මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනපතිවරයා ලෙස කටයුතු කරන අවදියේ ඔහුගේ සමීපමතයා වූයේ සජින් වාස් ගුනවර්දනය. ඒ ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ විදේශ කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයා වූ සජින් වාස් ගුනවර්දන නොනිල විදේශ කටයුතු ඇමතිවරයා වූ බව දන්නෝ දනිති.එදවස විදේශ කටයුතු ඇමතිවරයා වූ මහචාර්ය ජී.එල්.පීරිස් රූකඩයක් වූ අතර විදේශ කටයුතු අමාත්‍යංශය ක්‍රියාත්මක වූයේ සජින් වාස් ගුනවර්දනගේ උපදෙස් හා නියෝග මතය.මහින්ද ජනපතිවරයාගේ රස්පුටින් වූ සජින් වාස්ට එදා පැවැති දේශපාලනික බලය රාජපක්ෂ පවුලේ අයට පවා හිමි නොවුනි.නාමල් යෝෂිත වැන්නන් පමනක් නොව ශිරන්ති පවා සජින් වාස් ගේ බලය සමීපයේ දෙවැන්නෝ වූහ. රාජපක්ෂ ජනපතිවරයා හුස්ම ඉහළ පහළට දැම්මේ සජින් වාස් කරන කියන තාලයටය.රාජපක්ෂෂ පවුලේ අයවළුන් පවා අබිභවමින් සජින් වාස් ගුනවර්දනට මෙතරම් අසීමිත බලයක් හිමි වූයේ කවර කාරනයක් නිසාදැයි ප්‍රශ්නයකි. රාජපක්ෂ ජනපතිවරයාට කාන්තාවන් සැපයීමේ පිම්පි කෙරුවාව නිසා සජින් වාස් මහින්ද ජනපතිවරයාට එතරම් සමීප වූයේ යැයි ඇතැමුන් අදහස්කරන නමුත් ඒ සමීපතාව ඉන් ඔබ්බට ගිය කාරණයක් විය හැකිය.චන්ද්‍රිකා පාලනය යටතේ අගමැති වූ මහින්ද රාජපක්ෂ ගේ සමීපමතයා වූයේ දකුණු පලාත් සභාවේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ නීතිඥ යූ.ජී.ඩී.ආරියතිලකය.පසුව මහින්ද රාජපක්ෂ ජනපතිවරණයට ඉදිරිපත් වන විට ඔහුගේ නොනිල ආරක්ෂක කටයුතු සියළු සංවිධානය කරන කරමින් සජින් වාස් මහින්දට සමීප වේ.
අතුරු මිතුරු දඹදිව තුරු සජින් වාස් හා බබා නාමල් ආයේ යාළු වෙලා.
චන්ද්‍රිකා ජනපතිවරිය ලෙස කටයුතු කරන අවදියේ අගමැති වූ රනිල් වික්‍රමසිංහ ගේ දෛනික දිනපොත බාරව කටයුතු කළ සජින් වාස් රනිල් පරාජයට පත්වීමෙන් ඩුබායි රාජ්‍යයේ ගබඩා බාරකරුවකු ලෙස කටයුතු කරන විට මහින්ද රාජපක්ෂ සමග සම්බන්ධතා ඇතිකරගත් බවක්ද කියවේ.
කෙසේවෙතත් මහින්ද ජනාධිපතිවරයා වූ අවධියේ කැබිනට් අමාත්‍ය වරයෙකුට නොවූ බලයක් හා ආරක්ෂාවක් සජින් වාස්ට හිමි වී තිබුණි.ඔහුගේ ආරක්ෂාවට ජනපති ආරක්ෂක අංශයද යුද හමුදාවේ සෙබළුන්ද එස්ටීඑෆ් කණ්ඩායමක් ද යොදවා තිබුණි. එල්ටීටී තර්ජන නිසා සජින්වාස්ට එතරම් ආරක්ෂාවක් සැපයූ බව ආණ්ඩුව පාර්ශවයෙන් ඇඟවිනි.
යහපාලන රජය බලයට පත්වීමත් සමගම සජින් වාස් මුල්‍ය විශුද්ධිකරණ චෝදනාවන් යටතේ පොලිස් අත් අඩංගුවට පත්ව බන්ධනාගාරගත කරන ලදීීී.පැණි වරකාවට හෙණ වැදුනේ එතැන් සිටය.සජින් වාස් හා නොමනාපයෙන් සිටි රාජපක්ෂ පවුලේ අයවළුන්ට මහින්ද රාජපක්ෂ හා ඔහු අතර පැවැති ගජ මිතුරු සම්බන්දතාව කඩා බිඳ දමන්නට හැකිවිය.සජින් වාස් බන්ධනාගාරගතව සිටි කාලයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය මැතිවරණ කොට්ඨාශයට තරග වැදීමට ඔහු වෙනුවෙන් ඔහුගේ බිරිඳ ඉදිරිපත් වූ නුමුත් පොදු පෙරමුණු ප්‍රබලයන් ඒ සඳහා ඉඩක් හිමි වූයේ නැත.බන්ධනාගාරගතව සිටි සජින් වාස් යහපාලනයට කරණමක් ගැසූයේ පොදුජන පෙරමුනෙන් සිදු කළ මේ අකටයුතු කම් නිසා බව පැහැදිලිය.බන්ධනාගාරගතව සිටි කාලයේ ඔහු බැලීමට මහින්ද රාජපක්ෂ නොපැමිනීම සම්බන්ධයෙන් ද සජින් වාස් තුල පැවතියේ දැඩි කළකිරීමකි.
එතැන් සිට විපක්ෂ දේශපාලනයට සම්බන්ද වූ සජින්වාස්ට පසුගිය ජනපතිවරණ සමයේදී ලොහාන් රත්වත්ත විසින් දුන් දුරකතන පණිවිඩයක් හා ඒ හා සබැඳිව සජින් වාස් දැක්වූ ප්‍රතිචාරය අඩංගු කථන හඬ පටයක් සයිබරය පුරා පැතුරුණි.ලොහාන් රත්වත්ත හා සජින්වාස් අතර වූ ඒ සංවාදය රාජපක්ෂ පවුල හා ඔහු අතර ඒ වන විට නිර්මානය වී තිබූ වෛරී සහගත අර්බුදය අනාවරණය කරන්නක් විය.මෙහිදී රාජපක්ෂ පවුලෙන් සජින් වාස්ගේ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරගෙන සිටින ලෙස ලොහාන් රත්වත්ත සජින් වාස්ට දුරකතනයෙන් පවසන අතර එයට කෝපයෙන් ප්‍රතිචාර දක්වන සජින්වාස් තමන්ගේ දරුවෙකුට රාජපක්ෂ පවුලෙන් හානියක් සිදුවුවහොත් තමන් විසින් ඔවුන් සියල්ලම විනාශ කරන බවට ප්‍රකාශ කර සිටී.
මේ දුරකතන සංවාදය රාජපක්ෂ පවුලේ තිරිසන් ගතිගුණයන්ද එළිදරව් කරන්අනක්ත වන අතරම ඔවුන්ට එරෙහිවූවන්ගේ කුඩා දරුවන්ගේ ජීවිත පවා ඔවුන් විසින් නොතකන බවට ප්‍රබල සාක්ෂියකි.
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරණයට ඉදිරිපත්වන විට ඔහුට සහයෝගය දැක්වීමට සජින් වාස් කැමැත්තෙන් සිටියද බැසිල් රාජපක්ෂ හා ඔහුගේ හිතවාදීන් ගේ දැඩි විරෝධතාව නිසා එය වැලැක්විනි.
බැසිල් රාජපක්ෂ හා සජින්වාස් අතර වූ නයි මුගටි වෛරය ඉන් ප්‍රකාශිතය.
මේ වනවිට පොහොට්ටු පාක්ෂික බැසිල් වාදීන් හා මහින්දවාදීන් අතර ආරවුලක් නිර්මාණය වී තිබේ.බැසිල් රාජපක්ෂ ගේ ඉදිරි සැලසුම වී ඇත්තේ මහින්ද රාජපක්ෂගේ නික්ම යාමෙන් පසුව ශ්‍රී ලංකාවේ අගමැති වීමය. ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාගේ කැමැත්තද ඇමරිකානු පුරවැසි තමන්ගේ සහෝදරයාටය.මේ කැමැත්ත හරහා රාජපක්ෂ පවුල තුල දේශපාලනික බලය අත්පත් කරගැනීම සඳහා වූ පසුබිමේ පැහැදිලි බෙඳුම් රේඛාවක් නිර්මානය වී ඇත්තේය.විමල් වීරවංශ අමාත්‍ය වරයා වෙතින් ප්‍රකාශයට පත්වෙන්නේද මේ දෙදරීමයි.
එය එසේ පැවතෙද්දී පසුගිය ජනවාරි මාසයේ දහසය වෙනිදා සිට විසිවෙනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයකට ලොව ප්‍රකට මුල්‍ය ව්‍යාපාරිකයකු වූ නතානිල් පිලිප් රොත්ශීල්ඩ් පැමිණියේය.යුරෝපයේ කේබල් කාර් සමාගමක හිමිකරු වූ මොහු ලංකාවේ කැටුව යන්නා ලෙස කටයුතු කරන ලද්දේ ඔහුගේ පෞද්ගලික මිතුරෙකු වූ
සජින් වාස් ගුනවර්දන වේ.නතානිල් සජින් වාස් කැටුව සංචාරය කරන ලද්දේ සීගිරිය නුවරඑළිය හා කොග්ගල ප්‍රදේශවලය.ඒ අතරම සජින් වාස් විසින් නාමල් අතර පැවැති විරසකය අවසන් කරමින් නාමල් රාජපක්ෂට මෙම බිලියනපති ජාත්‍යන්තර මුල්‍ය ව්‍යාපාරිකයා මුණගැස්වීමටද කටයුතු කෙරිණි.
දැන් වැඩේ හරිය.බැසිල් රාජපක්ෂට එරෙහිව හෙට අනිද්දා වනවිට සජින් වාස් කළඑළි බසින්නට සූදානමිනි.දේශපාලනයේ සදාකාලික සතුරෝත් සදාකාලික මිතුරෝත් නැතිය කියන්නේ ඒ නිසාය .හොඳ හොඳ සෙල්ලම් බලන්නට හැකි වන්නේද එළිවෙන ජාමෙටය.