Spread the love

ශ්‍රී ලංකාව සුනාමි ඛේදවාචකයට ගොදුරු වූ අවස්ථාවේ ගාල්ල දඩල්ල ප්‍රදේශයේ සංචාරක නවාතැන් පොළක ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට් කෝල්ද රැඳී සිට තිබුණි.ඒ අවස්ථාවේ ජර්මන් රාජ්‍යයේ මැදිහත් වීමෙන් හෙල්මුට් කෝල් රැගෙන යාමට හෙලිකොප්ටරයක් ගාල්ලට එවන ලද මුත් ඔහු එහි යාම ප්‍රතික්ශේප කරන ලද්දේ සුනාමි විපතින් අසරණ වූ ජනතාවට උපකාරී වීම සඳහාය.එහිදී ඔහු සුනාමි ඛේදවාචකයෙන් විනාශ වූ ජනතාවට පිහිට වෙමින් ගාල්ල අවට විනාශ වූ නිවාස සුන් බුන්  අස් කිරීමට පවා දායක විය.මේ වටපිටාවෙි පිහිටා තිබුණ ගාල්ල මහ මෝදර මාතෘෘ රෝහළට වී තිබුණු විනාශය දුටු හෙල්මු⁣ට් කෝල් එය වෙනත් ප්‍රදේශයක ඉඳි කිරීමට කෝටි 800 ක මුදලක් මෙරටට ප්‍රදානය කිරීමට මැදිහත් වීම සුවිශේෂී සිද්ධියකි.එම මාතෲ රෝහළ කරාපිටිය ප්‍රදේශයේ ඉඳි කිරීමට භූමි භාගයක් වෙන් කෙරිණි.

කෙසේ වෙතත් මේ සිද්ධියට සම්බන්ධ හෙල්මුට් කෝල් ගේ හැසිරීම හා සුනාමියට මුහුණ දුන් අපේ දේශපාලඥයකු පිළිබඳව නොදන්නා අයට දැන ගැනීම සඳහා අතුරු කතාවක්ද  මෙහි සටහන් කළ යුතුය.

ඒ වර්තමානයේ රජයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන බන්දුල ගුණවර්ධන පිළිබඳවය.ඇමති බන්දුල ගුණවර්ධන සුනාමිය අවස්ථාවේද මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ ඇමතිවරයෙකි. ඔහු හා ඔහුගේ දරු පවුල සුනාමිය අවස්ථාවේ විනෝද  සංචාරයකට ගොස් සි⁣ටියේ මඩකලපුව මුහුදු තීරයේ සංචාරක හෝටලයකය.

සුනාමියට බන්දුල ගුණවර්ධන හා ඔවුගේ දරු පවුල සංචාරක හෝටලයද ගොදුරු වී තිබුණි.බන්දුල ගුණවර්ධන වහාම ගුවන් හමුදාවට කතා කර හෙලිකොප්ටරයක් මඩකලපුවට ගෙන්වා ගෙන සිය දරු පවුල සමග කොළඹට පැන ගත්තේය.හෙල්මුට් කෝල්ගේ මානව හිතවාදී ආදර්ශය හා මෙරට චප්ප චපිරි තක්කඩි මූසල දේශපාලඥයකු අතර පවතින වෙනස ඉන් වටහා ගත හැකිය. 

කෙසේ වෙතත් එතැන් සිට මෙරට දේශපාලනයේ උදාසීනකම හා නොසැලකිලිමත් කම නිසා එම මාතෘෘ රෝහළෙහි ඉඳි කිරීම සිඳු වූයේ ඉතා සෙමිනි.අවුරුදු ගණනාවක් ඉඳි කිරීම් කරන ලද මෙම මාතෘෘ රෝහළ පසුගිය මාර්තු 27 වන දින ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ජනතා අයිතියට පැවරිණි.

ජනපතිවරයාගේ උපදෙසින් සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ සිඳු කළ වීර ක්‍රියාවක් ලෙස මෙම මාතෘෘ රෝහළ විවෘත කෙරුණ බවට රජයේ කුලියට ලියන්නන් ගේ  මාධ්‍ය වාර්තා කිරීම විය.රජයේ දේශපාලඥයන් ඇතුළු මේ සියලු කාපාලුවන් විසින් එම මාතෘෘ රෝහළ ඉඳි කිරීමට පදනම දැමූ හෙල්මුට් කෝල් නම් මානව හිතවාදී මිනිසා අමතක දමන ලදී.  

මේ සිද්ධියෙන් තහවුරු වන්නේ රනිල් වික්‍රමසිංහ අනුන්ගේ දරුවන්ට තමන්ගේ පීතෘත්වය සඳහන් කර උප්පැන්න ලියන්නට හපන් ජාතියේ පොරක් බවය.සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ යනු අප්පාගේ වාසගමින් බැබලෙන්නට හදන ජාතියේ වල් එඬරු ගසකි.අප්පා දේශපාලනයේ යමක් කමක් කළ පුද්ගලයෙක් වූවාට මේ හාදයා තමන්ගේ දොස්තර කමවත් හරියට කරන්න දන්නා අයෙකු නොවේ.

ජර්මුනියේ හිටපු චාන්සලර් හෙල්මුට් කෝල් ගේ හෘදයාඟම මානව හිතවාදී කම සදාතනික ස්මාරකයක් ලෙස ගාල්ල කරාපිටිය මාතෲ රෝහළ පදනම තුළ ලියවී තිබියදී අපේ දේශපාලඥයන්ගේ කෙළෙහිගුණ නොදන්නා අපත අකෘතඥ බව ගැන අපට ලියන්නට ඇත්තේ තුක් නොදකින් කියාය.


Spread the love

You may also like