උණුසුම් පුවත්

ජනතාවෙනි අවදියෙන් සිටින්න……………දිලිප් ජයවීර හා ධම්මික පෙරේරා දෙදෙනා එක්ව නුගේගොඩ උඩහමුල්ල ශ්‍රී විජයාරාම මහ විද්‍යාලයේ ඉඩම කොල්ලකෑමට සූදානම්….(ඡායාරූප සහිතයි )

Spread the love

මේ වෙනවිට ගෝඨාභය රාජපක්ෂගේ හිතමිතුරු ගජමිතුරු කල්ලිය රටේ ඉඩම් මංකොල්ල කමින් ,ජනතාවගේ මුදල් කොල්ල කමින් අසාමාන්‍ය ආකාරයේ ධනය ඉපයීමත් පිළිබඳව දිනපතාම අප වෙත වාර්තා වේ.

  කොරෝනාවෛරසය පැමිණීමත් සමගම antigen මෙරටට ගෙන්වා antigen Man නමින් ප්‍රසිද්ධියට පත් දෙරණ හිමිකරු දිලිත් ජයවීර සහ මෙරට ජනතාවගේ සෞඛ්‍යය බල්ලට දමා  තමාගේ මඩිය පුරවා ගැනීම සඳහා මෙරටට කුණු කන්ටේනර් පිටින් ගෙන්වූ ධම්මික පෙරේරා දෙදෙනාම අද කෙල හලමින් සිටින්නේ නුගේගොඩ උඩහමුල්ල ශ්‍රී විජයාරාම මහ විද්‍යාලයේ ඉඩම කොල්ලකෑමටය .

පසුගියදා විජයාරාම මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ට දුරකථන දීමකින් කතා කර ඇති   ජයවර්ධනපුර නගර සභා මන්ත්‍රීවරයෙකු වහාම විදුහලේ යතුර තමන් වෙත බාරදීමට නියෝග කර ඇත. විදුහල්පතිනි ඉතා නිර්භීතව එය කිසිසේත් සිදු නොකරන බව දැනුම් දීමත් ,සමගම  නාගරික මන්ත්‍රීවරයා විද්‍යාලයේ  ප්‍රධාන ගේට්ටුව ඉබි යතුරු කඩා විද්‍යාල භූමියට  ඇතුළු වී ඇත. 

කුප්‍රකට දෙරණ හිමිකරු රටේ මුදල් සහ  ජනතාව ගොනාට අන්දන නාලිකාවේ හිමිකරු දිලිත් ජයවීර සහ මෙරට එංගලන්තේ කුණු කන්ටේනර් පිටින් ගෙන්වූ ධම්මික පෙරේරා දෙදෙනා එක්ව  රට පුරාම කැසිනෝ ශාලා විවෘත කරමින් ජනතාවගේ සභ්‍යත්වය, සංස්කෘතිය පිළිබඳ මහ ඉහළින් කතා කරන ධම්මික පෙරේරා දැන් ගෝඨාභයගේ අනුහසින් නුගේගොඩ , විජයාරාම මහ විද්‍යාලය, කොල්ලකෑමට සූදානම් වන බව අප වෙත ඉතා විශ්වාසවන්ත තොරතුරු ලැබී ඇත.

  පසුගියදා සිරස නාලිකා විසින් හෙළි කිරීමත් සමගම ජනතාව ඒ පිළිබඳව දිගින් දිගටම සොයා බැලීමට කටයුතු කර ඇත .තම  විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුළු වු පුද්ගලයින් පිළිබඳව මිරිහාන පොලීසියට පැමිණිලි කර ඇති අතර එම පැමිණිල්ලේ සඳහන් ධම්මික පෙරේරා, පිලිප් ජයවීර සහ කෝට්ටේ නාගරික මන්ත්‍රී සහ තවත් නාගරික මන්ත්‍රිවරියක් පිළිබඳව සඳහන් පැමිණිල්ල මේ වන තෙක් කිසිඳු විභාගයකට හෝ අඩුම තරමින් සුළු පැමිණිලි ලේඛනයේ වත් ලේඛනගත කොට නැති බව මිරිහාන පොලිස් ආරංචිමාර්ග ද අප වෙත  කියා සිටී.

මේ නිසා රටේ ජනතාව දැන් දැඩි අවධානයක් යොමු කළ යුත්තේ නුගේගොඩ උඩහමුල්ල ශ්‍රී විජයාරාම විද්‍යාලයේ මෙම ඉඩම පිළිබඳ ව ය. මෙය පුද්ගලික අයිතිකරුවන් සිටින රජයට පාසලක් වශයෙන් පවත්වාගෙන යාමට 1943දී පරිත්‍යාග කරන ලද පරිත්‍යාගයක් නිසා, මේ පිළිබඳව ඔවුන්ට ඉව වැටී මේ කොල්ල කෑමට දැන් සූදානම් වෙමින් ඇත.

  මේ පිළිබඳව ලංකා දවස අප ද අපගේ තොරතුරුකරුවන් හරහා දිගින් දිගටම සොයා බලමින් සිටින බව ද අපි රටේ ජනතාවට හෙළි කරන්නෙමු.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like