මෝඩ සිංහලයනි……………ඔබ මේ කරන සෑම පහර දීමකින්ම අපේ මුස්ලිම්වරුන් අයි.එස්.අයි.එස් සංවිධානයට තල්ලු කරනවා……..!!

අන්තවාදී තිරිසන් සංවිධානයක් වු ISIS සංවිධානය මේ වනවිට සමස්ථ් ලෝකයටම පිලලයක්. වසර 30ක දරුණු යුද්ධයෙන් මියගියේ අපේම රටේ අපේම මිනිස්සු බවවත් වසර 30ක් ගිහින්වත් අවබෝධ නොකරගත් ජාතියක් .

මේ වනවිට ඇමරිකාව ,බ්‍රිතාන්‍ය ජර්මනිය ,ප්‍රංශය, නෙදර්ලන්තය ,ඉන්දියාව,පාකිස්තානය,බංගලිදේශය ඇෆ්ගනිස්තානය වැනි ලෝකයටම තර්ජනයක්බව මුලින්ම අපි අවබෝධ් කරගත් යුතුය.

අපේ මගුලට මරණයට එන අපේම සහෝදර මුස්ලිම් ජනතාවට පහරදී දේපල විනාශ කොට ඔබ හිතනවානම් ලංකාවේ අන්තවාදී ISIS ත්‍රස්තයන් අවසන් කිරීමට,  ඔබ ඒ කරන්නේ 1983 කාලක්න්නි ජුලි මාසේ සිදුකල දේමයි.

ශ්‍රි ලාංකිකයනි………මේ ත්‍රස්තවාදීන් පහර දෙන්නේම සිංහලද ,කතෝලිකද ,ක්‍රිස්තියානිද කියා සොයා බලා නොව උන්ගේ පරමාරථය ඕනෑම රටකට ජාතික වශයෙන් පහරදී විශාල මිනිස් සංහාරයක් ඇතිකොට ඒ තුලින් මතුවන ප්‍රකෝපය තුලින් ඒ රටේ බහුතර ජන්තාව ගෙන් සුලු ජන කොටසවලට පහර දී ඒතුලින් තම සංවිධානයට මිනිසුන් බදවා ගැනීම ඒකායන අරමුණ බැව දෙයියන්නේ නාමයෙන් සිතට ගන්න.

ඇමරිකාවම පෝෂණය කල බින්ලාඩන්ලා, අබුබකර් අල්-බගඩ්යි (වර්තමාන ISIS නායක ) දැන් ඒරටටම දැඩිතර්ජන්යක්වී ඇත.

බංගලිදේශය ,තුර්කිය ,මුලුමනින්ම මුස්ලිම් ආගමිකයන් ජීවත්වෙන දැඩි ආගමික නැබුරුවක් ඇති රටවල්ය. ඒත් මේ වන්විට මේ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරවලට ලක්වු රටවල්ය.

එසේ නම ඔබට දැන්වත් පැහැදිලි වන්වාඇති මේ මුලධර්මවාදී කාලක්න්නි ත්‍රස්තයන් කුමක් අරභයා කුමන රටකට පහර දෙනවාදැයි නොදනී.

පාකිස්තානය මුලුමනින්ම අල්ලා දෙවියන් අදහන මුස්ලිම් රටකි. එසේනම් පාකිස්තාන් යේ බෝම්බ තබා මරාදමන් නේ මුස්ලිම් ජාතිකයන්මය .මුන් ගේ මුස්ලිම් ආගම හින්සාකාරි කාලක්න්නි ආගමකි ඒත් අරාබියට පවා අද තර්ජන්යක්ව ඇති මේ දැඩි මතධාරි මුස්ලිම් අන්තවාදීන් වෙතට මුස්ලින් ජන්තාව යවනවාවෙනුවට අප කලයුත්තේ අපේ රටේ මුස්ලිම් ප්‍රජාව අපේත් එක්ක එකට ජීවත් විය හැකි වටපිටාවක් සාදා ගැනීමය.

ප්‍රභාකරන්ට පිරිස් බලය ලබාදුන්නේ කාලකන්නි සිංහලයන්මය. ඒ 1983 කළු ජුලිය හරහාය 1983 ජුලි අහිංසක දෙමල මිනිස්සුන්ට පහර නොදී ඒ දෙමල මිනිසා අපේ ලඟට ගත්තානම් කවදාවත් 30 වසරක් නොව ප්‍රභාකරන්ට වසරක්වත් යුද්ධ කිරීමට බැරිව දෙමල මිනිහාම ඔහුව අල්ලා දෙනබව සහතිකය.

ඒත් අපේම කාලකන්නියන් දෙමල මිනිහාට පහර ප්‍රභාකරන්ට ඔනි පිරිස්බලය සපයා දුන්නේත් අපිමයි.

ලෝකයේ බලගතුම රටවල් අද මේ කාලක්න්නි මිලේච්ච අන්තවදීන් දෙයියන් ගේම තුරුල්ලට යවමින් ඒකරාශිව කරන මෙහෙයුම් වලින් උන් ගේ පිරිස් බලය ,ආයුධ බලය හීන වෙමින් තිබෙන මොහොතක උන් පසුවේ.

එවන් මොහොතක අපිම නැවතත් උන්ට ඔනි පිරිස් බලය සාදා අපේ දරුවන් උන්ට බිලි දෙනවාදැයි මොහොතක් සිතන්න.

කාලක්නියන් දේපල කොල්ල කෑම අරභයා කරන මේ ක්‍රියාවෙන් සිදුවන්නේ අපේ රටත් ,අපේ උපන් නුපන් දරුවන්ටත් මෙහි ඵල විපාක විදීමට සිදුවීම පමණයි.

දැන් අපි කල යුත්තේ අපේ උන්ට අපි පහර ගසා උගේ එක කඩා ගැනීම නොව උන්ව කොටුකර ගැනීමට අපේ මුස්ලිම්වරු අපේ ගොඩට ගෙන සතුරා හදුනා ගෙන ඒ සියල්ලම උන්ව නිතිය හමුවට ගෙන ඒමයි.

අද ඔබ මුස්ලිම් මනුෂයා ගේ දේ විනාශ කිරීමට ගහන් ගල් කැටයක් පාසා ඔබ කරන්නේ ඔබටත් ඔබ උපන් රටටත් ද්‍රෝහිකමක් බව ඔබට වැට හෙන්නේ තවත් වසර ගන්නාවකින් බව මත තබාගන්න. ඒ නිසාම ආවේගයට නොව බුද්ධියෙන් මේ දෙස බලන ඔබට සිහිය පහල           වේවා  ……..!!!!

අජිත්…

Be the first to comment on "මෝඩ සිංහලයනි……………ඔබ මේ කරන සෑම පහර දීමකින්ම අපේ මුස්ලිම්වරුන් අයි.එස්.අයි.එස් සංවිධානයට තල්ලු කරනවා……..!!"

Leave a comment

Your email address will not be published.


*