ඒකට ලංකාවේ. වැරදි කරු නොවුනත් වැරැද්ද පිලිගෙන දඩය ගෙවලා එන්න ඕන. තමා නිවැරදි බව ඔප්පු කරන්න විසි තිස් වතාවක් උසාවි යන්න ඕන. ඒ යනකොට ප්‍රොක්ටර්ට ගාස්තුව හැමදාම දෙන්නයි. බස් වියදම්, වැඩපල පාඩු කරගෙන උසාවි ගානේ රස්තියාදු වෙන්නේ මොකටද. ? උසාවියේදි වැරදි කරුද ? නිවැරදි කරුද අහනවා. එයට දෙන පිලිතුර අපි ප්‍රොක්ටර්ට කලින්ම පවසා තිබ්බම ඔහු එය නඩු කාර තුමාට පවසනවා. එතුමා දඩය සදහා මිල නියම කල විට තෝල්කයා විසින් එය හඩනගා කියනවා. හැබැයි අපට පොලිසියෙනුත් කියනවා වරද පිලිගනින්. එකපාරින් ඉවරයි එතකොට කියනවා.
නඩුකාරතුමා මිනිස්සු එක්ක කතා කරනවා තියා එයාගේ කටහඩවත් අපට ඇහෙන්නේ නැහැ. මේ වීඩියෝ එකේ ඉන්න විනිසුරුතුමා සුහදව කතා කරන විදියට අපේ විනිසුරුතුමන්ලා ගෙදරදිවත් ඔහුගේ පවුලේ උදවියට කතා කරනවද මන්දා. ?ඒ උනාට මහජනතාවගෙන් නම් උපරිම විදියට ගරුකරන්න ඕන කියලා බලාපොරොත්තු වෙනවා. අඩුම ගානේ උසාවිය තුල කැස්සක් ආවත් බඩුම තමා. අපිත් ඉතින් වැරදි කරු නොවුනත් දෙකට තුනට නැමිලා ගිහින් “වැරදි කරු ස්වාමීනි “කියා වරද්ද පිලිගෙන කන කර උකස් තියලා හරි දඩේ ගෙවලා අම්මා මතක් කර කර දෙවියන්න්ට යැද යැද ගෙදර එනවා.අපේ රටේ නීතිය තනිකරම මුදල් ගනුදෙනුවක් පමනයි. අවවාද කිරීම් නැත.
සමාජ ජාලය ඇසුරෙන්….චාමර කුමාර සිරිවර්ධන ගේ ඉතාම අගනා අදහස.