උණුසුම් පුවත්

ලෙබනන් ශ්‍රී  ලංකා තානාපතිනි ශානි කල්‍යානිරත්නට  මිනිමැරුම් චෝදනා,- ඩොලර් 10,000.00ක් ගන්න රෝගි ගෘහ සේවිකාවක් මරලා ඇයව රටට ගෙන්වා වහාම පරික්ෂණයක් කරන්න (විඩියෝ සහිතයි)

Spread the love

ලෙබනන් ශ්‍රී  ලංකා තානාපතිනි ශානි කල්‍යානිරත්නට  මිනිමැරැම් චෝදනා,
ලෙබනන් ශ්‍රී  ලංකා තානාපතිකාර්යාලයට එරෙහිව දිනෙන් දින විවිද දූෂිත චෝදනා එලිලවෙමින් පවති,
මිට ඉහත අවස්ථා ගනනාවකදිම  අපි ඒ ගැන දැනුවත් කලෙමු.
අද කතාව
————–
ඇත්තටම ලක්ෂ්මි බන්ඩාරට මොකද වුනේ …………………..?
ලක්ෂ්මි බණ්ඩාර නමැති කාන්තාව පහුගිය ජනවාරි මාසයේ හදියේම රෝගාතුර වීය. ඇගේ මෙම රෝගී තත්වය නිසා අවස්ථා ගනනාවකදීම ඇය ලංකාවට ඒමට උත්සහ ගත්තත් තානාපති කාර්යාලය මගින් එය වැලැක්වීමට කටයුතු කර ඇත,එක් අවස්ථාවක ඇය ලංකාවට පැමිනීම සඳහා සියලු කටයුතු සූදානම් කරමින්  බීරූට් ගුවන්තොටුපල දක්වාද පැමිණ ඇත.එහෙත් ඇයට එදිනත් යාගත නොහැකි ලෙස තානාපතිකාර්යාලයේ රාජකාරී අතපසු වී ඇත,
එන්න එන්නම ඇයගේ රෝගය උත්සන්න වීමත් සමඟ ඇය රෝහල් ගත කිරීමට අවශ්‍ය වී ඇත.
,
  එරට නීතියට අනුව  යම් පුද්ගලයෙකු රෝගාතුර වී රෝහලකට ඇතුලත් කිරීමට නම් වීසා එක තිබිය යුතුයි සහ ඇය භාරව සිටින හාම්පුතුද සිටිය යුතුය, එසේ නොමැති නම් තානාපති කාර්යාලය හරහා රෝගියා ඇතුලත් කිරීමට හැකිය, ඒවන විට ලක්ෂ්මි බන්ඩාරගේ හාමුපුතු කොරෝනා රෝගයෙන්  මියගොස් ඇත. ඒනිසාවෙන්  ඇය රෝහල් ගත කිරීමට ලංකාවේ සිටින ඇයගේ සහෝදරයාට ලෙබනන් තානාපතිකාර්යාලයේ සහාය ලබාගැනීමට සිදුවිය. ඔහු තානාපතිකාර්යාලයට කතාකර  ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට රෝහල් ගත කරන ලෙස ඉල්ලීමක් කර ඇත.දුරකතනයට සම්බන්ධ වුන තානාපති කාර්යාලයේ  දෙවන ලේඛම් වන  ලක්ෂ්මි දරන් නමැති නිලධාරියා ඇය රෝහල් ගතකිරීමට ඩොලර් දෙදහසක  (10,000.00) මුදලක් අවශ්‍යයැයි ඉල්ලා සිට ඇත, එපමන මුදලක් සොයා ගැනීමට ලක්ෂ්මි බන්ඩාරගේ සහෝදරයාට නොහැකි බව පවසා ඇත. එවිට එම නිලධාරියා කියා ඇත්තේ එම මුදලට  ලංකා රජයේ අනුමැතිය ලබා ගැනීමට නම්    මාසයක පමන කාලයක් යන බවකි,
එතෙක්  රෝගියෙකු  ප්‍රතිකාරවලට යොමු නොකර තබා ගැනීම රෝගියාගේ ජීවිතයට අනතුරුදායක  බව දැනුනු රෝගියාගේ  සහෝදරයා විසින් වහාම ඇය ප්‍රතිකාරවලට යොමු කිරීම සඳහා රෝහලට ඇතුලත් කිරීමට ලෙබනන් තානාපතිකාර්යාලයේ සහාය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසාදෙන ලෙස ඉල්ලීමක් කරමින් 2021/2/15 දින හාලිඇල පිහිටි විදේශ සේවා පලාත් කාර්යාලයේ CD2472102 යොමු අංකයේ පැමිනිල්ලක්ද ගොනු කර ඇත.
මේ අතර  ලෙබනන් තානාපතිනිය වන ශානි කල්‍යානිරත්න  දිනපතාම රෝගියගේ සහෝදරයා  අමතා ඇයගේ දුකසැප ගැන විස්තර ඔහුට ලබා දී ඇත. කිසිදු ප්‍රතිකාරයකට ඇයව  යොමු නොකට  ගෙදර තබා ගෙන ඇගේ ලෙඩදුක් ගැන කතා කිරීමට ශානි අමතක කර නැත.
මේ පිලිබඳව ඔහු කල පැමිනිල්ලටද හාලිඇල පලාත් කාර්යාලයෙන්ද ඔවුන්ට කිසිම තොරතුරක් නොලැබීම හේතුවෙන් රෝගියාගේ සහෝදරයා විසින් මෙම “රෝගියාගේ ජීවිතයට යම්කිසි විපතක් සිදුවුව හොත් ලෙබනන් තානාපති කාර්යාලය සහ මෙම කාර්යාලයද වගකිව යුතු” බවට සඳහන්  කරමින් ලිඛිතව පැමිනිල්ලක් භාර දීමට  නැවතත් හාලිඇල විදේශ සේවා පලාත් කාර්යාලයට ⁣ගොස් ඇත.ඔවුන්  එම ලිපිය කියවා එහි  ඉහත සඳහන් වගන්තිය  ඉවත් කර ⁣දෙතොත් එය භාරගන්නා බවට  පවසා එම වගන්තිය ඔහු විසින් ඉවත් කරගැනීමට කටයුතු සලසා එම ලිපිය භාරගෙන ඇත.
ලක්ෂ්මි බන්ඩාර නැමැති මෙම කාන්තාව වසර හතලිහක් පමන ලෙබනනයේ සේවය කර ඇත.ඇය ලෙබනනයේ සේවය කිරීමට අවශ්‍ය නීත්‍යානු කූලභාවය තහවුරැ කරගෙන තිබු අතර  ශ්‍රී ලංකා රජයටත් ඉතාම නීත්‍යානුකූල  ලෙස සියලුම ගෙවීම් ගෙවා දමමින්  2022 දක්වා ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාලයේ රක්ෂණයද ගෙවා තිබීම හේතු වෙන් ඇය ප්‍රතිකාර වලට යොමු කිරීම සඳහා හාලිඇලි පලාත් කාර්යාලයේ තුවාන් නමැති නිලධාරියා 3/19 දින ඔහුට  කතාකොට  ඇයට ප්‍රතිකාර කිරීම සඳහා විදේශ සේවා කාර්යාලය මගින් ⁣ඩොලර් දසදහසක (10,000.00) මුදලක්  ලෙබනන් තානාපතිකාර්යාලයට  යැවු බවට පවසා ඇත.
මුදල් ලැබීමෙන් පසුව……………………
——————————–
ලක්ෂ්මි බන්ඩාරගේ සහෝදරයා ලෙබනන් තානාපතිනියට  කීහිප විටක්ම ඇයගේ නිල දුරකතන ඇමතුමට ඇමතුම්  ලබා ගෙන ඇතත්,කිසිවකුත් එයට සම්බන්ධ කරගැනීමට නොහැකි වීය.තානාපතියගේ පුද්ගලික දුරකතනයට කතා කල විට ඒ හැම අවස්ථාවකදීම තානාපතිනියගේ ලිපිකරු විසින් ඇය නොමැති බවට පිලිතුරැ දී ඇත..මේ අනුව ඇය,  ඔහු සමඟ කතාකිරීම හිතාමතා මතා ප්‍රතික්ෂේප කර ඇති බව තහවුරු වි ඇත.
ලක්ෂ්ම් බන්ඩාර රෝහල් ගත නොකොට ඇයගේ සුවදුක් ගැන සොයා බලන ලෙස හැසිරෙමින්  මෙම රෝගියාගේ සහෝදරයා සමඟ දිනපතාම දුරකතනයෙන් කතාබස් කරමින් රෝගියාට  හදාදෙන සුප් එක ගැනද සාකච්ජා කල තානාපතිනිය, රෝගියා  ප්‍රතිකාර වලට යොමු කිරීම සඳහා  රෝහල් ගත කිරීමට අවශ්‍ය  යැයි කියා විදේශනියුක්ති කාර්යාලයෙන් ඇමරිකානු ඩොලර් (10,000.00 ) දසදහසක මුදල ලබාගත්  පසු ඔහු සමඟ කිසිඳු වචනයක්වත් කතානො කර ඔහුව හිතාමතා මඟහැරිය  බව රෝගියාගේ සහෝදරයා පවසයි,
හාලිඇල පලාත් සභාකාර්යාලයෙන්ද ඔහු රෝගියා ගැන තොරතුරු විමසු විට රෝගියා සුව අතට හැරෙමින් ඇති බවට  ඔවුන් කියා ඇත.
නමුත් මේ කිසිකෙනෙකුට  ඇය ප්‍රතිකාර ලබන රෝහල කුමක්ද කියා තානාපතිකාර්යාලය දන්වා නැත.
ඒ් අතර ලක්ෂ්මි බන්ඩාර ලඟින් ඇසුරැ කල ඇයගේ හිත මිතුරන් පවා ⁣ලෙබනනයේ රෝහල් පීරමින් ඇය කුමන රෝහලේ ප්‍රතිකාර ලබනවාද යන්න සොයා බලාඇත.
කිසිඳු රෝහලක එවැනි රෝගියෙක් හමුවී නැත.ඇයට සිදුවුයේ කුමක්ද කියා මේ කිසිකෙනෙක් නොදනී , තානාපතිනිය ඇතුලු එහි සේවය කරන වගකිව යුතු කිසිම නිලධාරියෙක් ඇය ගැන තොරතුරක් ලබා දී නොමැත.ලක්ෂ්මි බන්ඩාර ජීවත්ව ඇත්තේ තනිවමය, ඇයරෝහල් ගෙන්ච්චාද……? නැත්නම් මුදල් ලැබෙන තුරැ කොහේ හෝ සඟවා සිටියාද යන්න සියලුම දෙනාට ප්‍රශ්නයක් සහ ඒ පිලිබඳව රෝගියාගේ සහෝදරයාට සැකයක් මතුව තිබේ,
පසුව
——-
ලක්ෂ්ම් බන්ඩාරව රෝහල් ගත කරා යැයි තානාපතිකාර්යාලයේ සේවය කරන දෙවන ලේඛම්  වන ලක්ෂ්මීදරන් මහතා  රෝගියාගේ  සහෝදරයාට පවසා ඇත, නමුත් කුමන රෝහලේ ප්‍රතිකාර ලබනවාද කියා නොමැත.ඇය ප්‍රතිකාර ලබන රොිහල ගැන  ලෙබනනයේ සිටින රෝගියාගේ ලඟම හිතුවතුන්ට පවාද දැනගැනීමට නොහැකි විය.තානාපති තුමිය සහ ලක්ෂ්මිදරන් නමැති නිලධාරියා එය අභිරහසක් වශයෙන් රැකගෙන සිටියේ කුමකටද……….?ඇත්තටම රෝගියා රෝහල් ගත කලානම් කුමන රෝහලේ ප්‍රතිකාර කරනවාද යන්න පවසා නැත්තේ ඇයි………………..?
ඊට දින හතරකට පසු තානාපතිකාර්යාලයේ දෙවැනි ලේඛම් වන ලක්ෂ්මිදරන් රාත්‍රි දහයට පමන රෝගියාගේ සහෝදරයට කතා කොට ඇය මියගිය බවට පවසා ඇත.
ඩොලර් දෙදහසක් නොමැතිව ඇයව රෝහල් ගත නොකර, පසුව  විදේශ සේවා කාර්යාලය හරහා ඇයගේ රක්ෂණ වන්දි මුදලෙන් ඩොලර්  (10,000.00)දහදහසක් ලබා දීමට කඩිනමින් කටයුතු සලසා දී  ඇතත්,  මුදල් ලැබීමෙන් පසු  රෝගියා රෝහලේ ප්‍රතිකාර ලබනවා යැයි පවසා  කොහේ හෝ සඟවාගෙන ඇයට මිය යන්නට ඉඩ හැර ඇති බවට සහෝදරයා චෝදනා කරයි.
කිසිඳු  හිතවතෙකුට හෝ පවුලේ කෙනෙකුට ඇය ප්‍රතිකාර ලබන රෝහල කුමක්ද යන්න හෙලි නොකිරීමත්
මුදල් ලබාගන්නා තුරැ ඔහුට කතාකල තානාපතිනිය මුදල් ලැබීමෙන් පසු හිතාමතා ඔහුව  මඟහැර සිටීමද මෙම මරනය මුදල් ලබාගැනීමේ අරමුනින් සිදුකල මරනයක් බවට ඇගේ සහෝදරයා සැක කරයි,
මේවන විට එම මෘතදේහය පිලිබඳව පවුලේ  කෙනෙකුගේ හෝ මියගිය කාන්තාව ඇසුරැකල හිතවතුන්ගේද අනු දැනුමකන් තොරව තානාපතිකාර්යාලයේ කැමැත්තට භුමදානය කටයුතුද සිදුකර ඇති බවට තොරතුරු අනාවරනය විය,
සාමාන්‍ය නීතියට අනුව මෙරට තුල  මරනයක් භූමදානය කිරිමට පවුලේ උදවියගේ කැමැත්ත අවශ්‍ය විය යුතුයි, නොඑසේනම්  එම මරනය ලංකාවට යැවීය යුතුයි,මේ දෙකෙන් එකක්වත් නොතකා තානාපතිකාර්යාලය විසින් මරනය භුමදානය කලේ කෙසේද……………..?
නිසි වෙලාවේදි එම රෝගියා ලංකාවට යැවීමට කටයුතු සිදුකලානම් අඩු තරමේ  පවුලේ උදවිය අතරේ හෝ ඇයගේ මරනය සිදුවීම ඔවුනට  අස්වැසිල්ලක් වීය.
එහෙත් අද පතාලයේ මිනිමරුවන්ට පවා ලෝකේ කොහේ සැඟව සිටියත් මාතෘ භුමියේ වැලලිමට වාසනාව ලැබී ඇත.තමන්ගේ අවසන් ගමන් නෑදෑ හිතවතුන් මැද්දේ ආගමානුකූලව  සිදුවීමට තරම් පාතාලයෝ වාසනාවන්තයෝය.
එහෙත් අද රට විරැවා කුනු කූඩයක් ගානට වැටී ඇත, අවසන් මොහොතේ වත් තමන්ගේ මාතෘභූමියේ වැලලීමටවත් ඉඩක් නැත,
අදටත් අභිරහසක් වෙන ලක්ෂ්මි බන්ඩාර⁣ගේ මරණය සම්බන්ධව සහ ඇයට ප්‍රතිකාර සඳහා විදේශ සේවාකාර්යාංශය මගින් යවා ඇති මුදල් වලට සිදුවූ දෙය සම්බන්ධව ලෙබනන් තානාපතිතුමිය වග කිවයුතු යැයි සහොද්රයා ඇතුලු ඇයගේ හිතවතුන් චෝදනා කරයි
මෙි පිලිබඳ අදාල බලධාරින් වහාම ඊට සුදුසු පියවරක් ගත යුතුයි,ඡායාරූප හා

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like