උණුසුම් පුවත්

” ජනමාධ්‍ය නිදහස ඇති තැන ප්‍රජාතන්ත්‍රවාදය ඇති අතරම මාධ්‍ය නිදහස නැති තැන ඒකාධිපතියෙකු බිහිවනවා ” – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා .

Spread the love

( විශේෂ ස්තුතිය සිරස මාධ්‍යට ඡායාරුප වෙනුවෙන් )

  සූරියවැව අද  ( 21 ) පැවති  “හුස්ම ගන්න ඉඩ දෙන්න “ තේමාවෙන් යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ ප්‍රධානත්වයෙන්  “ජාත්‍යන්තර වනාන්තර දිනය” සැමරීය .රට පුරා පැල ලක්ෂයක් සිටවීමට කටයුතු යොදා ඇති බව මෙම උත්සවය ආරම්භයේදීම පෙන්න දෙන ලදි. උත්සවයකට සහභාගී වෙමින්  කියා සිටියේ රටක ජනමාධ්‍යය නිදහස පවතින්නේ නම් ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ද ඉතා හොඳින් ක්‍රියාත්මක වන බවයි. කිසිදු රජයකට හෝ පාලකයකුට රටේ පවත්නා ජනමාධ්‍ය නිදහස සීමා කිරීමට හෝ තහනම් කිරීමට අයිතියක් නොමැති බව ඔහු අවධාරණය කළේය.වැඩිදුරටත් අදහස් දැක් වු විපක්ෂ නායකවරයා ජනමාධ්‍ය කරුවන් වශයෙන් සෑම දෙනාම තම තමාට ස්වයං වාරණයක් පවත්වාගෙන ඇත්ත ඇති සැටියෙන් වාර්තා කිරීම රටේ ජනතාවගේ බුද්ධි වර්ධනය කිරීම වැනි කාරණා පිළිබඳව දැඩි අවධානය තම-තමන් ම යොමු කළ යුතු බවත්, ඔහු මෙහිදී පැවසීය.

තවදුරටත් කියා සිටියේ පසුගිය අඳුරු යුගයක් තුළ දී සිරස මාධ්‍යට ගිනිතැබීම ,සියත නාලිකාව ගිනිබත් කිරීම අපිට අමතක් නෑ.   ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ ලා මිය ගිය සේම, පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන් ලා ගුටිකා අත් කකුල් කඩා ගත් යුගයක් ද ජනතාව පසු කර ඇති බවයි.

ඉදිරි කාලය තුලදී කිසිදු අවස්ථාවක තම රජයක් යටතේ දී ජනමාධ්‍ය නිදහස සීමා කිරීමට හෝ ජනමාධ්‍ය වෙත කුමන හෝ අණපනත් පැනවීමට තමා කිසිසේත් ඉඩ නොතබන බවත් ,තමාගේ දේශපාලකයින්ට පවා ජනමාධ්‍ය සමඟ සුහදත්වයෙන් වැඩ කටයුතු කර ගැනීමත් ,රටේ ඇති අඩුපාඩු පෙන්වාදීම ජනමාධ්‍ය යුතුකමක් සේ සලකන බව ඔහු වැඩිදුරටත් පැවසීය. මේ වන විට රට පුරා ම දිගින් දිගට ම ඇති වී තිබෙන   වන සංහාරයට එරෙහිව ජනතාව කදවුරු බැදීම හා පාලකයාට ඒවා පෙන්වාදීම පිලිබදව අපි සතුටු විය යුතු බව පැවසීය.

රට තුළ ව්‍යාප්ත වෙන පරිසර හානි හා අනෙකුත් නීති විරෝධී කටයුතු පිළිබඳව ජනමාධ්‍ය යුතුකම ඒවා රටේ පාලකයින්ට පෙන්වාදීම බවත්, මේ අනුව තම පාලන කාලය තුළදී කිසිසේත් ඒවාට සීමා පැනවීමට නොයන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 

 


Spread the love

Leave a Comment

You may also like