උණුසුම් පුවත්

කොස්ගොඩ සුජීව නම් පාතාලයාගේ අතුරු මිතුරු ඒඑස්පී මහින්ද ගෙන් ප්‍රවේශම් වෙන්න

Spread the love

අද කැළණියේ තිබූ ශිෂ්‍ය විරෝධතාවට පහරදී බාධා කළ පොලිස් කණ්ඩායමට අණ දුන්නේ සහකාර පොලිස් අධිකාරී මහින්දය.
මේ ඡෙ.නි⁣.පො.දේශබන්දුගේ ඔඩොක්කු කුක්කෙකි.කොස්ගොඩ සුජීවගේ කොන්ත්‍රාතුවකට කොස්ගොඩ තාරක මරා දමන්නේ මේ සහකාර පොලිස් අධිකාරීවරයාය.කිසිම සුදුසු කමක් නොමැතිව මොහු අම්බලන්ගොඩ පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ලෙස පත් කරන ලද්දේ හිටපු ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුනවර්දනය.අම්බලන්ගොඩ මූලස්ථාන පොලීසියේ සේවය කරන විට කොස්ගොඩ සුජීව මොහුට මරණීය තර්ජන කිරීමත් සමගම බියට පත් මොහු අම්බලන්ගොඩ සිංගර් කෝසල නම් පුද්ගලයා හරහා කොස්ගොඩ සුජීව සම්බන්ධ කරගෙන සමාව ගත් බව ජාතික රහස් ඔත්තු සේවා වාර්තා තිබේ.

ඉන්පසු  කොස්ගොඩ සුජීවගේ හෙරොයින් ජාවාරමට සෘජුව උදව් උපකාර කළ මේ පොලිස් කාරයා ගාල්ල හිරිඹුරේ සුඛෝපබෝගී මාලිගයක් පවා ගොඩ නගා ගන්නා ලදී.පසුව ⁣ග්‍රෑන්ඩ් පාස් පොලීසියට ස්ථාන මාරුවක් ගෙන පැමිණි මොහු එහි සිටද කොස්ගොඩ සුජීවගේ හෙරොයින් ජාවාරම ප්‍රවර්ධනය  කළ බව කියවේ.ග්‍රෑන්ඩ් පාස් පොලීසියේදී ඡෙ.නි.පො දේශබන්දු හා සම්බන්ධවන මොහු ඔහුගේ මැදිහත් වීමෙන් පෑලියගොඩ මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති විය.

කොස්ගොඩ සුජීවගේ කොන්ත්‍රාතුවකට කොස්ගොඩ තාරක මරා දැමෙන්නේ එහිදීය.කොස්ගොඩ තාරක මරා දැමීමට පෙර ඔහු සතුව පැවැති බැංකු ගිණුම්වල මුදල් රත්තරන් ආදිය ඡේ.නි.පො දේශබන්දු හට මොහු විසින් ලබා දුන් බවත් කොටසක් මොහු ලබා ගත් බවත් පොලීසියේ ලැබෙන ආරංචි මාර්ග වලින් පැවැසේ.අද වන විට කොළඹ පවතින සියළු විරෝධතාවන් මර්දනය සඳහා කැඳවෙන දේශබන්දුගේ   පාහර පොලිස්  සුනඛ බලකායේ  ප්‍රධානියකු වන මේ සහකාර පොලිස් අධිකාරීවරයා ඉතා අමානුෂික ලෙස හැසිරෙන්නෙකි.
අන්ත දූෂිතයකු ලෙස සැළකෙන සහකාර පොලිස් අධිකාරී මහින්ද සහකාර පොලිස් අධිකාරී තනතුරට පත් වීමට පෙර පැවැති සම්මුඛ පරීක්ෂණයේදී උපාධියක් ඇතැයි ඇඟවෙන පරිදි කූඨ ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙකි.පසුව ඡේ.නි.පො .දේශබන්දු ගේ මැදිහත් වීමෙන් එම චෝදනාවෙන් නිදහස් වන්නට හැකි වූවා පමනක් නොව මොහුට සහකාර පොලිස් අධිකාරී තනතුර ලබා ගන්නටද හැකිවිය.  
මේ වන විට කොළඹ පවතින මහජන විරෝධතාවන් වලට පහරදී හිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් මේ පොලිස් සුනඛයාට එරෙහිව චෝදනා බොහෝය.එම විරෝධතාවන් මැඩලීම සඳහා දේශබන්දු විසින්  විශේෂයෙන් කැඳවෙන්නන් අතර  මොහුද එක් අයෙකි.
කොස්ගොඩ සුජීව නම් පාතාලයාගේ සමීපතමයකු වන හා එම පාතාලයා සමග හෙරොයින් ජාවාරමේද නිරත වන මේ සහකාර පොලිස් අධිකාරීවරයා පිළිබඳව කවුරු කවුරුත් දැනුවත්ව සිටීම හොඳය.මොහු මෙරට මහේස්ත්‍රාත් වරියකගේ අනියම් සැමියාද වේ.එම ⁣මහේස්ත්‍රාත්වරිය විසින් විභාග කරන හෙරොයින් ජාවරම්කරුවන්ගේ නඩු මොහු විසින් නිදහස් කරන බවටද ජාතික රහස් ඔත්තු සේවා වාර්තා තිබේ.
අද පොලීසිය වැටී ඇති අන්ත දූෂිත බවට මේ සහකාර පොලිස් අධිකාරී වරයා එක නිදසුනක් පමණය.
 

Spread the love

Leave a Comment

You may also like