මෙහෙම කියන්න උත්සහා කරවන්නේම 2024 බැසිල්ගේ පිලය. ඒ දිලිප්ලා ,නිශ්ෂංක සේනාපතිලා එකව දැන් යන්නේ ගෝඨා ගේ ආශිර්වාදයත් ඇතුවම තවත් රාජපක්ෂ කෙනෙකු 2024 දි වැඩම්මන්ටය. ඊට ලොකුම බාධාව රටේ විපක්ෂයයි. ඒ විපක්ෂයේ සමගිය තිබුනොත් නැවතත් මේ මහපොලව තුල රාජපක්ෂලාට නම් මැතිවරණ දිනනවා බොරුය.
ඒත් දැන් විපක්ෂය බෙදිලා කියා කියන්නේත් විපක්ෂයේම අයයි. ඒ කාගේ හෝ කොන්තරාත්තුවක් ඉටුකරනවාද……? නැත්තන් වෙනත් අරමුණක් විය යුතුය. දැන් බැසිල්ල ගේ 2024 කණ්ඩායමේ අළුත්ම සිංදුව සජිත් ප්‍රේමදාස මහතා හා ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මහතාව වෙන් කිරීමයි . ඒ බවට පොදුජන පෙරමුණට අයත් පුවත් පතකින් ඊළඟ සතියේ ප්‍රධාන මාතෘකාව ලෙසට පලවීමට නියමිතය.
මේ දිනවල ඊට අදාල ප්‍රකාශයන් සමඟි ජන බල වේගයේ කාගෙන් හෝ වචනයක් පිට කර ගැනීමට මිතුරන් මාර්ගයෙන් හෝ උත්සහ ගැනීමට දිලිත් ජයවීරලා ගේ දෙරණ හා රෙනෝ ගේ හිරුත් තවත් වෙබ් පුවත් පත් කීපයක්ම සුදානම්ය. රටේ ජනතාවට පමනක් නොව ලෝකයටම ගෝඨාභය එක දෙයක් කර පෙන්නුවාය. ඒ කමල් ගුණරත්නලා හති දාගෙන් අවුරුදු ගනන් ගෝඨා ගැන ලියා පලකල ගෝඨා “වෝ ” යන්න පට්ටපල් බොරුවක් බව ඒ කතා වස්තුවේ නායකයාම ප්‍රායෝගිකවම කර පෙනුවාය.
එදා ගෝඨා “වෝ “මොනවා කීවත් අද කරන කියන දේ තුලින් යුද්දේ කලේ ස්ථීරව,ම ගෝඨා නම් නොවන බව රාජපක්ෂලා පවා පිලිගන්න තැනට ජනමතය වෙනස් වීම ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මහතා ලැබු සුවි ශේෂ ජයක්ය.
ඒ නිසාම දැන් සමගි ජන බල වේගය කෑලිවලට කැඩීමේ කොන්ත්‍රාත්තුව දී ඇත්තේත් නාලිකා දෙකට හා තවත් ඩබල් ගේම කාරයෙකුටය. ඒ නිසාම සජිත් ප්‍රේමදාස මහතාට හා ජාතික සමගි ජනබල වේඟය ඉලක්ක කොට ප්‍රධාන පුරුක් ගැලවීමට උත්සහා ගැනීමට සියල්ලම සුදානමය. එවනි තුච්ඡ දේශපාලනයක් අපි කිසි විටකත් අනුමත නොකරන අතරම එවැන්නකට අපි කිසි විටකත් ඉඩ නොදෙන්නෙමු.
දැන් ඇත්තේ එකට එක්ව සතුරා හදුනා ගෙන පහර දීමය ,එසේ නැතුව මිතුරන් සතුරන් සේ දැක දැක එකි නෙකා විවේචනය කිරීම නොවන බවත් ජනතාව ගේ එකම අපේක්ෂාව රටේ ප්‍රභල විපක්ෂයක් ගොඩ නැගීමය. ඒ සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දුන් අය පමනක් නොව අද 69 ලක්ෂයේද බොහෝ අය ගේ උවමනාව පැහැදිලිවම එයයි.
එසේ නැතුව බලය වෙනුවෙන් කුලල් කාගන්නවා නම් ජනතාව ප්‍රථමයෙන්ම පහර ගසන්නේ රාජපක්ෂලාට නොව විපක්ෂයේ ඒ කල්ලි වලටය එදාට අපිත් ජනතාව සමග එකට හිට ගන්නවාය.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස