ගෝඨාභය රාජපක්ෂ නැමති මිනිමරු නින්දිත පාලකයාව පත් කර ගැනීමට “රටවිරුවන් ” වැල නොකඩී පැමිණියේ අතේ සල්ලි වියදම් කරගනිමිනි. ඒ 2019 නොවැම්බර් මසය. එසේ එන සියල්ලටම මල් මාලා දමා පිලිගැනීමට එදා පැවති යහපාලන රජයේ ප්‍රජාතන්ත්‍රවාද ආශිර්වාදයක් වුවාට කිසිදු සැකයක නැත.
ඒ රටේ මිනිමරුවෙකු , පල් හොරෙකු රජකරවීමටය. ඒ රටවිරුවන්ටම අද ” දිට්ඨ ධම්ම වේදනීය කර්මය ” ඉතාම හොදින් ඵල දෙමින් ඇති බව නොකියාම බැරිය. ඒ තමන් පත් කරගත් පාලකයා ගෙන්ම තම ජීවිතය බේරා දෙන ලෙසට අයදීමට සිදුවීම එක්තරා ආකාරයක දෛවයේ සරදමකි. මේ වනවිට විදෙස් රටවල මිය ගිය නිල නොලත් ගනන 348 බව අපවෙතට වාර්තා වී ඇත.
කොරෝනා ලෝකය පුරා ව්‍යාපත වීමත් සමඟම මහා පුරාජේරුවෙන් පවිත්‍රා වන්නිආරච්චි හා විදේශ ඇමති දිනේෂ් ගුණවරධන මහතා එකව කටුනායක ගුවන් තොටුපලේ PCR. යන්ත්‍ර 02 ක් ගෙනවිත් උත්සව ශ්‍රියෙන් සවිකලෝය. ඒත් දැන් මෙම යන්ත්‍ර දෙකම ගලවා ගෙන ගොස්ය. අරුම පුදුම ගසා කැම ආරම්භය එතනින්ය.
ඉන් එක් යන්ත්‍රයක් දැන් සවිකර ඇත්තේ VIP. රතු පලසේ යන අයටය. අනිත් මැෂිම ගුවන්සේවා භර ඇමති ප්‍රසන්න රනතුංග ගම්පහට රැගෙන ගොස් ඇති බව දැන ගැනීමට ඇත. කෙසේ වෙතත් දැන් මෙරටට පැමිණෙන එදා රට විරුවන් අද ඩොලර් 40 ක් ගෙවිය යුතුය. රුපියල් 8500.00 ක් ගෙවා තම PCR පරික්ෂණය කර ගැනීම කල යුතුය. නොමිලේ කිරීමට තිබු මැෂින් ගලාවා දමා නවලෝක රෝහලින් හා ආසිරි රෝහලින් එම වාර්තාවන් ලබා ගැනීම කල යුතුය.
ඊට සැඟ වුන හේතුවක් ඇත. ඒ ගුවන් සේවා අධ්‍යක්ෂක මංඩලයේ රෝහිත රාජපක්ෂ ගේ (චිචි ) ගේ බිරිද ටට්යානා ගේ මව හා එයාර් ලංකා සමාගමේ සභාපති ,අසිරි රෝහලේ අයිතිකරු අශෝක පතිර ගේ මෙම මැෂින් කිසිසේත් සවි කිරීමට ඉඩ නොදෙන බව අපට දැන ගැනීමට ඇත.
ටට්යා නා ගේ මව ගේ ඉතාම කිට්ටුවන්ත ඥාතියකු වන නවලෝක ධර්මදාස සමුහ ව්‍යාපාරය සමඟ ඇති සමබන්දයත් අශෝක පතිර ගේ යනු මහින්ද රාජපක්ෂලා රටේ සොරාගත් මුදල් ව්‍යාපාරවල් වල යොදවන, ගුවන් සමාගමේ සභාපතිවරයාය. ඒත් එයාර් පෝට් එවියෙෂන් සමාගමේ අධ්‍යක්ෂක ජනරාල් ලෙසට සිටින මේජර් ජනරාල් චන්ද්‍රසිරි මහතා කොපමන උත්සහා කලත් මෙම PCR මැෂින් නැවත් සවි කිරීමට මෙම දෙදෙනා ඉඩ නොදෙන්නේ ඔවුන් ගේ රෝහල් වල ආදායම 14%කින් පහල වැටී ඇති නිසාය.
ඊට විකල්පයක් ලෙසට මේ හුරා කෑම දිගටම සිදු කරමින් ඇත. මෙම ඩොලර් 40 තුලින් රජයේ අය භරය ලෙසට රජයට ගෙවන්නේ ඉතාම සොච්චමකි. ඒ ඩොලර් 0.75 වැනි ගනනකි. මේ ගසා කෑම රාජපක්ෂ පවුලේ ගසා කෑමක් නිසාම කිසිවෙකු කට අරින්නේ නැත. එය ගෝඨාභය පත් කිරීමට අතින් සල්ලි ගෙවා මෙරටට පැමිණි ජනතාවට රාජපක්ෂලා දුන් ටොක්කකි……
” ඔරුවේ නැඟ ගඟෙන් එගොඩ උනාට ඔරුව කරේ තියා ගෙන නොයන බව……” මහින්ද වෙලා පහිම්ම කීවේ මේ නිසාය.