පසුගිය දින සිරස මාධ්‍ය මඟින් පැවැත්වූ ලක්ෂපතිය වැඩසටහනට සහභාගි වූ භාග්‍ය අබේරත්න නැමැති දැරිය විසින් හෙළිකරන ලද සිංහරාජ මායිමේ ගස් කොළන් කපා, සතුන්ට යන එන මං නැති කරනවා යැයි කිවූ ප්‍රවෘත්තිය මාධ්‍ය තුලින් ප්‍රචාරය වීමත් සමඟම ඊට ප්‍රතිචාර දැක්වූ වන සම්පත් අමාත්‍ය සී බී රත්නායක මහතා වහාම එම ගස් කැපීම පිළිබඳව සොයා බලනවා වෙනුවට රක්වාන පොලීසියට දැනුම් දී ඇත්තේ එම භාග්‍යය අබේරත්න නැමැති දැරිය පිළිබඳව විමර්ශනයක් කරන ලෙසයි.
ඒ අනුව රක්වාන වැඩබලන පොලිස් ස්ථානාධිපති එම දැරිය වෙතට ගොස් මේ පිළිබඳව විමර්ශනාත්මක ප්‍රකාශ සටහන් කර ඇති බව මේ වන විට ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපවෙත දැන ගැනීමට ඇත. මේ සඳහා පොලිසිය සමඟ වනජීවී සහ වන සම්පත් පිළිබඳව අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ද වන චීන වනජීවී නිලධාරීන් ඒ සඳහා ගොස් ඇති බව අප වෙත දැන ගැනීමට ඇත.
මෙයින් සී බී රත්නායක ඇමැතිවරයා උත්සාහ කරනු ලබන්නේ රට තුළ මේ වන විට ඉතා සීග්‍ර ලෙස ගස් කොළන් කපා හෙළි පෙහෙළි කිරීම පිළිබඳව රටට හෙළි වීම පාසැල් දරු දැරියන් හරහා ඒ වෙනුවෙන් හඬ නගනවා යැයි, යන්න ප්‍රචාරය වීම නවතා ලීමට ජනතාව බිය වැද්දීමට සදහා වයස අවුරුදු 17 ක කුඩා දැරියක් වෙතට කිසිදු වරදක් නොමතිව පොලිසිය යවා මානසික පීඩනයක් ලබාදීම පිලිබදව රටේ ජනතාව දැඩි විරෝධයක් දැක්විය යුතුය.
මේ පිලිබදව අපි පුද්ගලිකවම සොයා බැලීමේදී ඇමති සී.බී.රත්නායක ගේ දැනුම්දීම මත මෙම විමර්ෂණය අරභකර ඇති බව දැන ගැනීමට හැකි විය
මේ පිළිබඳව රටේ පුරවැසියන් වශයෙන් ගස් කොලන් නොමැතිව ජීවිතයක් පවත්වාගෙන යා නොහැකි බව දැන්වත් සිතට ගත යුතු බව අපි දැඩි අවධානයෙන් දැනුම් දෙන්නෙමු.
විශේෂ ස්තුතිය සිරස මාධ්‍යට…….