උණුසුම් පුවත්

සල්ලි වලට ආත්මය පාවදීමේ මාධ්‍ය කලාව – “සිරසත් ” කොල්ල  කල්ලියේ ග්‍රහණයට.

Spread the love

ලංකා ඉතිහාසයේ කිසිදවසක අප නොදුටු මීඩියාකරුවන්, අද හමීඩියා තත්වයට පත්ව, රටේ ජනතාවට විකාර රූපී ඇදුම් ඇන්දවීමේ අළුත්ම කලාවක් ජාතියේ අවාසනාවට බිහිව ඇත. ඇත්ත බොරුව ලෙසත් බොරුව ඇත්ත ලෙසටත් සමාජ ගතකිරීමේ තරඟයක් අද හමීඩියා කරුවන් අතරම ඇති බව ප්‍රධාන නාලිකා බැලීමේදි මනාව පෙනි යයි.

රටේ ජනාධිපති ප්‍රධාන පවතින ආණ්ඩුව කප්පරයක් කිවු බොරු සියල්ලම අද ඇවිදවීමට සිදුව ඇත්තේ හමීඩියා කරුවන් මසා අන්දන වර්ණවත් ඇදුම් මතිනි. ඊට ජනාධිපති ප්‍රධාන චෞරයන් දැන් අපුරු නිර්මාන කරුවන් සමාජයෙන්ම තෝරා ගෙන ඊට රටේ ජනතාව ගෙන් කොල්ලකන මුදල් වලින්ම උන්ට වැටුප් ගෙවීමේ නින්දිතකමක් තවත් නැත.

ඊට අතගසා ඇත්තේ නිස්සංක සේනාධිපති නැමති කූටප්‍රකාර චෞරයාය. ඒ මේආණ්ඩුවේ පැවැත්ම නොමති වුවහොත් ඔහුන් ගේ සියළු නිතිවිරෝධි ක්‍රියාකාරකම් වලට ගෙවන්න වෙන වන්දියේ තරම උන් දන්න නිසාම එකි,මෙකී,නොකී, සියළුම ඇදුම් ආයිත්තම් අන්දවා දැන්  බොරුව සමාජ ගත කලයුතුමය. ඒ නිසාම ඔවුන් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ලෙසට සුදේව හෙට්ටිආරච්චිත් ඉන් නොනවතුන ඔවුන් ලංසු තැබුවේ මේ වනවිට ඇත්ත ඇති සැටියෙන්ම ජනතාවට කියන සිරසේ කිංස්ලිටය .

ඒ රජයේ වැටුප උපරිම රුපියල් 50,000 ක් වුවත් සුදේවට සේම කිංස්ලිටත් කොල්ලකරුවන් ජනතාවගෙන් කොල්ලකන මුදලින්ම  ඉතුරු ලක්ෂගාන ගෙවනු ඇත. සුදේව ගැන කීමට කිසිත් නැතත් කිංස්ලි වැන්න වුනුත් රාජපක්ෂලා ගේ සල්ලි ලඟ දණ නමනවානම් මිඩියාකරුවන් ගේ හමිඩියා වැඩ ගැන තවත් මොන කතාද ….? කිංස්ලිලාත් චෞරයන් ගේ ළඟ දනින්වැටී අසුජි කෑමට සුදානම් වෙනවා නම් රටේ තවත් නිර්දේශපාලනික හා ඇත්ත ඇති සැටියෙන් දකින උන් ගේ හිඟයක් පවතිවි.

ඒ නිසාම සිරසත් තවත් නොබෝදිනකින්ම රාජපක්ෂලා ගේ සියළු ගේම් අනුමත කරමින් පුවත් නිර්මානය නොවෙනු ඇතැයි රටේ ජනතාවට විශ්වාස කල හැකිද ..?

එදා ඉන්දියාවේ සිටි අබ්දුල් කලාම් ජනාධිපතිවරයා කීවේ…..” ඇත්තට” එලිමහනේ ඇවිද යා හැකි වුවත් බොරුව සෑම විටම වත්‍රයකින් සැරසී සිටිය යුතුය. “ ඒ නිසාම ඔවුන් පුද්ගලයන්ට ලංසු තබනවා ඇත.


Spread the love

Leave a Comment

You may also like