(12/03/2021 දින අප ප්‍රථමයෙන්ම මේ පිලිබදව හෙලිකලේ ය.)
මේවනවිට රටතුල පමණක් නොව ලෝකයටම ගෝඨාබහය ජනාධිපති රටකරවන බවට හැගීමක් පහලවු යේ සුජීව ගමගේ නැමති මාධ්‍යවේදියාව පැහැර ගෙන යාමත් සමඟය. ඒත් ඊට කටක් ඇරීමට ශ්‍රි ලංකාවේ වෘතිය මාධ්‍ය වේදින් හෝ සංවිධාන සුදානම නොව්යේ ඇයි දැයි කීමට අපි නොදනිමු.
ඒත් ලංකාවේ එදා අපි දුටු පෙරලිකාර මිඩියාකාරයෝ දැන් එක් එක් පක්ෂවල රෙදි අපුල්ලමින් ගතමනාවට ලොන්ඩරි දමාගෙන සිටන බව නම් උදේ සිට රෑ වෙනතුරු දැකිය හැකිය. ඒත් ඊට ගඩක් නැගීමට අවංක වුවමනාවක් ඇති තවත් මාධ්‍යවේදීන් කීප දෙනෙක් හෝ ශ්‍රි ලංකාවේ නැතුවාම නොවේ. ඒත් ඔවුනට ලොන්ඩරි සියල්ල පරදා ඉදිරියට ඒමට හයියක් ඇත්තේම නැත.
මේ නිසාම සිදුවන්නේ රටේ ජනතාව ගේ ජන විඥාණය මොට්ටවීම පමණි. එහි ප්‍රතිපලය මේ වනවිට ශ්‍රි ලංකීය ජනතාව බුක්ති විදී. ඒ නිසාම සුජීව ගමගේලා ගේ හඩට කිසිවෙක් සවන් නොදේ. ඇත්තෙන්ම සුජීව ගමගේ බොරුවක්ම කියනවානම් පොලිසිය කලයුතුව තිබුණේ ඒ බොරුව සුජීව ගේම නිතිඥවරයා ඉදිරිපිටම කීමට සැලසීමයි. එසේ නොමතිව පුද්ගලයෙකුට මුලික අයිතිවාසිකමක් අහිමි කොට පොලිසිය දැන් මාධ්‍ය ගෙන්වාගෙන තෙපර බෑවාට වැඩක් නැත.
ඒ ගෝඨාබහය ගේ සලේලා ගේ පෙර පැටිකිරිය දන්න නිසාය. දැන් මාධ්‍ය ගෝඨාභයලාට අරහන්ය ඒ චීන පාලනය අනුකරනය කරන්නන් ගේ හැටිය. ඒත් කණගාටුව නිතිඥ නාමල් රාජපක්ෂ (මංත්‍රි නොවේ. ) කියන ආකාරයට රැහේ එකා ගේ උදව්වට කිසිවකුත් දැන් නැත.
ලංකාවේ දැන් ඇත්තේ මිඩියා නොවන හමිඩිය ඇදුන් මසන්නන් හා රෙදි අපුල්ලන්නන්ය.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස
