උණුසුම් පුවත්

නළු බට්ටන් වෙන පොලීසියට පොලිස්පතිගෙන් බැරියර් එකක්

Spread the love

ශ්‍රී ලංකාවේ පොලීසිය පහුගිය දවස්වල සිනමා නළුවන්ට ඇඳ නිරෝධායන නීති කඩකරන ඇතැම් පිරිස් වලට හිතූමතයේ හිංසනයට හා පීඩාවට පත් වන ආකාරයෙන් දඩුවම් දෙන ආකාරය මාධ්‍ය වලට තළු මරන ප්‍රවෘත්ති විය.කොහෙන් හෝ කුණු රහ තැවරුණ ප්‍රවෘත්තියක් හොයන ගිජුලිහිණි මාධ්‍යකරුවන් හා එක්ව පොලිස් නිළධාරීන් සංවිධානාත්මකව ගෙන ගිය මේ විගඩම් නාඩගම රටේ පවතින නීතියට පටහැනි එකක් බව පෙන්වා දුන්නේ නීති ගරුක පුරවැසියන් හා සමාජ සංවිධාන අතලොස්සක් පමණි .ඒත් එම විරෝධතා හඬවල් එතරම් බරකින් සමාජගත නොවූ බවද අප නිරීක්ෂණය කළෙමු .සමා11ජ මාධ්‍යවල පොරවල් ලෙසට නාමකරණය වූ ඇතමෙකුට පොලීසිය යන එන මහපාරේ සිදු කළ මෙවැනි හිංසනයන් මාර ආතල් වැඩ විය.එහෙත් පොලීසිය සිදු කළ මෙම කැලෑ දඬුවම් අනුමත කළ හැක්කේ ශිෂ්ඨ සම්පන්න නොවූ ගෝත්‍රිකයන්ටම පමනක් බව ලංකා දවසේ විශ්වාසයි.ගෝත්‍රිකයන් ගේ ළිං මැඩි අධ්‍යාපනික දැනුම හා අවබෝධයේ තරමට මෙවැනිි හිංසනයන් සාධරණ ලෙස අනුමත කරන බවද අපි දනිමු එහෙත් ඒ තකතිරුවන් යමක හරි වැරැද්ද වටහා ගන්නේ තමන්ට හෝ තමන්ගේ පවුලේ එකෙකු එවන් ආකාරයේ බරපතල අසාධාරණයකට ලක් වූ දවසටය.නැතිනම් එවැනි හිංසාකාරී අත්දැකීමකට මුහුණදුන් විටය.එවන් අවස්ථාවක අනේ පොලීසිය අපට මෙහෙම කෙරුවෝ පොලීසියට එහෙම කරන්න පුළුවන්දෝ යැයි මරහඬ තලන්නේද එවුන්මය.එතැන් සිට මේ සෑම දෙනකුම කරන්නේ පොලිස්කාරයාගේ අම්මාගේ සිට කිරි අම්මා දක්වා ජාතකය සෙවීමය.කෙසේවෙතත් රටේ පවතින නීතියට පටහැනිව වරදකාරයෙකුට දඬුවම් පැමිණවීමේ බලයක් පොලිස් නිළධාරියෙකුට නැත.
ඇතැම් පොළිස් නිළධාරීන් පසුගිය දිනවල මාධ්‍ය කැමරා ඉදිරියේ සිනමා නළු චරිත වෙමින් සිදු කළ අනීතික හිංසනයන් ඉදිරියේදී සිදු නොකරන ලෙසට පොලිස්පති වරයා සියළුම පොළිස් නිළධාරීන් වෙත ලිඛිතව දන්වා තිබේ.මෙම නියෝග නොතකා කරන සෑම තරාතිරකම පොලිස් නිළධාරීන්ට එරෙහිව කටයුතු කරන බවටත් අදාල ⁣වැරැද්ද කළ පොලිස් නිළධාරීන් සේවයේ යෙදවූ පොලිස් ස්ථානාධිපතිවරුන්ට එම වරද පිළිබඳව ප්‍රතිපුරුෂ වගකීම පැවරෙන බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් එම ලිපියේ සඳහන් කර ඇත.
සැබෑවටම ශිෂ්ඨ සම්පන්න ජාතියක පැවැත්ම තහවුරුවන්නේ මෙවැනි නෛතික ක්‍රියා දාමයන් මත බව අපිි තරයේ විශ්වාස කරමු.

පොලිස්පතිතුමණි මේ ආචාරය ඔබටය….


Spread the love

Leave a Comment

You may also like