්ෂන් වෙදා මාධ්‍යවේදීන් ඉදිරිපිට දහ අට සන්නියේ මහසෝනාට අදින්නේද ජනපති මිල්ටෙරි නන්දසේනගේ හිත සතුටු කරන්නට හිතා ගෙන වෙන්ට ඕනෑය.මේ ගං කබරයා කොන්ත්‍රාත් පඩිය තව ඉලක්කම් දෙක තුනකින් වැඩි කරගන්නට හිතුවා වෙන්නත් පුළුවන.
පැන්ෂන් වෙදාගේ පැටිකිරිය ගැන ආරංචි වූ කරුණු ගැන ඇහැව්වාම අපට කියන්නට තියෙන්නේ “අනේ පව් නේ බං” උඹ යැයි කියාය.
මේ පැන්ෂන් වෙදා අසූ අටේ භීෂණය දවස්වල නූලෙන් ජීවිතය බේරාගත් පොරකි.පොර සුදු වෑන් බිල්ලාට සෙට් වෙන්න ඔන්න මෙන්න තිබියදීී ඒ තොණ්ඩුවෙන් ගලවා ගෙන ඇත්තේ රාජිත සේනාරත්නය.මේ කං කබරයා සමග සුදු වෑන් ලිස්ට් එකේ හිටිය අනෙකා දැන් ස්පෙෂලිස්ට් අනුර මුණසිංහ වෙදාය.මේ පොර වෙදා පිලිබදව අපුරු කාතවක් අපිට කීවේ ඔහු සේම ජීවිතය බේරා ගත් අයෙකි . එදා රාජිත් නොවෙන්න අපි කට්ටියම මිය ගොස් හුඟක් කල්ය යනුවෙන් ඔහු දිග හුස්මක් පිටකලේම දුරකථනය විසන්ධි කරමිනි. කෝමින් කෝම හරි මේ ජෝඩුවවම මරණයෙන් ගලවා ගන්නේ රාජිතය.හැබැයි මේ මේ වෙද්දුන්ට දැන් ඒවා අමතකය .
උන් දැන් අළුගෝසුවන්ගේ පාට් එක ඇට් කරන්නේ ඒ අමතක වීම නිසාය.හැබැයි පුතෝ ප්‍රවේශමෙන් ඔය පාට් දමාපල්ලා කියන්නට අපට සිදු වී තිබේ.හදිසියේවත් රාජපක්ෂ කාලකණ්නියන් බලයෙන් තොලොංචි වූ දවසක උඹලාට වැලිකඩ ජම්පර අදින්නට ඉඩ ඇති නිසාය.ඒ ලබන වතාවේ නම් හාල්පාරුවන් අල්ලාගෙන මීඩියා ගේම් ගසා නැවත අනේ අපි ශුද්ධෝධනලා කියන්නට රාජපක්ෂ කාලකන්නියන්ටත් චාන්ස් එකක් නොලැබෙන බව මේ කං කබරයන් දැන ගත යුත්තේය.