වෙනත්

නඩුකාරකම ගණිකා වෘත්තියේ යෙදවීම.

Spread the love

තාරක විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක ගේ ඝාතනය පිළිබඳව අපූරු තොරතුරක් ලංකා දවසට වාර්තා වී තිබේ.මේ තොරතුර  ශ්‍රී ලංකාවේ අධිකරණයේ ඇතැම් විනිශ්චය කාරවරුන්ගේ පිම්පි බව අනාවරණය කරණ අතරම අනෙක් පසින් කොන්ද කෙළින් තබා ගෙන ස්වාධීනව නීතියේ පෞරෂය බිඳ නොඳමන විනිසුරු වරුන් තවමත් සිටින බවට කරන හෙළිදරව්වකි.

මානව හිමිකම් කොමිස මේ හෙළුව….

පොලීසිය මගින් තම පුත්‍රයා මරා දැමීමට සැලසුම් කරමින් සිටින බවට දිගින් දිගටම ශ්‍රී ලංකාවේ  මානව හිමිකම් කොමිසම ඇතුළු  මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හා පුද්ගලයන් වෙත  කොස්ගොඩ තාරක ගේ මව වන ජානකී විජේසේකර ලිඛිතවත් වාචිකවත් අවස්ථා ගනනාවකදී දැනුවත් කර තිබේ.නීතිඥයන් දෙදෙනෙකු විසින්ද කොස්ගොඩ තාරක ගේ මව ගේ දුක්ගැනවිල්ල මානව හිමිකම් කොමිසම හා පොලිස්පතිවරයා දැනුවත් කර බව අනාවරණය වේ.
එහෙත්  ජේෂ්ඨ ⁣නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පෑලියගොඩ පොලීසීයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්ද ඇතුළු පොලිස් මාෆියා නඩයට කොස්ගොඩ සුජී වෙතින් ලැබෙන ලැබෙමින් තිබෙන කප්පම්  ප්‍රතිපාදන ඒ දැනුවත් කිරීම් වලට වඩා ප්‍රබලය.මේ පොලිස් මාෆියා කණ්ඩායම ජනපති නන්දසේන හා ආරක්ෂක ලේකම් අම්බරුවන්ට අන්දා අවසන්ය.ඔවුන් ජනපතිවරයා⁣ට හා ආරක්ෂක ලේකම්වරයාට පෙන්වන චිත්‍රයට වඩා සාහසික ගණුදෙනු මෙම පොලිස් ඝාතන පිටුපස තිබේ.පොලිස් මාෆියාවේ මෙම  බිහිසුණු ක්‍රියා කළාපය අනාගතයේදී පොදුජන පෙරමුණු රජයට විශාල අපකීර්තියක් අත් කර දෙන බව ලංකා දවස වගකීමෙන් සදහන් කර සිටිමු.
අගවිනිසුරුු පදවිය දේශපාලන පිම්පි රූකඩයක්……..
පොලිස් මාෆියාව මගින් බන්ධනාගාර ගත කොට ඇති පාතාලයන් ඝාතනය කරන සැළසුම් සහගත වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ අදියරෙන් අදියරටය.ප්‍රථමයෙන් බන්ධනාගාරගත කොට සිටින සැකකරු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගැනීම සිදු කෙරේ.මේ සඳහා උපකාර කරන්නේ විනිසුරු වෘත්තීය චීත්ත අඳින ගණිකාවකගේ ස්වරූපය කර ගෙන  සිටින දේශපාලනික ඕනෑ එපාකම් අනුව නැටවෙන විනිසුරෙකි.
