අංක 2218 / 68 දරණ 2021/03/12 දිනති අති විශේෂ ගැසට්පත්‍රය රටේ තරුණ පරපුර බිලි ගැනීමට ආරක්ෂක අංශවලට දුන් අවියක් වන අතරම, මෙය 1978 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට අනුගාමිකවම පලකර ඇති අති විශේෂ ගැසට් පත්‍රයකි.ජනාධිපති ගේ අත්සනින් නිකුත් කොට ඇත.
මාර්තු මස 12 වැනි සිකුරාදා රාත්‍රී 12 ට මෙම ගැසට් පත්‍රය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකව පවතී මෙය 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත අනුව ක්‍රියාත්මකව පවතී. මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 27 වන වගන්තියට අනුව මෙම 2218/68 නැමැති අති විශේෂ ගැසට් පත්‍රය තුළින් ආණ්ඩුව විවේචනය කරනු ලබන ඕනෑම අයෙකු මෙල්ල කිරීමට හැකියාවක් ඇත. මෙහි පලමු ගොදුර බවට පත්ව ඇත්තේ අසාද් සාලි විය හැකිය.
ඒ අනුව කිසියම් පුද්ගලයෙකු සම්බන්ධව සැකපිට ප්‍රශ්න කිරීමේදී ඔහු ජාතිවාදී හෝ ආගම්වාදී රාජ්‍ය විරෝධී කටයුතුවල පිළිබඳව සැකයක් පවති නම් ඔහුව වසරක කාලයකට රඳවා ගැනීමේ නියෝගයක් ලබාදීමට නිතිපතිට බලය ඇත.මේ තුළින් සිදුව ඇත්තේ රාජ්‍ය ත්‍රස්තවාදය නීතියානුකූලව මුදවා හැරීමකි, මෙයින් සමස්ත සමාජය බය ගන්නවා ගෝඨාභය ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑමේ ප්‍රථම ත්‍රස්තවාදි පියවර තබා ඇත.
මේ ආකාරයටම චීනය තුළද මෙවැනි ඉතාමත් මර්දනකාරී අති විශේෂ ගැසට් පත්‍ර යොදවා ජනතාව තලා, පෙලා, බියගන්වා ,මරා බීජිං පාලනය ගෙන යන බව අප ඉතාම හොඳින් දන්නා කරුණකි. අද මියන්මාරය සිදුව ඇති ඉතාම කනගාටුදායක තත්ත්වය ඉතාම නුදුරේ දී ලංකාවේ ජනතාවට අත් විඳින්නට සිදුවන බව ඉතාම පැහැදිලිය.
එම අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව 04 වන කොටසේ දක්වා ඇත්තේ පුද්ගලයෙකු වසරකට නොවැඩි කාලයක් රදවා පුනරුත්තාපනය කල යුතු බවකි. මෙය ත්‍රස්තවාදීන් පුනරුත්තාපනය කරනු ලබන වව්නියාව දි සිදු කිරීමට සියල්ලම ලහිලහියේ සුදානම් කොට ඇත.මෙය රාජපක්ෂ හමුදා ජුන්ටාවට එරෙහිව කතාකරන , ලියන හඩ නඟන සියල්ලම මැඩපැවැත්වීමට ඇට වු උගුලකි. තවත් නොබෝ දිනකින් ශ්‍රි ලංකාවත් මියෙන්මාරයක් වනු ඇත
මෙනිසාම මෙම ගැසට් පත්‍ර පිළිබඳව ජනතා හඬක් මෙන් ම නීති විශාරදයින් ද මේ පිළිබඳව වහාම කරුණු සොයා බලා නිසි පියවර ගැනීමට කටයුතු කළ යුතුය.


