උණුසුම් පුවත්

“මාධ්‍යට පාඩම් උගන්නන්න ඔනි ක්‍රම තියෙනවා මම ඒවා දන්නවා” – මාධ්‍යකරුවන් ගේ ජීවිත හා ආයතන වලට ජනපතිගෙන් ජීවිත තර්ජන…

Spread the love

“පෙට්ටිකඩයක්වත් නොකල ,ප්‍රාදේශය සභාවකවත් නොසිටි හමුදා නිලධාරියෙකුට මම විරුද්ධයි…”
– පාර්ලිමේන්තු මංත්‍රි කුමාර වෙල්ගම-

” අහිංසක මිනිසුන් පැල්පත් නිවාස වලින් බලහත් කාරයෙන් එලියට ඇදලා දාපු හමුදා නිලධාරි මානසිකත්වයෙන් සිටින ගෝඨාභයට විරුද්ධයි.
-මංත්‍රිවාසු දේව-

මෙසේ කීවේ එදා ගෝඨාභය ගැන රටේ ජනතාවට වඩා ඉතාම හොදටම දන්න දෙන්නෙකි. ඒත්  ජනතාවත් ගෝඨාභය යනු මිනිමරුවෙකු, ජනතා මුදල් සොරාගත් හොරෙකු බව නොදන්නවා නොවේ. ඒත් එදා පැවති යහපාලනයේ අන්තයටම එපාවු යු.ඇන්.පී කාරයන් පවා ගෝඨාට ඡන්දය දුන්නේ රනිල් මෛත්‍රි ගේ දීගය නිමා කිරිමටය.

කෙසේ කොයි හැටි වෙතත් දැන් රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය. රටේ නායකයා පරිනත මුහුකුරා ගිය අයෙකු විය යුතුය. ඊට ඕනෑ තරම් රටේම නිදසුන් ඇතත් තම අයියා ගෙන්ම  ඉගෙන ගත හැකිය. සිරස රනිල්ට පැල් බැදගෙන ගැහුවත් කිසි විටකත් සිරසට තර්ජනය නොකරන්න තරන් රනිල් පරිස්ස්ම් විය. ඒ රටක මාධ්‍යක ඇති ප්‍රභල කම නිසාය.

අද වලපනේ ලොඹුවල්තැන්න ගම්මානයේදී සිරස අයිතිකරු මහාරාජාට….”මෙහේ මහාරාජලා …” නැහැ , මහ රජාලත් නැහැ …”යනුවෙන් ප්‍රකාශ කලේ දැඩි වෛරයෙනි. ඊට ආසන්නතම හේතුව නම් රටපුරාම සිදුවන පරිසර විනාශය හෙලිකිරීමත් ,සීනි වංචාවත් ,පොල්තෙල් වංචාවත් හෙලි කිරීමය. දැන් සිරසේ මාධ්‍යකරුවන් ගේ ජීවිත දැඩි අවදානම්ය ඒ ගෝඨභය යනු ලසන්තව වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, මැරු, පෝද්දල ජයන්තගේ, කීත් නොයාර්ට ,උපාලි තෙන්නකෝන්ට, ශ්‍රි ලාල් ප්‍රියන්තලාට, පහර දී අතපය කැඩිමට නියෝග දුන් පුද්ගලයායි.

අද එවනි අතීත පෙර වැරදි ඇති පුද්ගලයෙකු (නමගිය අපරාධකාරයෙකු) රටේ ප්‍රධානම නාලිකාවකට තර්ජනය කිරීම ඉතාම භයානකය. එසේම එය සමස්ථ රට වැසියාම පිලිකුලෙන් හෙලා දැකිය යුතුය. මේ වනවිට 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන පනත ) තේ 27 වන වගන්තියට අනුව අංක 2218/68 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයකින් රටේ මාධ්‍ය හා ජනතාව මෙල්ල කිරීමට සුදානම් වෙන බව අපි කල් තියාම අනතුරු අගවා ඇත.

ඒත් රටේ බුද්ධිමත් යැයි කියන බොහෝ දෙනෙකු මන්ද  බුද්ධිකයන්සේ සිටීමේ විපාකය ඉතාම ළඟදීම විදිනු ඇත.ඉදිරි මාස 60 සම්පුර්ණවීමට පෙර ගෝඨාභය තවත් හමුදාජුන්ටාවක් සමඟ ශ්‍රි ලංකාවත් මියන්මාරයක් කිරීම නම්  සහතිකය.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස

 


Spread the love

Leave a Comment

You may also like