නාගහනන්ද කොඩිතුවක්කු කියූ පමනින් ඔහු නිශ්ශංක සේනාධිපතිලාගේ බැසිල් රාජපක්ෂලාගේ නොනිල කොන්ත්‍රාත්කරුවෙකු බව අප නොවේ ඔහු විසින්ම අවසන් 2019 ජනාධිපතිවරණයේදී ඔප්පු කලේය, රට පුරා රටේ ව්‍යවස්ථාව කරන බව කියමින් පිටු කිහිපයක පොත් පිංචක් පෙන්වමින් මුදල් මිලියන ගනනක් එකතු කල ඔහු මැතිවරණය සම්බන්ධයෙන් දුන් කිසිදු වාචික පොරොන්දුවක් ඉටු කරේ නැත, අවසානයේදී අඩුම තරමින් සම්පූර්ණ ව්‍යවස්ථාව හෝ ඔහුගේ කණ්ඩායමද ඉදිරිපත් නොකර සිතාමතාම ජනාධිපතිවරණයෙන් කට්ටි පැනූ ඔහු එදා සිටම සිදු කරේ රටේ විපක්ෂය නියෝජනය කරන ජාතික ජන බලවේගයට අභූත මඩ අවලාද නැගීම පමනී.
වර්ථමානයේ ඔහු එක් වී සිටින්නේ සිදත්ත සහ සේපාල් ගේ මොළ හෝදන ව්‍යාජ දේශප්‍රේමී කල්ලියට වේ, ඔවුන් අමු ජාතිවාදී මත දරන්නන් වන අතර ඔවුන්ගේ යූටිබ් වැඩසටහන් හරහා සිදු කරන්නේ ආණ්ඩුවේ වැරදි අඩුපාඩු විවේචනය කරන ගමන් සිංහල බහුතරය වක්‍රාකාරයෙන් අන්දවා රාජපක්ෂ කඳුවුරටම හේත්තු කිරීමේ සූක්ෂම කොන්ත්‍රාත්තුව වේ.
එසේම මුදල් වෙනුවෙන් ආත්මය පාවා දෙන කතිකත්වය ආභරණයක් කරගෙන බොරු ඇත්ත මෙන් ජනගත කරන යූටිබ් ඩීල් කාරයෝ විකල්ප කාරයෝ ශ්‍රී ලංකාවේ දැන් දිනෙන් දින බිහි වෙමින් මතු වෙමින් සිටී.
ඔවුන්ට නොරැවටී සිටීමට රටේ ජනතාව තම බුද්ධිය සාක්ෂණතාවය වර්ධනය කර ගත යුතුය.
අදදින නාගාහනන්ද කොඩිතුවක්කු සමඟ සිදත්ත සිදු කල යූටිබ් වැඩසටහනකදී සීනි බදු වංචාව සම්බන්ධයෙන් අමූලික බොරුවක් ජනගත කිරීමට ඔවුන් කටයුතු කල ආකාරය අප මෙසේ එලිදරව් කරමු. එය පහත වීඩියෝවෙන් ඔබට පැහැදිලි වනු ඇත.
ඒ අනුව නාගහනන්ද අද සහ මින් පෙර ඔහුගේ ෆේස්බුක් පිටුවේ කල වැඩසටහනකදී ප්‍රකාශ කල සිටියේ මුළු රටම දන්නා සීනි බදු වංචාව බිලියන 15.9 නොවන බවත් එය බදු වංචාවක් නොවන බවත් ය.එසේම ජනතා විමුක්ති පෙරමුණ විසින් එය රු.බිලියන 15.9 ලෙස ප්‍රකාශ කරමින් නඩු පැවරීම අසත්‍ය ප්‍රකාශනයක් බවත් ඔහු චෝදනා නඟයි.
ඒ පිලිබඳ කරුනු අධ්‍යනයේදී අපට අනාවරණය වූයේ සීනි බදු වංචාව රු.බිලියන 15.9 බව ජනතා විමුක්ති පෙරමුණ නොව ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට ඉදිරිපත් කල වාර්තාවේ එය සනාථ කොට ඇති බවය.
ඒ අනුව නාගාහනන්ද සිදු කල ඒ ප්‍රකාශනය අමූලික අසත්‍ය පදනම් විරහිත කරුනක් බවත් මුදල් අමාත්‍යාංශය විසින්ම රු.බිලියන 15.9 බදු වංචාවක් නොහොත් අලාභයක් සිදුව ඇති බව පිලිගන්නා බවත් පැහැදිලි වේ.
එසේම රටේ බදු වෙනස් කිරීමට ආණ්ඩුවට හැකියාව තිබුනත් ජනතාවට කිසිදු වාසියක් හිමි නොවන පරිදි ,ආණ්ඩුවේ මහ භාණ්ඩාගාරයට කිසිදු වාසියක් හිමි නොවන පරිදි සහ බාහිර ව්‍යාපාරිකයන්ට අසීමිත වාසියක් හිමි වන පරිදි බදු අක්‍රමවත් ලෙස වෙනස් කිරීම බදු වංචාවක් නොවන බව පවසන නාගාහනන්ද බැසිල්ගේ සුරතලෙකු බව තවදුරටත් වටහා ගැනීම අපහසු නැත.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,ස්තුතියි.
කතෘ ලංකා දවස