ශ්‍රී ලංකාවේ මේ වන විට ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ගේ හමුදා ජුන්ටාව කි. මෙම හමුදා ජුන්ටාව යුදමය ක්‍රියාමාර්ගයකින් රට අත්පත් නොකර ගත්තත්, ඉතාමත්ම වංචාකාරී ලෙස ජනතාවට කළ නොහැකි අසීමිත බොරු කන්දරාවක් කියා තම පරමාධිපත්‍ය බලය වක්‍රාකාරයෙන් උදුරාගන්නා ලද කාලකන්නි හමුදා ජුන්ටාවක් මේ වන විට ස්ථාපිත වී ඇත.
මෙම රාජපක්ෂ ජුන්ටාව මුළුමනින්ම පවුල් පාලනයකින් ගෙනයන අතරම ඊටම ආවේනික වංචාකාරි ව්‍යාපාරික ප්‍රජාවක්, යුක්තියක් ,නිතියක් නොදන්නා විනිසුරන් සහිත අධිකරණ පද්ධතියක් හා රාජපක්ෂවාදි වු රාජ්‍ය සේවකයන් කොටසක් තුලින් රට මෙහෙය වීම සිදු කරමින් ඇත. තමාට හිතවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙංචයියන් ලවා තමන්ට අවශ්‍ය පුද්ගලයන් සිරගත කිරීම සිදුවන්නේ මියන්මාරයට හා සමානවමය . හොඳම උදාහරණය මේ වන විට ලංකාවේ හොරුන් අත්අඩංගුවට ගත යුතු යැයි දිනපතාම හඬ නැගූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන සිර භාරයේ තබා තිබීමයි.
මෙම හමුදා ජුන්ටාව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ මියන්මාරයේ ක්‍රියාත්මක වනවාට වඩා එක්තරා ආකාරයක පිළිකාවක් වැනි වෛරස් ආකාරයකිනි. ශ්‍රී ලංකාවේ අහිංසක ජනතාව නොකා නොබී මේ වන විට අගුපිල්වල වැටී සිටින ආකාරයද දිනපතාම ලෝක ප්‍රජාවට දැකිය හැකිය. කිසිදු මූලික අයිතිවාසිකම කට ගරු නොකරන ලංකාණ්ඩුව ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යොදවා මේ වන විට දැඩි මාධ්‍ය මර්දනයක් සහ මානව හිමිකම් ,පාගා දැමීමට ක්‍රියා කිරීම ලෝක ප්‍රජාවට දැනුම් දිය යුතුය. එවැනි රාජ්‍ය පාලනයක් මෙහෙයවන ලංකා ආණ්ඩුව අද වන විට මියන්මාරයේ මිනීමරු හමුදා ජුන්ටාව, BEAMSTEC සමුළුවට සහභාගී වීම සඳහා නිල වශයෙන් ආරාධනා කොට ඇත .එම ආරාධනාව ලැබූ වහාම ලෝකයේ අනෙකුත් ආසියානු සහ පැසිපික් බොහෝ රටවල් ශ්‍රී ලංකාවට තම අප්‍රසාදය කනස්සල්ල පළ කළ පළකොට Twitter පණිවිඩ යවා ඇති ආකාරය මේ වෙනවිට Twitter පරිහරණයේ දී ඉතා හොඳින් පැහැදිලි වේ.
මේ කිසිවක් නොදන්නා ශ්‍රී ලංකා ජනතාව කිසිදු හැලහොල්මනක් නැතුව සුවසේ රාජපක්ෂලාට තවමත් ආවඩමින් ජීවත්වන්නේ කකුළුවා හැරියේ නටමින් සතුටු වන ආකාරයටය.මේ පිටුපස සිටින්නේ චීන රජය බව අප ඉතා හොඳින් දන්නෙමු, චීනයේ ආධාර සහ අනුග්‍රහය යටතේ මෙම ජුන්ටාව ක්‍රියාත්මක වන රාජ්‍ය පාලනයක් මෙහෙයවන ගෝඨා ලෝකයේ අතරම රටේ ජනතාව කකුළුවන් හැලියේ ජොලියෙන් සිටිනවා සේ දැන් ජොලියෙන් සිටියත්, මේ වනවිට ලෝක ප්‍රජාවද රත්ව ඇති නිසාම රාජපක්ෂ ජුන්ටාවට ඉතාම ළඟදී ප්‍රතිඵල අත් විදීමට සිදුවනු ඇත.