වෙනත්

රාජපක්ෂලා රට නිතියානුකුල චීන කොළණියක් කොට විකිණිමට සුදානම්…පාර්ලිමෙන්තු මංත්‍රි විජේදාස රාජපක්ෂ කියයි. (විඩියෝ සහිතයි )

Spread the love

මෙරට ඉඩම් අක්කර 100 දහස් ගානෙන් චීන්නුන්ට විකුණා 20% කොමිස් මුදල් ගෙන බැසිල්ලා ගෝඨාභයලා රට පැනයා මේ සුදානමක් ඇති නමුත් ,අපේ මව් බිමේ උපන් අපේ දරුවන්ට අවසානයේ සිදුවන්නේ චීන්නුන් ගේ වහලුන් සේ සිටීමට බවත් ජනතාව වහාම ඊට එරෙහි වියයුතු බව පොහොට්ටු පක්ෂයේම පාර්ලිමේන්තු මංත්‍රි විරේදාස රාජප්ක්ෂ මහතා කියයි. ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ ගෝඨාභය නැමති කල්ලතෝනි කාරයෙකුත් බැසිල් රාජපක්ෂ නැමති තවත් කල්ලතෝනි කාරයෙක් මෙරට වටිනාම සම්පත් කුණු කොල්ලයට විකුණා දමන බවයි.

එදා සිටම රටේ දේපල විකිණීමට තමන් විරුද්ධ වු බවත් ගෝඨාභය රාජපක්ෂව බලයට ගෙන ඒමට  තමා දැඩි කැපවීමක් කල බවත් රටේ ජනතාවට ගෝඨාභය පිලිබදව පිලිගැනීමක් ඇතිකලේ තමන් ප්‍රමුඛ තවත් පුද්ගලයන් හා අති පුජ්‍ය ස්වාමින්වහන්සේලා බවත් , මෙහිදි මතක් කලේය . දැන් පෝට් සිටියට වෙනමම පනතක් ගෙනවිත් චීන ආණ්ඩුවට ලංකාව නිලවශයෙන්ම ලියා දීමට සුදානම් වෙන බව මෙහිදි පැවසීය.

කෙසේ වෙතත් රටේ ජනතාවට ගෝඨාභය  පිලිබදව නැති ගුණ වයා රටේ ජනාධිපතිකම ගැනීමට ද ඉන් පසුව 19 වන ප්‍රජාතන්ත්‍රවාදි වු සියල්ලම කුණු කුඩෙට විසික්කා දමා ගෝඨාභය නැමති මිනිමරුවාට නිතියානුකූල රැකවරණය මෙන්ව ජනාධිපති මුක්තිය උපරිමව ලබා දීමට ද පාර්ලිමෙන්තු මංත්‍රි විජේදාස රාජපක්ෂ දැඩි වෙහෙසක් ගත් බව අපි ඉතාම හොදින් පසු ගිය කාලයේ අධීක්ෂණය කලෙමු.

මෙයින් පැහැදිලි වන්නේ රාජපක්ෂලා මෙරට විකිණීමට උදව් නොකරන සියල්ලටම පහර ගසන බවකි. දැන් ගෝඨාභයව මෙරටට වැඩම්මපු ගනින්නාන්සේලාටම බුදුවදන් අවබෝධ වෙමින් යාමත් සතුටට කරුණකි.

අපි ගෝඨාභය ගැන කලතියා කීවේ….”ලිහා බැලු මල්ල ..ඔබා බලන්නේ මොන මඟුලටද……? කියාය. ඒ නිසා දැන් විජේදාස එදා සිටි තැන සොයනවාට වඩා දැන් කල යුත්තේ ගෝඨා ගෙන් රටට ඇතිවීමට යන විනාශයෙන් රට ගලාවා ගැනීමය.

 


Spread the love

Leave a Comment

You may also like