වෙනත්

“නියතයි ජය” උදෘතයේ සැබෑව තහවුරු කරමින් විශේෂ කාර්ය බලකායට වයස වසර 40 යි

Spread the love

“….අප ඔබට ලබා දෙන්නේ ඉතා දුෂ්කර වෙහෙසකාරී පුහුණුවක්.දැඩි ආත්ම විශ්වාසයකින් කැපවීමකින් ඒ පුහුනුවීම් කළ යුතුයි.අප ලබා දෙන ඒ පුහුණුව නිසියාකාරව ලබා ගතහොත් ඔබ යුදබිමේ වීරයන් වන බව නිසැකය…”

ඒ පොලිස් ⁣විශේෂ කාර්ය බලකායේ පළමු පුහුණු කඳවුරට එක්ව සිටි නිළධාරීන් අමතා බ්‍රිතාන්‍ය යුද විශේෂඥ ටොම් හේග් කළ ප්‍රකාශයයි.ටොම් හේග් පොලිස් විශේෂ කාර්ය බලකාය පුහුණු කිරීමේ බ්‍රිතාන්‍ය යුද පුහුණු කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කෙරුවේය.
උපපොලිස් පරීක්ෂක වරුන් 48 දෙනෙකු සහ සැරයන් වරු 12 දෙනෙකුගෙන් සමන්විත වූ එම පළමු කණ්ඩායම සිය පුහුණුවීම් අරඹන ලද්දේ කටුකුරුන්ද කඳවුරේදීය.එම පුහුණුවීම් ඇරඹූ පළමු දවසේදී පැවැති විශේෂ උත්සවයට ජාතික රහස් තොරතුරු ඒකකයේ අධ්‍යක්ෂවරයා ව⁣ශයෙන් කටයුතු කළ ඡෙ.පො.අධිකාරී මෙරිල් ගුණරත්න ,එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ සහකාර⁣ පොලිස් අධිකාරී ශර්නි විජේසූරිය ,කළුතර පොලිස් අභ්‍යාස විද්‍යලයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඩොනල්ඩ් මෙන්ඩිස් සහභාගි වූහ.
පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්තව මෙම අර්ධ මිල්ටෙරි බලකාය බිහිකිරීමේ පුරෝගාමියා වූයේ හිටපු ජනපති ජේ.ආර්.ජයවර්ධන ගේ පුත්‍රයා වූ රවි ජයවර්ධනය.
පොලිස් විශේෂ කාර්ය බලකාය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන්  පසු කාලයකදී රවි ජයවර්ධන මෙසේ පවසා තිබුණි.
” මට අවශ්‍ය වෙලා තිබුණේ ඕනෑම සතුරු ආක්‍රමණයකට මුහුණ දීමට හැකි අති දක්ෂ නිළධාරීන්ගෙන් සමන්විත වූ සුවිශේෂී ඒකකයක් පිහිටුවීමටයි.ඒ සඳහා මා අවශ්‍ය සියලුම දේට මැදිහත් වුනා.ඕමානයේ පොලිස්පතිවරයාත් මාත් අතර එදා බොහොම කිට්ටු මිත්‍රත්වයක් පැවතුනා.ඕමාන් පොලිස්පති වරයාගේ මාර්ගයෙන් තමයි මා බ්‍රිතාන්‍ය යුද විශේෂඥයන්ගේ සහාය ලබා ගත්තේ.බ්‍රිතාන්‍ය එස්ඒඑස් යුද පුහුනු ආයතනයේ හිටපු යුද විශ්ෂඥයන්ගෙන් සමන්විත කීනි මීනි ආරක්ෂක සේවාවේ නිළධාරීන් පිරිසක් ලංකාවට ගෙන්වා ගෙන විශේෂ කාර්ය බලකාය පුහුණු කිරීමට මා කටයුතු කෙරුවා…”
පුහුණුවේ ආරම්භයේදී පලමු සති දෙකක කාලය ශරීර යෝග්‍යතා පුහුණුවීම් වල නිරත වූ කණ්ඩායම පසුව දැඩි වෙහෙසකර පුහුණුවීම් වල කටයුතු අරඹන ලදී.ප්‍රභූ දේශපාලඥයන්ට ආරක්ෂාව ලබා දීම,ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම ආදී විෂයන් බ්‍රිතාන්‍ය යුද විශේෂඥයන් යටතේ කණ්ඩායම පුහුණු කෙරිණි.ඊට අමතරව යුද පිටියේ භාවිතා කරන භූමි උපක්‍රම ,කැරලි මර්දනය සිතියම් කියවීම,විවිධ ආයුද භාවිතය ,රාත්‍රී කැලෑ සටන් ක්‍රම හෙලිකොප්ටර් යානා වලින් බිමට පැන සතුරන්ට ප්‍රහාර එල්ල කිරීම වැනි අතිශය භයානක අවදානම් සහිත ක්‍රියාදාමයන් පිළිබඳව ප්‍රායෝගික පුහුනුවක් විශේෂ කාර්ය බලකාය වෙත ලැබුණි.
