මේ වන විට රජය විසින් ඊශ්‍රායල් මොසාඩ් සංවිධානය පාවිච්චි කරන ආකාරයේ කෝටි ගණනක් වටිනවා අධි තාක්ෂණික උපකරණයක් වූ (PEGASUS APP) නැමැති උපකරණය ලංකාවට ගෙන්වා එය පාවිච්චිය සඳහා යොදවා ඇති බව අප වෙත දැන ගැනීමට ඇත .
ඒ අනුව ප්‍රථමයෙන්ම සිදුව ඇත්තේ ශ්‍රී ලංකාවේ දැනට තෝරාගත් කැබිනට් සහ කැබිනට් නොවන රාජ්‍ය ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් ඉලක්ක කර ගනිමින් ඒ පිළිබඳව අධ්‍යනය කරමින් සිටී. මේ සඳහා තෝරා ගත් කැබිනට් ඇමතිවරුන්ගේ දුරකථන අංකයන් වලට ඉතා රහසිගතව ඇතුළු ඇතුළු වී ඔවුන් සම්බන්ධතා පවත්වන්නේ කුමන පුද්ගලයින් සමග ද යන්න පිළිබඳව අධ්‍යනයක් කරමින් තිබෙන බව අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගැනීමෙන් ඇත.
ඒ අනුව ඉදිරියේදී එම ඇමතිවරුන් සහ එම දේශපාලඥයන් කවරෙක් ද යන්න පිළිබඳව නම් වශයෙන් හෙළිකර ගැනීමට හැකියාවක් ඇත. මෙම pegasus පාවිච්චිය පිළිබඳව මේ වන විටත් විවිධ ආයතන වලින්, පුද්ගලයින්ගෙන් රජයට දැඩි විරෝධයක් පළ වී ඇති අතරම ඒ සඳහා ජාත්‍යන්තර වශයෙන්ද පැමිණිලි කිරීමට තවත් කණ්ඩායමක් මේ වනවිටත් සූදානම් වෙමින් පවතින බව දැන ගැනීමට ඇත.