උණුසුම් පුවත්

මානව හිමිකම් යෝජනා ගෙන ආවේ ශ්‍රිලංකා රජයට විරුද්ධව නොව රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධවයි.

Spread the love

එක්සත් ජාතින් ගේ සංවිධානය පිළිබඳව ශ්‍රී ලංකාවට ඈත අතීතයේ සිටම ඇත්තේ ඉතාමත්ම සමීප සුහද සම්බන්ධතාවයකි 1956 නොවැම්බර්  22 දෙවැනි දින ප්‍රථම වතාවට B.P.G/590 යටතේ එවකට අග්‍රාමාත්‍ය සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රථම වතාවට අමතා ඇති බවට ලේඛන වලින් තහවුරු වේ. එදා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතූ එවකට අග්‍රාමාත්‍ය  එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක් මහතා ලංකාවේ දේශපාලනික සහ අනාගත දැක්ම පිළිබඳව ලෝක නායකයින් සමග ඉතාමත්ම සුහදව මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරන රටක් බවට ලෝකයට කියා පෑවේය.

 ඉන්පසුව ශ්‍රී ලංකාවේ ඒකීය භාවය සහ භෞමික අඛණ්ඩතාවය පිළිබඳව ඉතාම  ජාති, ආගම් ,භේද කින් තොරව එක්සත් ජාතීන්ගේ සංවිධානය මහා මණ්ඩලය අමතා ඇත්තේ 1975 අංක A P 1345 යටතේ  G.G.  පොන්නම්බලම් මහතා දිගින් දිගටම වසර දෙකක් 1976 දී ද 1446 යටතේ පැවති එම රෙගුලාසි පිළිබඳ ලංකාවේ ජාති ආගම් භේදයකින් තොරව සියළු පුරවැසියන් ඉතා සුවඳ  සහෝදරත්වයෙන් ජීවත් වන බව එදා කියා  කියාපෑවේ ඉතාමත්ම ආඩම්බරයෙන්ය.

 ඉන් පසුව  1977 වර්ෂයේ සිට 1985 වර්ෂයේ සිට දක්වාම දිගින් දිගටම ශ්‍රී ලංකාව වෙනුවෙන්  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී කරුණු දැක්වූයේ මුස්ලිම් ජාතිකයෙකු වූ සිය  ඒ.සී.එස්. හමීඩ් ඇමතිවරයාය. එදා පොන්නම්බලම් මහතා දෙමළ ජාතිකයෙකු වශයෙනුත් සහ මුස්ලිම් ජාතිකයෙකු වශයෙන් ඒ.සී.එස්. හමීඩ් ඇමතිවරයාත්  රට ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි ජාති, ආගම් ,කුල මල කිසිදු භේදයක් නොමැතිව තම උපන් රට මව්බිම වෙනුවෙනි.

  උඩු යටිකුරු කිරීමට  ක්‍රියාකර ඇත්තේ දේශපාලකයින් මය, අවසානයේ දෙමල ජාතිකයෙකු වු ලක්ෂ්මන් කදිරගාමර් මහතා ද තම උපන් බිම වෙනුවෙන් එක්සත් ජාතින් ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ අපරිමිත වැඩ කොටසක් කලේය.  මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීමට සහ ඒ අවශ්‍ය සැසිවාරයේදී මානව හිමිකම් කඩ කිරීම් ශ්‍රී ලංකාවේ දිගින් දිගටම සිදුවීම පිළිබඳව  වාර්ත රැගෙන  ගියේ 1988/ 89 වර්ෂවල ශ්‍රී ලංකා රජයට විරුද්ධව එවකට  විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ය.

  මෙහිදී රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඔහු නියෝජනය කරන ආණ්ඩු පක්ෂයට අද බරපතල චෝදනාවක් එල්ල වී ඇත. එහිදී විශේෂයෙන් ම මොවුන් ගෙනහැර දක්වන්න බෙදුම්වාදී ත්‍රස්තවාදීන් ගේ ක්‍රියාවක් නිසා ත්‍රස්තවාදය විනාශ කළ දේශපාලකයන්ට යුද්ධය පරාජක කිරීම නිසා චෝදනා කරන බවකි. ඒත් අය අමුලික බොරුවකි.

ඒවනි කිසිවක් මෙවර වාර්තාවේ නැත. ඇත්තේ රටේ ජනතාව ගේ නිදහස සීමා කිරීම හා හමුදා ජුන්ටාවක් ඇති කිරීම, පිලිබද කරුණුය. අද සිදුව ඇත්තේ ශ්‍රී ලාංකීය ජනතාවගේ මානව හිමිකම් කඩ කිරීම සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනවාර්ගිකයන් ගේ මානව හිමිකම් ආණ්ඩුව විසින් කඩ කරන බවට චෝදනා කරමින්, මෙම වාර්තාව මෙවර ඉදිරිපත් වී ඇත. විශේෂයෙන් ම පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ අධිකරණය මුළුමනින්ම දේශපාලනීකරණය වී ඇති බවත් ,නීතිය සර්ව සාධාරණව සිදුනොවන බවත්, ජනමාධ්‍ය නිදහස මුළුමනින් ම අවහිර කරන, ජන මාධ්‍ය කරුවන්ට වක්‍රාකාරව සහ සෘජුව  රාජ්‍ය ත්‍රස්තවාදය යොදා තර්ජනය කරන බවකි. 

මේ නිසා මෙම මෙවර මානව හිමිකම් සැසිවාරයේදී මුළුමනින්ම ගෝඨාභය ආණ්ඩුවට විරුද්ධව  සියලුම රාජ්‍යයන් ගෙනහැර පෑ එකම දෙය නම් ලාංකීය ජනතාවට නිදහසේ  මානව හිමිකම් භුක්ති විදීමට  ආණ්ඩුව ඉඩ ඉඩ සැලසිය යුතු බවයි . අද පුරා සිටි කියා සිටින්නේ තම රටට විරුද්ධව ජාත්‍යන්තරය කැනහිලිකම් කරන බව ය. එය අමූලික, පට්ටපල් බොරය.

මේ නිසාම ලාංකීය ජනතාව පක්ෂ දේශපාලනයෙන් තොර ව තමාගේ මානව හිමිකම් ආණ්ඩුව ලවා රැකගැනීමට එකට පෙළ ගැසිය යුතු බව අපි අවධාරණය කියා සිටින්නෙමු.


Spread the love

Leave a Comment

You may also like