මාධ්‍ය මර්දනය සහ මාධ්‍ය වේදින් පැහැර ගැනීම් පිලිබද සිද්ධීන් දිනෙන් දින වර්ධනය වෙන බවක් දක්නට ලැබේ
සුදු වෑන් සංස්කෘතියට තිත තබා කලුපාට මොන්ටේරෝ වර්ගයේ සුඛෝපභෝගි ජීප්රථ වලින් දැන් පැහැරගැනීමේ සංස්කෘතිය ආරම්භ කර තිබේ.
පහුගිය 2021/03/10දින තවත් එක් මාධ්‍ය වේදියකු පැහැරගැනීමකට ලක්ව ඇත.බිහල්පොල පාර,උඩවලවත්ත, දඞදෙනියේ පදිංචි පි.ඩී.ජි සුජිව නැමැති මෙම පුද්ගලයා පාුදේශිය වාර්තාකරැවෙකි,
ඔහු තිඞිරිගස්යායේ පිහිටි තම කාර්යාලයට ගමන්කරමින් සිටින විට නාරාහේන්පිට පොලිස් වසමේදි කලුපාට මොන්ටේරෝ රථයකින් පැමිනි නාදුනන පිරිසක් ඔහු යන මග හරස් කරවා බලහත්කාරයෙන් ජීප්රථයට නංවා පැහැර ගෙන ගොස් ඇත.
පසුව ඔහු වෙනත් ස්ථානයකට රැගෙන ගොස් අමානුෂික ලෙස වදහිංසා පමුනුවා පහර දී ඇත,
පිස්තෝලයක්ද පෙන්වා මරනීය තර්ජනය කොට බිය වද්දා ඔහුගෙන් ප්‍රශ්ණ කර තිබෙන්නේ පාස්කු ප්‍රහාරය පිලිබදවත් විපක්ෂය පිලිබද තොරතුරු උඹලට ලැබෙන්නේ කෙසේද කියාය.එපමනක් නොව උඹ චතුර සේනාරත්නව දන්නේ කොහොමද කියා විමසාද ඇත.
මේලෙස පැය හත අටක් තිස්සේ ගුටි බැට දී බැටර් තද කරනලද යකඩ පටියකින් අත සහ පපුව පෙදෙස පුලුස්සා දමා අමානුෂික ලෙස වද හිංසා පමුනුවා ඇත.
ඔහු සතුව තිබු ඔහුගේ දත්ත ගබඩා කරන පෙන්ඩ්‍රයිව් දෙකක් ඇතුලු සියලු ආම්පන්න උදුරා ගෙන ඇත.
මේ ආකාරයෙන් පැය හත අටක් තිස්සේ අමානුෂික වද හිංසා පමුනුවා පසුව කලු බෑගයකින් මේ මාධ්‍ය වේදියාගේ මුහුන ආවරනය කොට සවස තුනට පමණ දෙමටගොඩ පොලිස් වසමට අයත් ප්‍රදේශයක ගෙනත් අතහැර දමා ඇත.
පසුව
පහරකෑමට ලක්වු මාධ්‍ය වේදියා මේවන කොට ජාතික රෝහලේ 72 ප්‍රතිකාර ලබමින් සිටියි.
රෝහල් පොලීසිය මගින් මේ බව දෙමටගොඩ පොලිස්ස්ථානයට දැනුම් දී ඇත.