වියත් මග ඉස්සරහට දමා ගනිමින් සෞභාග්‍යයට හෙටක් දකින්න ගෝඨාභය, මහින්ද බැසිල් ආණ්ඩුව දිගින් දිගටම වරදට චූදිතයින් කර උසාවි දැමූ එකිනෙකා නිදොස් කොට නිදහස් කරමින් සිටී.
රජයට සම්බන්ධ පත්වීම් දෙන්නේ ද කඩේ ගිය හෙන්චයියන්ටම ය සුදුසුකම් අවශ්‍ය නැත. බාගයක්ම රට හොරුන්ය, මෙවැනි වංචාකරුවෙකුට ජාතික වෘත්තිය පුහුණු අධිකාරියේ නියෝජ්‍ය සභාපති ධුරය පිරිනමා ඇත . ඒ කලක් ජාතික රූපවාහිනියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරය ද කටයුතු කළ දේවප්‍රිය අබේසිංහය. පසුගිය සමයේ බැසිල් සමග කිට්ටුවෙන් වැඩ කළ මොහුට මෙම පත්වීම ලබා දී ඇත්තේ කිසිදු වැඩකට නොමැති රාජ්‍ය අමාත්‍ය සීතා අරබේපොල ය.
ඒ නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය හරහා ය දේවප්‍රිය අබේසිංහ යනු බහු විවාහයක් කරගෙන උසාවියෙන් වරදකරුවෙකු වූ අයෙකි. මිරිහාන පොලිසිය මගින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ බහු විවාහයක් කර ගැනීම සම්බන්ධයෙන් අධිකරණයෙන් ද නොමග යැවීම පිළිබඳව ඔහුට විරුද්ධව නඩු පවරන ලදී නඩු අංක 1734 /17 යටතේ 2017 වර්ෂයේ නඩු පවරා ඇත.
මෙම නඩුවෙන් 2020 ය /12/09 දින වරදකරුවෙකු කෙරුණු අතර ඒ සඳහා දඬුවම් නියම කිරීම 2021/04/22 දින සිදුකිරීමට නියමිතය. මිරිහාන පොලිසිය විශේෂ අපරාධ විමර්ශනය මගින් ගොනු කරන ලද මෙම නඩුව සඳහා නීතිපති දෙපාර්තමේන්තුව නීති ද උපදෙස් ලබා දී ඇත.
ශිරාණි පෙරේරා නැමැත්තිය සමඟ විවාහ වී ඇය ජීවත්ව සිටින කාලය තුළදී ඇය සමග පැවති විවාහ නිතියානුකූලව අවලංගු කිරිමකින් තොරව චාමිකා නිශාදි තෙන්නකෝන් නමැති ඒ සමඟ නැවත විවාහ වීමෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 362 (අ) වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් කර ඇති බැවින් දේශප්‍රිය අබේසිංහ වරදකරුවකු ලෙසට නම් කොට ඇත. මෙයින් පෙනී යන්නේ දිගින් දිගටම ගෝඨාභයගේ ආණ්ඩුව මෙයින් පෙනීයන්නේ තම හෙංචයියන් රටේ විවිධාකාර අපරාධවලට සම්බන්ද බවයි ඒත් ඔවුනට රටේ ප්‍රධාන ආයතනවල උසස් තන්තුරු ලබාදීම 69 ලක්ෂයක් බුද්ධිමත් ඡන්ද දායකයන් පැතුවෙනස ද….?