උද්ගත වසංගතය හමුවේද රටේ ජාතික අර්ථිකයට බිලියන ගණනින් විදෙස් විනිමය එක් කරන සමස්ත විදෙස්ගත ශ්‍රමිකයන් වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ තම උපන් භූමියට ඇතුලුවීමට නොහැකිව ඉතා දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටියි.
රැකියා අහිමි වූ ලක්ෂ සංඛ්‍යාත අපේම සහෘද ජනතාව දැඩි උණුසුම් දේශගුණයක මෙන්ම හිම පතනය සහිත දැඩි සීතල සහිත දේශගුණික තත්වයන් හමුවේ ආහාර නිවාස අහිමිව මහ මග අගුපිල් මත ජීවිතයෙන් වන්ඳි ගෙවමින් සිටියි.
වත්මන් ආණ්ඩුවට පක්ෂ විපක්ෂ සියලු ජනතාව ඊයේ (04) මිලානෝ නගරයේ කොන්සල්ජනරාල් කාර්‍යාලය වටකර දැවැන්ත උද්ඝෝෂණයක පැවැත්විය.
ගජමිතුරු හෝටල් නිරෝධායන මංකොල්ලය වහා නවතා මව් බිමට පැමිණීමට ඉඩ දිව්……!
මෙහි සුවිශේෂීම කරුණ නම් වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කල පොදුජන පෙරමුණේ ප්‍රභල ක්‍රියාකාරීන් මෙන්ම මධ්‍යස්ථ මතධාරීන් හා ආණ්ඩුව කෙරෙහි කළකිරුන විශාල පිරිසක් ඒකඒකරාශි වීමයි….
තවද සතියේ වැඩ කරන දිනක් වන ඊයේ දින මෙසේ විශාල පිරිසක් එක්වීම ඇදහිය නොහැකි තත්වයක් වන අතර මක්නිසාදයත් කොරෝනා අවධානම නිසාවෙන් තම රාජකාරිය ආරක්ෂා කරගැනීමට වෙහෙසෙන වැඩ කරන පැය ප්‍රමාණයන්ද සීමා සහිත වැඩමුර ඇති විදෙස්ගත ශ්‍රමික ප්‍රජාව රැකියා අවධානමේ තබමින් මෙම උද්ඝෝෂණයට සහභාගී විය. සාමාන්‍යයෙන් මෙවන් උද්ඝෝෂණ සෙනසුරාදා හෝ ඉරිදා දිනයන්හි හෝ විශේෂ නිවාඩු දිනයන් වලදී සංවිධානය වන නමුත් රාජපක්ෂ රෙජමය බලයට ගෙන ඒමට දැඩි වෙහෙසක් ගත් අය ගේ ඉල්ලීම නිසාම සති යේ දිනයක මෙය පැවැත්විය.
යුක්‍රේන් ජාතිකයන්ට ලබාදෙන අවස්ථාව හෝ රටවිරු ලේබල් ඇලවූ අපට නොදෙන්නේ ඇයි……?
රැස්ව සිටි විදෙස්ගත ප්‍රජාව විසින් එක හෙළා කියා සිටියේ යුක්‍රේන් ජාතිකයන් හට විදේශිකයන් ලෙස ශ්‍රී ලංකාවට ඇතුලුවිය හැකි උවද වලංගු ගුවන් බලපත්‍රයකින් ලබාදී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කරමින් ශ්‍රී ලාංකික රටවිරුවාට තම මාතෘ භූමියට ඇතුල්වීමට ඇති අයිතිය අමු අමුවේ උල්ලංගනය කර ඇත.
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මුදල් මංකොල්ල කෑම පිණිස ආණ්ඩුවේ ගජමිතුරු කල්ලිවලට ඉඩ ලබාදී පාලකයන්ද කොමිස් කුට්ටි ගිලිමින් රටවිරුවා සූරාකෑම සාහසික අපරාධයක් බවත් ජීවිත පුදා හෝ තම අයිතීන් වෙනුවෙන් සටන් කරණ බව පැමිණි සියල්ලෝම මිලානෝ නගරය දෙවනත් කරමින් හඩ නැගීය.
PCR නෙගටිව් නම් නිවෙස් නිරෝධායනට ඉඩ නොදෙන්නේ මන්ද..?
ඉතා සාධාරණ තර්කයක් ඉදිරිපත් කරමින් රැස්ව සිටි පිරිස් පෙන්වා දෙන්නේ ගුවන් ගමනට පැය 72කට පෙර PCR පරීක්ෂණයක් සිදු කොට සියළු සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව ගුවන් ගතවී අනතුරුව ශ්‍රී ලංකා ගුවන් තොටුපලේ දී නැවත පිළිවෙලින් PCR පරීක්ෂණ 2ක් සිදු කර එයද negative උවද , ඒත් තම නිවෙස්වල නිරෝධායනයට ඉඩ නොදෙන බවයි.
