වෙනත්

පාස්කුව සාක්කුවේ දමන් බලයට පැමිණි “තිරිසන් පාලකයා”- උන්ට පිටිය සකසාදුන් මෛත්‍රි දැන් බෝල ගසනවා……

Spread the love

පාස්කු ප්‍රහාරය සිදුව  හරියටම වසර 02 කට ආසන්නය . දේශපාලකයන්ට බලය ලබා ගැනීමට රටේ ජනතාව බිල්ලට දුන් ප්‍රථම ආසියාතික රට වන්නේ ශ්‍රි ලංකාවයි. දරුවන්ට, දෙමාපියන් හා දෙමාපියන්ට තම දරුවන් ද ඥාතින්ද අහිමිකල ඒම මිලේච ප්‍රහාරය සිදු කලේ අන්තවාදී ආගමික උම්මත්තකයන් උවත් එයට අනුග්‍රහය හා උවමනාව තිබුණේම රටේ පාහර දේශපාලකයන්ටය.

සහරාන් හසීම්ලාව ,රිල්වාන්ලාව දුරස්ථ පාලකයකින් පුපුරවා මැරුවා මිස  ඔවුන් මරාගත්තේ නැත.ඒ සියල්ලම දේශපාලන උවමනාවන් මතය. ගෝඨාභය රාජපක්ෂ ගේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂව සිටි හා දැනටත් සිටින, මේජර් ජනරාල් සලේ ඒ වනවිට මියන්මාරයේ  , සිටිය මුත් නිලන්ත ජයවර්ධන නැමති කාලක්න්නි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලංකාවේ සිටත් ඉතාම සමීපව සම්බන්ද වෙමින්, මෛත්‍රිපාල සිරිසේන හිටපු කාලකන්නි ජනාධිපති ගේ උපදෙස් අනුව රාජ්‍ය බුද්ධි අංශය මෙහෙය වු විනාශයකි.

පාලිත කොහොන අවස්ථා ගනනාවක් දී   සයිදමරුදු ගොස් සහරාන හසීම හමුවුයේ ඇයිද යන්නට කිසිවකු නොදනි. එදා සිටම අදත් හෙටත් අපි මේ තුච්ච ප්‍රහාරයන් හෙලිකිරීමට දිවි හිමියෙන්ම ක්‍රියා කරන්නෙමු . අප පුවත් පත මේ නිසාම රාජ්‍ය ත්‍රස්තවාදයට ලක් වුවත්  මිනිස් සංහාරය පිලිබදව අපි නිහඩ නොවෙමු. ඒ සියල්ලටම ගෝඨාභය දුන් එමක උත්තරය නම් සමයං කොමිසං ඇති කිරීමය . ඒ කොමිසම් තුල කියු කිසිවක් ලේඛණ ගතව නැත.  අපි අභියෝග කොට කියා සිටින්නේ ගොඨාභය රාජපක්ෂ ජනාධිපති මේ ප්‍රහාරය පිලිබදව නොදන්නේ නම් වහාම මෙම පහත කරුණු ඉටුකර රටට පෙන්විය හැකිය…. එනම්

01. ප්‍රහාරය පිලිබද දැන සිටි හා ඊට රාජ්‍ය අනුග්‍රහය දුන් මෛත්‍රිපාල සිරිසෙනව අත් අඩංගුවට නොගන්නේ මන්ද

02. ප්‍රහාරය පිලිබදව ලැබු සියළු බුද්ධිවාර්ථ හා  ජංගම දුරකථනය විනාශ කල ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ගේ දුරකතනය , හා ලැප්ටොප් , ජංගම දුරකථනය වොහාරික පරිඝණක වාර්ථාවකට විදෙස් රටකට යැවීම හා ඔහු අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීම කලයුතුය.

03. නෝවේ තානාපති පලීපාන නැමති අයට දින 02 කට පෙර පාස්කු ප්‍රහාරය පිලිබදව දෙන ලද ඔත්තුව පිලිබදව ක්‍රියා කිරීම හා ශ්‍රි ලංකා රජයට දැන්වීම පිලිබදව වහාම විමර්ෂණය කිරීම .

04 පුලස්තිනී රාජේන්ද්‍රන් රැගෙන ගිය රාජ්‍ය බුදධි නිලධාරින් හදුනා ගෙන ඔවුන්ව අත් අඩංගුවට ගැනීම

05. දැනට පුලස්තිනි ඉන්දියාවේ ක්යාමුතුර් සිටින බවත් ඇගේ මවට මුදල් එවා ඇති බවටත් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක් දැන් සිටින නමුත් ඇයව රාජ්‍ය තන්ත්‍රිකව ගෙන්වා ගැනීමට වහාම ක්‍රියා කිරීම .