⁣බන්ධනාගාරගත සැකකරුවන්ගේ ආරක්ෂාව වගකීම පැවරී ඇත්තේ ගරු  අධිකරණයටය.එහෙත් පොලිස් මැර මාෆියා කරුවන් හා  පිම්පි විනිසුරුවන් සහ සම්බන්ධයෙන් සිදු කරමින් පවතින මෙම සාහසික ක්‍රියාවලිය අගවිනිසුරු මැදිහත්ව වහා නවත්වා ලිය යුතුව ඇතත් එය සිදු නොවන්නේ ජාතියේ අවාසනාවටය.⁣සැබැවින්ම ශ්‍රී ලංකාවේ වත්මන්  අගවිනිසුරු ද   මෙම සාහසික ඝාතනයන්ට අත් උදව් සපයන සීතල සයිමන්  පන්නයේ දාමරිකයෙක් විය  හැකි යැයි සැක සිතෙන තරමේය  එසේ නැතිනම් ශ්‍රී ලංකාවේ පොලිස් මාෆියාව මගින් සිදු කරන මෙම සාහසික මනුෂ්‍ය ඝාතන ගැන අගවිනිසුරු සොයා බලා වගකීමෙන් කටයුතු කටයුතු කළ යුතුමය.එහෙත් සිදු නොවන්නේද එයමය.කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ අගවිනිසුරුු පදවිය දේශපාලන පිම්පි රූකඩයක් බවට පත් වී හමාරයැයි සිතෙන්නේ ඒ නිසාය.
බන්ධනාගාර ගත පාතාල සැකකරුවන් වැඩිදුර ප්‍රශ්ණ කිරීම සඳහා පොලීසිය භාරයට ගන්නා පාතාල සැකකරුවන් සතු බැංකු ගිණුම්වල ඇති මුදල් හා සඟවා ඇති රත්තරන් පොලිස් මාෆියා කරුවන් ලබා ගැනීම සිදුකරයි.එම සැකකරුගේ බැංකු ගිණුම් වල ඇති ස්ථාවර ගිණුම් පොලිස් ලොක්කන්ගේ ස්ථාවර ගිණුම් වලට බැරවේ.මේ සියලු බිස්නස් අවසන් වූ විට පාතාල සැකකරුගේ ඉරණම තීන්දු කෙරේ.
බලපිටිය මහේස්ත්‍රාත් වරයා ඝාතන සැලැස්ම ප්‍රතික්ෂේප කිරීම…..
අනතුරුව මෙම ඝාතනය සිදු කිරීමට උචිත අධිකරණ පොලිස් බල ප්‍රදේශය තෝරා ගැනේ.එහිදී මෙම ඝාතනය සිදුකිරීමට අදාල විනිසුරුගේ උපදෙස් ලබා ගැනීම සිඳු කෙරේ.ලංකා දවස චීත්ත අඳින  පිම්පි ගණිකාවන්  ලෙස හඳුන්වන්නේ මෙවැනි පොලිස් මාෆියා කරුවන්ට නීති විරෝධී ඝාතනයන්ට අත් උදව් සපයන  විනිසුරුවරුන්ය.
අප දැන් කොස්ගොඩ තාරක ගේ ඝාතනය සිදු වූ ආකාරය අනාවරණය කරමු.පොලිස් මාෆියා කාරයන් ගේ සැලසුම වූයේ බලපිටිය අධිකරණ බල ප්‍රදේශයේදී තාරක ඝාතනය කර දැමීමමටය.ඒ සඳහා පෑලි⁣යගොඩ පොලිස් ස්ථානාධිපති මහින්ද බලපිටිය මහෙස්ත්‍රාත් වරයා හා සාකච්ඡා කොට තිබේ.
 මේ  සාකච්ඡාව සම්බන්ධීකරණය කර ඇත්තේ බළපිටිය අධිකරණයේ  මහේස්ත්‍රාත් වරියක ලෙස කටයුතු කළ පෑලියගොඩ ස්ථානාධිපති හා අනියම් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන විනිශ්චයකාරවරියෙකි.එහෙත් එක හෙලාම බලපිටිය මහේස්ත්‍රාත් වරයා පොලිස් මාෆියාවේ මේ සාහසික ඝාතන සැළසුම ප්‍රතික්ශේප කොට ඇත.මෙම ඝාතන වැඩපිළිවෙල සඳහා මීරිගම අධිකරණ බල ප්‍රදේශයේ මහේස්ත්‍රාත් වරයාගේ අනුමැතිය ලබා ගෙන ඇත්තේ අනතුරුවය.
ශ්‍රී ලංකාවේ නීතිය වල්වැදුන  ඛේදවාචකයක් බවට පත් වී ඇති බව මෙම ක්‍රියා දාමයන් වෙතින් තහවුරු වේ.
දේශපාලන පත්වීීීම් ලැබූ පිම්පි විනිසුරු වරුන් විනිශ්චාසනය මත සිටින තුරු පොලිස් මාෆියා කල්ලිද නිල මංකොල්ලකරුවන් ලෙස යහතින් වැජඹෙුනු ඇත්තේය.

 

 

 


Spread the love

Leave a Comment

You may also like