බොරැල්ල කනත්ත- ගෝල්ෆේස් පිටිය අසන්නේ පිහිටි දේවි බාලිකා විද්‍යාලයේ අක්කර දෙකහමාරක ( 2 1/2 ) වපසරියකින් යුත් භූමියට මේ වන විට ශ්‍රී ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයෙකු කෙල හලමින් සිටින බව අප වෙත වාර්තා වේ.
මීට ආසන්නතම හේතුව වී ඇත්තේ පසුගියදා අප මුල්වරට හෙළි කළ නුගේගොඩ උඩහමුල්ල ශ්‍රී විජයාරාම මහා විද්‍යාලය පරිශ්‍රයේ ඉබි යතුරු කඩා ඇතුළු වු දිලිප් ජයවීර, ධම්මික පෙරේරා , පොදු පෙරමුණ කෝට්ටේ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වූ දැනට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ සමග බලහත්කාරයෙන් ඇතුළු වීමෙන් පසු එම උඩහමුල්ල ශ්‍රී විජයාරාම මහ විද්‍යාලයේ අක්කර 4 1/2 ක භූමිය නිරීක්ෂණය කළ බව අපි හෙළිකළමු.( ප්‍රථම වරට සිරස නාලිකාවෙන් හෙලිකර ඇත.)
ඉන් නොනැවතුනු මෙම කූටප්‍රකාර ගනුදෙනුකරුවන් දැන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඉඩම් වලට කෙල හලමින් ඇවිදින බව අප වෙත ඉතා විශ්වාසවන්ත තොරතුරුකරුවන් කියා සිටී. දැන් සිදුවන්නේ දේවි බාලිකා විද්‍යාලයේ පිහිටි ඉඩමට ආර්ථිකමය වශයෙන් විශාල වටිනාකමක් ඇති හෙයින් එම භූමිය ධම්මික පෙරේරාගේ ව්‍යාපෘතියකට ලබාගෙන එය සංවර්ධනය කොට වෙනත් කටයුත්තකට යෙදවීමට හෝ නොඑසේ නම් එම ස්ථානයේ වෙනත් කාර්යයක් සිදු කිරීමට ඇස කවන බවයි. NEWS TUBE .පුවත්පත “ගජමිතුරු කෝටිපතියෙකු ගෙන් දේවි බාලිකාවට ලන්සුවක්…..” යන මැයෙන් ප්‍රවෘතියක් හෙළිකොට ඇත
ඒත් මේ පිළිබඳව අපගේ තොරතුරුකරුවන් ගේ විමර්ශනයෙදී දැනගන්නට හමුවී ඇත්තේ ශ්‍රී විජයාරාම විද්‍යාල භූමිය සංවර්ධනය කොට එම ස්ථානයට දේවි බාලිකාව රැගෙන යාමට අවශ්‍ය අනුමතිය අධ්‍යාපන අමාත්‍යංශයෙන් ද මේ වනවිට ලැබී ඇති බවයි. අද දිලිප් ජයවීරලා සිදුකරන්නේ අක්කාව වර්ණනාකොට නංගීව රැගෙනයාමකට බව ප්‍රදේශවාසින් අප සමඟ පැවසීය.