පාස්කු ප්‍රහාරය පිළිබඳව මුල්ම විමර්ශනය සිදු කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනය භාරව සිටියේ දැනට ජීවිත අවදානමකට ලක්ව කිසිදු හේතුවක් ,නොමැතිව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ය.
එදා ශානි අබේසේකර ගේ පරීක්ෂණ මෙහෙය වීමෙන් සොයාගන්නා ලද සැකකරුවන් සහ නඩු භාණ්ඩ පිළිබඳව කිසිදු තැකීමක් නොකර ගෝඨාභය ආණ්ඩුව පැමිණි වහාම එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නවත්වා විමර්ශනය වහාම ත්‍රස්ත විමර්ශන ඒකකය ( TID ) ට සිදු කිරීමට භාර දෙන ලදී. එවකට ත්‍රස්ත විමර්ශන ඒකකය භාරව සිටි ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ඉතා කඩිනම් විමර්ශනයක් සිදු වීමත් සමගම වහාම එම නිලධාරීන් කණ්ඩායමක් ද වෙනස් කරමින් ගෝඨාභය ආණ්ඩුව එම විමර්ශන කණ්ඩායමේ සිටි සියලු නිලධාරීන් කිසිදු හේතුවක් නොදක්වා වහාම ස්ථාන මාරු කර ඇත.මේ සිදුව ඇත්තේ ජනාධිපති වරයාගේ නියෝග අනුව බව අප වෙත මේ වන විටත් දැන ගැනීමට ඇත.
කෙසේ වෙතත් අද වන විට මෙම සියලු නිලධාරීන්ගේ ජීවිත දැඩි අවදානම් සහගත තත්වයකට පත්ව ඇත. ඒ පිළිබඳව අපි කොතෙකුත් දැනුම් දුන්නත් පොලිස්පතිවරයා තම නිලධාරීන් ගේ ජීවිත සහ රැකියාවන් ආරක්ෂා කිරීමට කිසිදු පියවරක් නොගෙන තිබීම ඉතාම කනගාටුදායකය . එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගේ රැකියාව පමණක් නොව ඔහුගේ ජීවිතයේ ද අද දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවයි.
ඒ ආකාරයටම අද හදිසියේම ආරක්ෂක අමාත්‍යංශයෙන් ලැබූ නියෝගයක් අනුව පොලිසිය භාර අමාත්‍යවරයා වශයෙන් සරත් වීරසේකර විසින් ජේෂ්ඨ පොලිස් අධිකාරි වරුන් 4 දෙනෙකු වහාම ස්ථාන මාරු කිරීමට සුදානම් බව හෙලිවී ඇත.
තොරතුරු වලට අනුව එම නිලධාරීන් කොළඹ ප්‍රදේශයෙන් පිටත ත්‍රිකුනමලය කන්තලේ සහ සේරුවාවිල කොට්ඨාශ සඳහා යැවීමට සියල්ල සූදානම් කරන බව අප වෙත රහසිගතව තොරතුරු මේ වන විට ලැබී ඇත. එම නිලධාරින් අතරින් 03 දෙනෙකු පාස්කු ප්‍රහාරය පිලිබදවත් තවත් 01 නිලධාරියකු දැඩි දේශපාලන හේතුවකට බවත් අප වෙත තොරතුරු ලැබී ඇත.
මේ සිදු කරනු ලබන්නේ මුළුමනින්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව කුමන හෝ තොරතුරක් දත්තයක්, පිටතට යනු ඇතැයි යන්න පිළිබඳව සඟවා ගැනීමට මෙම නිලධාරීන් ස්ථාන මාරු කරන බව ඉතා පැහැදිලිය .එසේම එම නිලධාරීන්ගේ ජීවිතය පිළිබඳ මේවන විට දැඩි අනතුරුදායක තත්වයකට පත්ව ඇති ,බවත් අප සඳහන් කරන්නේ ඔවුන් ගේ ජීවිත පිලිබදව පොලිස්පති වගකිවයුතුය.