ගජමිතුරු හෝටල් වලට විකිණීම නවතා වහාම තමන් හට නිවෙස් නිරෝධායනට ඉඩදෙන ලෙසත් වසරක් මුලුල්ලේ තම මව්පියන් දුවාදරුවන් දකින්නට නොහැකිව මරණයකට ,විශේෂ උත්සවයකට හෝ සහභාගී වීමට නොහැකිවී අන්ත අසරණ වූ රටවිරුවා මැතිවරණයට පෙර මුරුංගා අත්තේ තබා බලයට පැමිණි පසු කුණු මාළු සේ විසිකර ඇති බවය.
ප්‍රවේශපත් මංකොල්ලය හා මව් රටට පැමිණීමේ අවසරපත් ජාවාරම නතර කරව්….!
ලොව සියලුම රටවල් උද්ගත කොරෝනා වසංගතය හමුවේ විදෙස්ගතව සිටි තම රටවැසියන් අදාල මව් රටට නැවත පැමිණීමේ අයිතිය තහවුරු කලද ,වත්මන් පාලනය එම මූලික මිනිස් අයිතිවාසිකමද අමු අමුවේ උල්ලංඝනය කරමින් නින්දිත ලෙස රට විරුවා මංකොල්ල කෑමට හැකි සෑම ක්‍රමවේදයක්ම ඉටුකරමින් මෙලෙස වගකීම් විරහිතව හා අමානුෂිකව කටයුතු කිරීම පිළිබඳව දැඩි ආවේගයෙන් හා කණස්සල්ලෙන් විරෝධතාවේ පිරිස් නියෙලුනි
සාමාන්‍යයෙන් පැවති ගුවන් ප්‍රවේශපත් මිළ ගණන් මෙන් දෙතුන් ගුණයක් එක් ගුවන් ගමන් වාරයකට අයකරමින් ඊට නොදෙවෙනිව රටට ඇතුලුවීමේ විශේෂ අවසරක්ද ,ලබා ගැනීමට සිදු වී ඇතත් එම අවසරය ලබාගැනීමේ ක්‍රමවේදය ගජමිතුරන්ගේ නවතම මංකොල්ල කෑමේ එක් ක්‍රමවේදයක්ව ඇති හෙයින් එය වහාම නවතා කොන්සල්ජනරාල් කාර්‍යාල හරහා තාක්ෂණික ක්‍රමවේදයක් ක්‍රියාත්මක කලහැකි නිලධාරීන් පත්කරන ලෙසත් විරෝධතා කරුවන් ප්‍රකාශ කලහ. වත්මන් පාලනයේ ගජමිතුරන් කීප දෙනෙක් විසින් විශේෂ අවසර පත්‍රය ලබා දීම වෙනුවෙන් ගුවන් ප්‍රවේශපතටම තවත් මුදලක් එකතු කොට සිදු කරමින් සිටින මහා මංකොල්ලය නවතා දමා විදෙස්ගත ශ්‍රමිකයන් හට තම මාතෘ භූමියට පැමිණීමේ අයිතිය තහවුරු කරන ලෙස ඔවුන් දැඩිව අවධාරණය කරති.
රාජ්‍යක් ලෙස පුරවැසියාට තම මාතෘ භූමිය තුළ දෛනික ජීවිකාව පවත්වාගෙන යාමට අපොහොසත් අර්බුදකාරී තත්වයකට හැත්තෑ දෙවසරක් මුලුල්ලේ රට අගාදයකට ඇද දැමූ පාලකයන්ගේ වරදින් විදෙස්ගත වුනු ශ්‍රමිකයා පණ අදින හතර අතට ණය වුණු අර්ථිකයට ඩහදිය කඳුළු වගුරා විදෙස් විනිමය සපයනුයේ රෝස මල් යහනාවක වැතිරී සුර සැප විඳිමින් නොවන බව තක්කඩි පාලකයන් හොඳින් වටහා ගත යුතුය .
තම පෞද්ගලික ජීවිතයේ සියලු දෑ කැප කරමින් මාපිය සෙනෙහසින් මිදී බිරිඳ හා දරුවන්ගේ කුටුම්භයෙන් වෙන්ව පාලකයා විනාශ කල අර්ථිකය සවිමත් කරමින් රටට බරක් නොවෙමින් තම පවුල් රකින අතරේ මහා භාණ්ඩාගාරය තරකරන රටවිරු මංකොල්ලය වහා නවතා PCR පරීක්ෂණ ප්‍රථිපල අනුව මාතෘ භූමියට පැමිණීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්න ලෙසට ගන්න ලෙසට උද්ගෝෂකයන් ඉල්ලීය.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස