වෙනත්

අති උතුම් කදිනල් වහන්ස….  මිනිමරුවන් ගේ  සිත සැනසීමට පෙර ප්‍රහාරයෙන් ජිවිත ගලවාගත් තුවාල කරුවන් ගේ සිත් සැනසීමට ප්‍රතිකාර කරන්න ..

Spread the love

අති උතුම් මැල්කම් රංජිත් හිමිපානන් වහන්සේ පාස්කු ප්‍රහාරයේ නියම ප්‍රහාරකයන් නොදන්න බව අපි පිලිගනිමු. ඒත් ඔබවහනේ සාමාජීය හා දේශපාලනික බුද්ධියෙන් හෙබි අයෙකු නිසාම වඩාත් ඇසු පිරූ තැන් ඇත්තෙකු නිසාත් සමාජයතුල ඇතිව තිබෙන කතාබස් ඔබවහන්සේ නොදන්නවා යැයි අපි පිලි නොගනිමු. පාස්කු ප්‍රහාරයේ සහරාන්ලා පිලිබද මේ වන විට ජීවත්ව සිටින අය පමණක් නොව මළ වුන් පවා දන්නා සේම ,රාජපක්ෂලාට බලයට ඒමට රාජ්‍ය බුද්ධි අංශයේ කර්නල් මොහිදීන් ඇතුළු කණ්ඩායම මේජර් ජනරාල් සලේගේ අධීක්ෂණයෙන් මෙය සිදුකල බව මේ ග්‍රහලෝකයේ ඔබ වහන්සේ හැර සියල්ලම දනී.

ඒත් ඔබවහන්සේ ඒ සියල්ලම දැන සිටියත්, නොදන්නා සේ සිටින බව අපි දනිමු. ගෝඨාභයට බලයට ඒමට සිදුකල ප්‍රහාරයක් බව නිදහස් මාධ්‍යකරුවන් අති විශාල පිරිසක් කියා ,ලීයා තිබේ ඒත් ඔබ වහන්සේ ඒවා කිය වීමට අකමැති බවත් අපි දනිමු. කොහොම කොයි හැටි වුවත් ,රටේ ජනතාව සති පතා ගොනාට ඇන්ද වීම නතර කරන ලෙසට ඔබවහන්සේගෙන් වැද නමස්කාර පුර්වක ඉල්ලන්නේ ඔබවහන්සේ සිදුකරනේ ප්‍රහාරයේ මළ වුන් පයිසෙකටවත් මායිම් නොකර රාජපක්ෂලාට එරෙහිව එන ජනතා බලවේගය සමනය කරමින් මිනිමරුවන්ව ලෝගුවෙන් වසා ගැනීමට යාමකි.

අති උතුම් කදිනල් වහන්ස….

 මිනිමරුවා ගේ  සිත සැනසීමට පෙර ප්‍රහාරයෙන් ජිවිත ගලවාගත් තුවාල කරුවන් ගේ සිත් සැනසීමට ප්‍රතිකාර කරන්න ….ඒත් ඔබ වහන්සේ,   සති පතා ,මාස් පතා ,වසරක් පාසා සිදු කරන්නේ මිනිමරා බලයට පැමිණි රාජපක්ෂ පරම්පරාවට නැගි එන ජනතා විරෝධය මැඩලීමයි.

දෙයියන්නේ නාමෙන් එය සිදු නොකොට ඔබවහන්සේ මිසමට වී සිටිනු මැනවි……..!!

 


Spread the love

Leave a Comment

You may also like