උණුසුම් පුවත්

පාස්කු ප්‍රහාරයේ තොරතුරු විනාශ කල ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පස්සේ නොයා අනුර පස්සේ පන්නන්නේ සරත්ට පැත්ත මාරුවෙලාලු…..

Spread the love

පොලිසිය භාර ඇමති වු සරත් වීරසේකරට පොලිසියට අමතරව ආණ්ඩුව භාර දී ඇති අනෙක් ඇමතිකම ජනතාව ගොනාට ඇන්දවීමය.ඊට හොදම උදාහරණය ඉතාම ගාම්භීරව සරත් ප්‍රකාශ කරන්නේ අනුර දිසානායකටත් ඒවාට උත්තර බදින්න සිදුවන බවයි. ඒත් ඇමති වීරසේකරට පාස්කු කොමිසමේ පැවති විමර්ෂණයක ඒකම ඉස්පිල්ලක්, පාපිල්ලක්වත් කියවීමට නොලබුණ බව අපිට සහතිකය. ඒ සරත් වීරසේකර යනු කද බඩ ඇති අමු මොඩයෙක් නිසාය. රියඅද්මිරාල වු පමණින් මොලේ ඇතැයි සිතන ජාතියේ බඩු සිටින ලංකාවට ඉතාම සුදුසුම කෙනාය.

වීරසේකරට අවංකව පාස්කු ප්‍රහාරය පිලිබදව සෙවීමට උවමනානම් ඇත්තේ වහාම නිලන්ත ජයවර්ධන ගේ දුරකතනය හා ඒවකට ඔහු  පාවිච්චි කල ලැප්ටොප් පරිඝණකය විදෙස් රටකට යවා වෝහාරික වාර්තාවක් ගැනීමය. එදා නිලන්ත ජයවරධන අපරාධ පරික්ෂණ දෙපාර්ත්මෙන්තුවට පැහැදිලිවම කියා ඇත්තේ 21/04/2019 දිනට පෙර හා එදින දත්ත තමා මකා දැමු බවයි . අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුවේ ඒ පිලිබදව ප්‍රකාශ සටහන් කල නිලධාරියාට ඔහු තර්ජනාත්මකව කියා ඇත්තේ මම කලේ මට ඔනි නිසා බවයි ….

  සරත් වීරසේකරට දැන් ඇත්තේ නිලන්ත ජයවර්ධන දුන් ප්‍රකාශ පිටු 43 ක ම රැගෙන කියවා වහාම පාස්කු මහමොළකරු ඇල්ලීමය. අන්න එදාට අපි ඔබව ඇත්තටම වීරයෙකු බව පිලිගන්නෙමු. ඒත් දැන් ඔබ කරන්නේ වසරක් පාසා ජීනිවායාමත් හරියට කලට වේලාවට සියබලාණ්ඩුව 03 කනුවේ සිටින ග්‍රාමාරක්ෂක (සිවිල් ආරක්ෂක බලකායේ ) භට නියාමක වරියගේ ගෙදරට රිංගීමත් යන වැඩ දෙකම පමණි.

රටේ ජනතාව ගේ සල්ලි වලින් ජීවත්වෙන ඔබ දැන් කලයුත්තේ අනුර පස්සේ යාමට වඩා නිලන්තව කුදලා ගෙන විත් පාස්කු ප්‍රහාරයේ අලගිය ,මුලගිය තැන්සෙවීමය අන්න එදාට අනුරත් ඔබට සහාය වෙයි. ඒ නිලන්ත ජයවර්ධනව රැකගැනීමටය.ඒ පාස්කු ප්‍රහාරයේදි ප්‍රහාරකයාට නිලන්තලා ගෙන් ලැබුණු දායකත්වය නිසාය.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස



Spread the love

Leave a Comment

You may also like