ලෝකයම බලාසිටින ශ්‍රි ලංකාවේ නඩු තීන්දුව……..

මේ වනවිටත් රටක් දේශපාලිනිකව හා අර්ථිකව විශාල අර්බුදයකට ඇද දැමු ජනාධිපති මෛත්‍රිපාල දැන් එය අපස්සට හැර වීමට නොහැකිව සිටී.

රටක අගමැතිවරයකු ,ආණ්ඩුවක් තිබියදී ව්‍යවස්ථා විරෝධීව තවත් අගමැති වරයකු පසුගිය 26 වන දින පත්කලාය.

මේ පත්විම මුළු මනින්ම ව්‍යවස්ථා විරෝධි බව පාසැල් වයසේ ළ්මුන් පවාදන්නා දෙයකි. ඒ මන්ද රටකට අගමැති වරයකු සිටියදී තවත් කිසිවකු පත් කරන්නේ නම් ඒ සද හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන ජනාධිපති විසින් අනුගමනය කලයුතුය.

එහෙත් මෛත්‍රිපාල ව්‍යවස්ථාව ගැන කිසිදු තැකීමක් නොකොට 2015 වසරේදී බලයෙන් පහකල මහිද රාජපක්ෂව නැවත් අගමැති ලෙසට මෛත්‍රිපාල පත් කිරීමම ඔහු සිය තනතුරෙ වගකීම හා ව්‍යවස්ථාව හිතාමතාම උල්ලංගනය කොට ඇත.

මේ පිලිබදව එක්සත් ජාතික පෙරමුණ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරමින් ජනාධිපති ගේ මේ අත්තනෝමතික ක්‍රියාව වැරදි බවත්, එසේම එය මුලික අයිතිවාසිකම් කඩවීමක් බවත් කියා මේ වන විට නඩු පවරාඇත.

මෙම නඩුව අගවිනිසුරු නලීන් පෙරේරා, සිසිර ආබෘ,ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන,බුවනෙක අළුවිහාර, විජිත් මලල්ගොඩ, හා මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුන් මේ සදහා නම් කොට ඇත.

මේ වනවිටත් ලෝකයේ බොහොරටවලින් මෙ නඩුතින්දුවේ ස්වාධීනත්වය පිලිබදව දැඩි අවධානයෙන් පසු වේ.

එසේම මෛත්‍රිපාල හා රාජපක්ෂ මේ වනවිටත් උපරිමාධිකරණයට විවිධාකරව බලපෑම එල්ලකරමින් සිටි. එහෙත් අධිකරණය ඉතාම ස්වාධීනව හා දැඩි අවධානයකින් යුක්තව මේ පිලිබදව මේ වනවිටත් විභාග කොට තීන්දුවක් දීමට සියල්ලම දැන් සුදානම් ව පවතී.

එහෙත් එම තීන්දුව ( 7 )වනදින හෙට ලබානොදෙන අතරම එය සදුදා (10 ) ලබාදීමට සුදානම වන බව දැන ගැනීමට ඇත.

Be the first to comment on "ලෝකයම බලාසිටින ශ්‍රි ලංකාවේ නඩු තීන්දුව…….."

Leave a comment

Your email address will not be published.


*