මාස 3 1/2 ක කාලයක් කටුකුරුන්ද කඳවුරේ මෙම පුහුනුව  ලැබූ පළමු කණ්ඩායම සිය මූලික අදියර අවසන් කලේය.මෙම පුහුණුවේදී පුහුණුව ලැබූ එක් නිළධාරියකු ගිණි අවියකින් උණ්ඩ 7000 කට අධික ප්‍රමාණයක් වෙඩි තබා තිබුණි.
විශේෂ කාර්ය බලකායේ පලමු බල ඇණියේ නිළධාරින් විසිර යාමේ පෙළපාලිය කටුකුරුන්ද කඳවුරේ පැවැති අතර එයට රවි ජයවර්ධන හා ආරක්ෂක ලේකම් සේපාල ආටිගල සහභාගි වූහ.
විශේෂ කාර්ය බලකායේ නිළධාරී කණ්ඩායමක්  දෙමල සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාත්මක වන උතුරු නැගෙනහිර භූමිය නිරීක්ෂණය කිරීමට යෙදවිනි.පසු කාලයකදී විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්ට ඊශ්‍රායලයේ විශේෂ යුද පුහුනුවක් ලබා දීම සඳහා රවි ජයවර්ධන මැදිහත් විය.ඒ සඳහා ඔහු තම මිතුරකු වූ ඊශ්‍රායල් අගමැති වරයා හරහා ඒ අවශ්‍යතාව සපුරාගන්නා  ලදී.ඒ වනවිට ඊශ්‍රායල් තානාපති කාර්යාලයක් පවා මෙරට නොතිබුණි.එවැනි සම්බන්ධතාවක් පැවත්වීම ඉන්දියාවේ විරෝධය⁣ට හේතු වන බව රවි ජයවර්ධන දැන සිටියේය.මේ හේතුව නිසා විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් ඉතාම රහසිගතව ඊශ්‍රායාලයට යැවීම අවශ්‍ය විය.මේ සඳහා විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂක වරු දස දෙනෙකු තෝරා ගෙන තිබුණි.මෙම පිරිස කෘෂිවිද්‍යා පාඨමාලාවක් සඳහා ඊශ්‍රායාලයට යන බව ප්‍රචාරය කරමින් හොර රහසේම පුහුණුව සඳහා යැවීමට රවි ජයවර්දන කටයුතු කෙරුවේය.මෙම කණ්ඩායමට උප පොලිස් පරීක්ෂක වරු වන කේ.එම්.ජයවීර,රවි සෙනෙවිරත්න,උපුල් සෙනෙවිරත්න ,උපාලි මන්නායක,උපාලි සිල්වා ,කපිල ජයසේකර,රොෂාන් ප්‍රනාන්දු,ඒ මද්දුම බණ්ඩාර,රොහාන් සිල්වා,උපාලි සහබන්දු  එක්වී සිටියහ.
මෙසේ ඇරඹුන පොලිස් විශේෂ කාර්ය බලකාය වර්තමානයේ පොලිස් දෙපාර්තමේන්තුවේ විනය ගරුක හා දීප්තිමත් ආයතනය ලෙස සිය කාර්ය භාරය මව්බිම වෙනුවෙන් ඉටු කරමින් සිටී.පොලීසියේ අභිමානවත් පෞරෂය තුළ විශේෂ කාර්ය බලකාය පිළිබඳව මෙරට ජනතාවගේ තුළ පවතින්නේ ඉතා ගෞරවණීය විශ්වාසයකි.මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය අවුරුදු හතලිහක් සපිරූ කඩවසම් ක්‍රියාශීලී යෝදයෙක් බවට පරිවර්තනය වී තිබේ.
අද ඒ යෞවනයාට මඟ පෙන්නන්නේ,ඔහුව බබලවන්නේ තවත් අභීත යෞවනයෙක් ,ඒ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරයි
වචනයේ පරිසමාතාර්ථයෙන්ම නියතයි ජය උදෘතයේ සැබෑව තහවුරු කරමින් විශේෂ කාර්ය බලකාය මවුබිමේ ආරක්ෂාව සඳහා අද ඉටු කරමින් සිටින තේජවන්ත මෙහෙවර අපගේ ආඩම්බර යට හේතු වී ති⁣බේ
චිරං ජයතු……….. 
( ලංකා දවසේ උණුසුම් සුභ පැතුම්)


Spread the love

Leave a Comment

You may also like