ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම පසු ගිය දා මාධ්‍ය සාකච්ඡාවක් කරමින් කියා සිටියේ ජනාධිපති ගෝඨාභය හිට්ලර් කෙනෙකු විය යුතු බවය. දිලුම් අමුණුගම එසේ කියන්නේ ගොඨාභය පිලිබදව ඔහු දන්න නිසා විය යුතුය. එදා තමා ආරක්ෂක ලේකම් ලෙසට ලසන්තලා එක්නැලිගොඩලා,මරා දැමු බව දැන් දිලුම් අමුණුගමගේ ප්‍රකාශයෙන්ම එලියට පැන ඇත.
ඇඩොල්ෆි හිට්ලර් යනු අදටත් මිනිමරුවෙකු ලෙසට සමස්ථ ලෝක ජනතාවම පිලිගන්නා බවට අමුතුවෙන් කිවයුතු නොවේ. ඒත් ශ්‍රි ලංකීය ජනතාව රාජපක්ෂලාට ඡන්දය දී ඇත්තේ මිනිමැරීමට හෝ සමාජ ක්‍රියාකාරකයන් අත් අඩංගුවට ගැනීමට නොවේ. දිලුම් අමුණුගමලා ගෝඨා ගේ පැටිකිරිය ඉතා හොදින් දන්න නිසාම ඒවනි ඇත්ත සමාජ ගතකරනවාද විය හැකියි. කෙසේ වෙතත් ඇඩොල්ෆි හිට්ලර් කෙනෙකු වී රට හැදිය යුතුයැයි අස්ගිරියේ අනුනායක උපාලි හිමි කීවේද ගෝඨාභය හිට්ලර් සේ මිනිමැරීමටත් ඒ මැරු උන්ව ගොයා ගැනීමටවත් ඉඩ නොතබන දක්ෂයෙකු නිසා විය යුතුය.
ඒත් බුදුන් වහන්සේ ගේ කිසිම ශ්‍රාවකයෙකුට ඇඩොල්ෆි හිට්ලර් සේ ක්‍රියා කලයුතුයැයි කිව නොහැකිය. ඒ නිසාම උපාලිලා නැවත මහණවී මැදමුලනින් එලියට පැමිණ බුදු දහම් වැලද ගතයුතුය. දිලුම් අමුණුගම වැනි නුගත් සල්ලාල චරිතයක් ඇඩොල්ෆි හිට්ලර් පිලිබදව නොදන්න බව අපිට සහතිකය ,ඔහු දන්නේ මහනුවර හා කොළඹ ගනිකා මඩම් කීයද….? ඒවා ගේ අයිතිකරුවන් කවුද…..? යන්න පිලිබදවයි.
ඒත් දිලුම් අමුමුණුගම කි දෙය බැහැර කිරීමට අපි සුදානම් නොවන්නේ ඇඩොල්ෆි හිට්ලර් නැමති මිනිමරුවාට අප්‍රේල් මාසය ඉතාම වැදගත් නිසාය. ඒ 1889 අප්‍රේල් 20 වනදින ඔස්ට්‍රේයාවේදි උපත ලැබු මෙලව බිහි වු කාලකන්නිම මිනිසෙකු නිසාය. එවනි කාලකන්නි මිනිමරුවකු ලෙසට දිලුම් අමුණුගම ගෝඨාභයව දකි නම් ඊට අපේ විරුද්ධත්වයක් නැත.
එසේම පසු කාලිනව හිට්ලර් නැමති මිනිමරු පාලකයා එක්තරා මානසික රොගියෙක් බැව් කීමත් ගෝඨාභයටද මානසික රෝගයක් තිබු බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න කියන නිසාත් අපි මාධ්‍යක් ලෙසට ඒ පිලිබදව දැඩි අවධානයෙන් සිටින්නෙමු. එදා ගෝඨාභය කියු මහා වියතුන් සහිත මන්ද බුද්ධික මංඩලය දිලුම්ලා වැන්න වුන් දැයි දැන් අපිට සිතේ හිට්ලර් තමරටේ නායකයෙකු ,මිනිමරුවෙකු වී සිටීමත් ලැජ්ජහවක් බව කියන්නේ ජර්මානු ශ්‍රි ලංකා තානාපතියි. මෙය දිලුම්ට නොව ගොඨාභය නැමති පුද්ගලයාට ජාත්‍යන්තරය දුන් අනතුරු ඇඟවීමක් බව අපිට නම් සිතේ
ඒත් එකක් කිව යුතුය දිලුම්ලා දැන් නටන්නේ කකුළුවා හැලියේ සිටින බව නොදනය තවත් ඉතාම කෙටි කාලයකින් දිල්ම්ලාට හිට්ලර් සිය දිවි නසා ගත්තා සේ අවසානයේ ඉතුරු වන්නේ එයයි.
