උණුසුම් පුවත්

යෝසිතගේ බිරිය නිතීෂාගේ මීඩියා ෆැක්ටරියට ( Media Factory )රජයේ බැංකු ,පීපල්ස් ලීසිං , ශ්‍රී ලංකා රක්ෂණ සමාගම්,මසකට රුපියල් මිලියන 02 ක AD දිය යුතුයි,

Spread the love

රාජපක්ෂලා තරම් ලද පමණින් සෑහීමකට පත් නොවන වෙනත් පවුලක් රටේම නොමැති තරම්‍ ය.
නාමල් බේබිගේ බිරියගේ පියා ක්‍රිකට් වලින් හම්බ කරද්දී යෝසිතගේ බිරිය වන නිතීෂාගේ මීඩියා ෆැක්ටරි ( Media Factory ) නම් මෑතක පිහිටුවා ගත් ප්‍රචාරක ඒජන්සිය ට රජයේ හොඳම ආයතන තුනක ප්‍රචාරක කටයුතු සම්පූර්ණයෙන් භාර දී තිබේ.
පීපල්ස් ලීසිං , ලංකා බැංකුව  හා ශ්‍රී ලංකා රක්ෂණ සමාගම එම ආයතන තුනයි.
මීට අමතරව රාජපක්ෂලා සමග විශේෂ සබඳතා ඇති නන්දන ලොකුගේට අයත්  මෑතක පිහිටුවන ලද ටයර් නිෂ්පාදනාගාරයේ සියලු ප්‍රචාරක කටයුතු සිදු කරන්නේද මීඩියා ෆැක්ටරි ය.ලොතරැයියක් ද අලුතින් එක් කර ගෙන තිබේ.
මේ හේතුවෙන් වෙනත්  ප්‍රචාරක සමාගම් නන්නත්තාර වී ඇත.
ලොකුම ප්‍රචාරක සමාගමක් වන ට්‍රයි ඇඩ් සමාගමේ හිමි කරු වන දිලිත් ජයවීරටද මේ හේතුවෙන් ආදායම් අඩු වී යාම හේතුවෙන් කොළඹ අවට ඉඩම් කුණු කොල්ලයට මිළදී ගැනීම ආරම්භ කර ඇතැයි ලංකා දවසට වාර්තා වේ.
ඔහු ධම්මික පෙරේරා හා එක්ව නුගේගොඩ පාසල් ඉඩමක් මංකොල්ල කෑමට සූදානම් වන අයුරු අප මීට පෙර වාර්තා කළෙමු.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like