06. ප්‍රහාරය සිදුවන විට ශ්‍රැන්ංගිලා හෝටලයේ ආරක්ෂක අධ්‍යක්ෂක හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක් ජනරාල් හෙන්ද්‍රවිතාන හා අධ්‍යක්ෂක ආරක්ෂක සිටි බොම්බ පිපිරවීම හා ප්‍රහාරය පිලිබද විශේඥයෙකු වු ජනාධිපති ගෝඨාභය ගේ සොහොයුරිය ගේ පුතා වන මාලක චන්ද්‍රසිරි ගේ ද ,ආරක්ෂක අධ්‍යක්ෂක රියද්මිරාල් සේරසිංහ ගේ ප්‍රකාශ සටහන් නොකලේ කාගේ උවමනාවට ද ..? ඔවුන් ස්‍රැංගිල්ල හෝටලයට දුන් ආරක්ෂාව කුමක්ද ?

07 සහරාන් ගේ බිරිද විසින් හෙලිකල යුධ හමුදා ජීප් රථයේන් සල්ලි ගෝනි දෙකක් රැගෙන ආවේ කවුද එම මුදල් නෝට්ටු අංක වලින් සොයා නොබලන්නේ ඇයි. ?

08. පිපිරවීමට ගොස් බොම්බය පිපිරවීමට නොහැකි වු සැකකරු හමුවීමට පැමිණි රාජ්‍ය ඉහලම බුද්ධි නිලධාරිය කවුද….? ඔහු සලේ නොවන්නේ නම් කවුද ඉහලම බුද්ධි නිලධාරිය  රටට හෙලි කල යුතුය.

09. මෙම සියළු විමර්ෂණයන් සිදු කල එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකරව සිරගත කොට මරාදීමට ඇති සැලැස්මත් ඒයම නොවන්නේද….? සියළුි සාක්ෂි ලබාගත් නිලධාරියා ඔහුය.

10. සහරාන් ගේ දුරකතනය ජාත්‍යන්තර විමර්ෂකයන්ට දුන්නේ කවුද……? එය දීමට නියෝග කලේ කවුද……? එම සහරාන් ගේ දුරකතනයCID  නඩු භාණ්ඩ ලේඛණයේ ඇතුලත් නොකොට DIG ගේ පුද්ගලික සහකාර නිලධාරියා ජාත්‍යන්තර නිලධාරින්ට දුන් බව විමර්ෂණ ගොණුවල සහන් නොකලේ ඇයි…….. ? දැන් සහරාන් ගේ දුරකථන සිමපත සොයා නොබලන්නේ ඇයි………. ?

11. සහරාන් අත් අඩංගුවට ගැනීම්ට ත්‍රස්තවිමර්ෂණ කොට්ඨාශයේ  නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා නිතිපතිට යැව් ගොනු සියල්ලටම රජයේ අධිනිතිඥ අසීස් නැමති නිලධාරියට ලබා දී බොම්බය පුපුරා ගියත් ගොනුවට පිලිතුරු නොයවා එම නිතිපති යේ නිල්ලධාරින්ට විරුද්ධව ජනාධිපති හෝ නිතිපති හෝ විමර්ෂණ කොමිසම දැඩි පියවර නොගන්නේ ඇයි………. ?

12 නාමල් කුමාර නැමති පුද්ගලයාට ජනාධිපති කාර්යාලයෙන් වැටුපක් ගෙවා බොරු සාක්ෂියක් ගොතා  DIG නාලක  අත් අඩංගුවට ගත්තේ කාගේ උවමනාවටද ……..? CID යට  නාමල් කුමාර කියා ඇඇති පරිදි නාලක සිල්වා නිකරුනේ සිරගත කොට සහරාන්ලාට පිටිය සකස්කලේ නිලන්ත ජයවර්ධන හා සලේ සමඟ දැයි වහාම රටට හිලි නොකරන්නේ ඇයි…….. ?

කරුණුවලට ගෝඨාභය ජනාධිපතිවරයා පිලිතුරු ලබා දෙන්නේ නම් මෙම පාස්කු මහ මොළකරු ඇල්ලීමට ගතවන්නේ පැය 24 කි. මෙම පාස්කු ප්‍රහාරයේ මහමොලකරු කිසිදවසක් ශ්‍රි ලංකාවේ දි හෙලි කර ගැනීමට නොහැකි බව අපි මීට වසරකට පෙර සිටම කියා ඇත.

ඒත් අති උතුම් මැල්කම් රංජිත් හිමිපානන් ඒ පිලිබදව කිසිම තැකීමක් නොකරීමත් දැන් , දැන් අපිට ගැටළුවකි . ඔබවහන්සේට මහ මොළකරුවන් ඇල්ලීමට අවශ නම් වහාම මෙය විදෙස් විමර්ෂණයකට භාර කල යුතුය. නැත්තන් මෙයත් රාජපක්ෂලා ගේ තාජු දීන් ඝාතනය , ලසන්ත ඝාතනය ,එක්නැලි ගොඩ ඝාතනය සේ  විය හැකය .

එසේම තව කලක් ගතවන විට මේ පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය සියල්ලම එකට කැමැත්තෙන් ස්වර්ගයට යාමට සිතා ඔවුන් විසින්ම පුපුරවා ගෙන මිය ගොස් ඇතැයි මාධ්‍යයෙන් හෝ ජනාධිපති ගේ සෙනසුරාදා අදෝනාවෙන් ගමක දී කිවොත් ඒයත් පුදුම නොවිය යුත්තකි.


Spread the love

Leave a Comment

You may also like