

යෝෂිත රාජපක්ෂ ගේ බිරිද පසු ගිය දා ආරම්භකල මීඩියා ෆැක්ටරි නැමති ආයතනය විසින් ලෝකප්‍රකට ඉන්දියානු මිඩියා සමාගමක් මිලට ගෙන ඇත. ඒ ඉන්දියානු එයාර් ටෙල් සමාගමේ ප්‍රචාරක ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් මෙරට 2012 ආරම්භ කර තිබු මැඩිෂන් මීඩියා ආයතනය ඇ; ඩොලර් මිලියන් 185 කට මීට දින 02 කට පෙර මිලට ගෙන ඇත. එය දැන් යෝෂිත රාජපක්ෂලාට අයත්ය.
මැඩිෂන් මිඩියා අයත්ව තිබුනේ සෑම් හා ලාරා බල්සාරා නැමති ඉන්දියානු ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුටය . යෝෂිත රාජපක්ෂට මීට පෙරCSN නාලිකාව අයත්ව තිබු අතරම 2015 දී ඒ පිලිබදව රු; කෝටි ගනනක් මුදල් ඉපයිම පිලිබදව අධිකරණයේ නඩුවක්ද තිබුණි. ඒත් දැන් ඒ සියල්ලම නිදොස් කොට නිදහස්ව ඇත.
මේ ආකාරයේ අතිවිශාල මුදලක් වයස අවුරුදු 32 ක තරුණියකට ඉප ඊමට ලැබීමත් වාසනාවකි. දැන් බොහෝ රාජ්‍ය හා පුද්ගලික ආයතන වල වෙළද දැන්වීම ප්‍රචාරණ හා ප්‍රවර්ධන මිනි ඉදිරියේදි සිදුකරන්නේ මීඩියා ෆැක්ටරි මගිනි. එයයි ජාතියේ ආඩම්බරය….