අපේ ගම් වහරේ කතා නිකම් කියා නැත, ඇත්තටම ඔබ තවමත් හොරාගේ තාත්තාගෙන් පේන අසා නැතිනම් ලංකාවේ මානව හිමිකම් කොමිසමට ගොස් පේනයක් අසා බලන්න. හරිම අපුරුවට කියනවා. ආටිය නාටිත් ඉදල හිටල කියලාම තමයි මේ පේනේ කියන්නේ හැබැයි දැන් ඉන්න එකා අම්මවත් විකුණන ජාතියේ බඩුවක් .
ලෝකයේ ස්වාධීන යැයි තනතුරු ඇතිකල සියල්ලම වදවී යන අකාරයෙන් ලංකාවේ වදවී ගියේ 2019 ජනාධිපතිවරණයේ විරුවා ගේ කෙරුමත් සමඟය දැන් ලංකාවේ මානව හිමිකම් කියා දෙයක් නැත .ඇත්තේ මැදමුලන ” සමයං කොමිසං “පමණි .වර්තමානයේ මානව හිමිකම් කොමසාරිස් ජගත් බාලසුරියයි. මොහු මුළුමනින්ම උග්‍ර දේශපාලනයේ නිරත රාජපක්ෂලාගේ අසුජි කුක්කෙකි. පරම්පරාවම රජපක්ෂලාගේ බලු කුක්කන්වී සිටින පවුලකි. ජගත් බාලසුරිය ගේ බිරිද කුමාරි බාලසුරිය ඇය හිටපු ආණ්ඩුකාරවරියකි. ජගත් බාලසුරිය ගේ පුත්‍රයා තාරක බාලසුරිය ගෝඨාභය ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙකි.ජගත් බාලසුරිය මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ජාතික උරුමයන් පිලිබද ඇමතිවරයෙකු ද විය.
එවන් පසු බිමකින් ජගත් බාලසුරිය රටේ රාජ්‍ය නිලධාරින් අතින් හෝ රජයෙන් පුද්ගලයන් ගේ මානව හිමිකම් කඩවීම පිලිබදව පැමිණිලි භාරගෙන ස්වාධීන විමර්ෂණයක් සිදුකරනු ඇතැයි යමෙකු සිතන්නේ නම් ඔහුව මොලේ අමාරුවක් තිබිය යුතුය.
ජගත් බාලසුරියට මානව හිමිකම් රැකදීමට පත් කලාට වඩා මොහුට පොහොට්ටු මංත්‍රිලා ගේ දේශපාලන විනය සැදීමට පාසැලක් ආරම්භ කර දුන්නා නම් එය ඉතාම හොදින් සිදු වනු ඇත. ඒ මොහු රාජපක්ෂලා ගේ ඉතාම සුවච කීකරු කුක්කෙකු නිසාය. දේශපාලන බුද්ධියක් ඇති ආචාර්ය වරයෙකි. මෙවනි රාජපක්ෂවාදින් රටේ ජනතාව ගේ මානව හිමිකම් රැකීමට පත් කිරීමෙන්ම ජනාධිපතිවරයා බලාපොරොත්තු වී ඇත්තේ සමස්ථ යාන්ත්‍රනයම දේශපාලනීකරනය කිරීමකි.






මෙවන් කොමසාරිස් වරුන්ට රටේ සල්ලි ගෙවනවා නම් ඊට අපේ විරුද්ධත්වයක් නැත. ඒ ජනතාවට පසු ගිය කාලයේ 19 වන සංශිධන්යෙන් දුන් ස්වාධීන කොමිසම් සභාවන් අවශ්‍ය නොවු බවට 2019 ජනාධිපතිවරණයේ ඡන්දවලින්ම පෙනි ගියේය. දැන් සියලලම උඩු යටිකුරු වී ඇත. මේ නිසාම ශ්‍රි ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට දී ඇති මානව හිමිකම් කඩ වී යැයි රටේ පුරවැසියාට කීමට තැනක් නැත.
ඒ මානව හිමිකම් කඩවු විට විමර්ෂණයට සිටින වුන් තනිකරම රාජපක්ෂලා ගේ අසුජි කුක්කන්ය . එහි ප්‍රථිලයන් පසු ගිය කාලය පුරාවටම රටේ ජනතාව අත් වින්දාය මදුෂ් ඝාතනය කිරීමට පැය 72 කට පෙර දැනුම් දීම , කොස්ගොඩ තාරක මරාදැමීමට පෙර නිතිඥවරයා විසින් දැනුම් දීම ,උරුජුවා මැරීමට පෙර ඒ බව දැනුම දීම යන මේවාට අමතරව විශාල පුද්ගලයන් පිරිසක් තම මානව හිමිකම් කඩවු බවට පැමිණිලි කර ඇතත් කිසි දවසක ගෝඨාභය රජයේ නිලධාරින්ට එරෙහිව කිසිදු පියවරක් නොගනු ඇත.
මෙය හොරා ගේ තාත්තා ගෙන් පේන් ඇසිමක් නොව හොරා ගේ තාත්තා කොමිසමේ සභාපති වීමකි.