උණුසුම් පුවත් දේශපාලන

ගෝඨාට හුණු ගාන්න ගෙන්නපු අරූණ් සිද්ධාර්ථන්  රජය යුද අපරාධ සිදු කළ බව ලෝකෙට කියයි. (වීඩියෝ සහිතයි )

Spread the love

   අපරාධ කල්ලියේ නායකයෙකු වශයෙන් ක්‍රියාකළ  අරූණ් සිද්ධාර්ථන්    යාපනයේ සිට මාතරට පැමිණෙමින් තවත් සංදර්ශනයක් ඉදිරිපත් කරමින් එල්ටීටීඊ සංවිධානයට දිගට හරහට පහර දෙමින් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සැගවී පහර දුන් බව කියන අතරම ඔහු සෑම අවස්ථාවක දී ම පුන පුනා කියන්නේ යුධ අපරාධ සිදුකළ බවයි .

එක් අවස්ථාවකදී අරූණ් සිද්ධාර්ථන්   කියා සිටින්නේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් රෝහලක් තුළ දී ප්‍රහාරයක් එල්ල කළ අතර ඊට ප්‍රතිප්‍රහාර වශයෙන් ගුවනින් රෝහල තුළට බෝම්බ හෙළි වූ බවයි.  එහිදී විශාල පිරිසක් මිය ගිය බවද, කියන අතරම තවත් අවස්ථාවකදී ඔහු ඉතාමත්ම ආවේගයෙන් කියා සිටින්නේ ත්‍රස්තවාදීන් මහජනතාවට මුවාවී වෙඩි තියෙන අවස්ථාවේදී ආරක්ෂක හමුදාව පතුරම් විශාල ප්‍රමාණයක් වැය කරමින් වෙඩි තබා විශාල මිනිස් සංහාරයක් කළ බවයි.

  කුමන අරමුණකින් මෙවැනි අන්තවාදී පුද්ගලයෙකු දකුණට ගෙන්වා මෙවැනි ප්‍රකාශයක් කෙරුවා දැයි කීමට අපි නො දනිමු. එහෙත් අපට එක් දෙයක් කිව හැකිය , අද අරූණ් සිද්ධාර්ථන් නැමැති මහින්ද රාජපක්ෂගේ පොහොට්ටු සංවිධානයෙන් යාපනය දිස්ත්‍රික්කයට තරග කළ ආවා සංවිධානයේ සංවිධාන අපරාධකරු දැන් කියාසිටින්නේ රජය ස්ථිර වශයෙන් ම යුද අපරාධ කළ බවයි. දකුණට පැමිණි ඔහු අද පුද්ගලික මාධ්‍යක වීරයෙකු සේ ප්‍රකාශ කරන්නේ රජය දිගින් දිගටම බෝම්බ දමමින් ,වෙඩි   තබමින්, දෙමළ ජනතාව විශාල ප්‍රමාණයක් ඝාතනය කළ බවයි. මෙය යුද අපරාධ පිළිබඳව සාක්ෂි සොයන ජාත්‍යන්තර දෙමළ ඩයස්පෝරාවට රාජපක්ෂවරුන් ලබා දුන් මාතෘකාවක් වනවා නියතය.

මෙය සිතාමතාම සිදුකොට රටේ ආරක්ෂක හමුදාව ජාත්‍යන්තරයට පාවාදීමේ කුමන්ත්‍රණයක් දැයි දැනට අපට කිව නොහැකිය. ඒත් රාජපක්ෂලාගේ කුමන හෝ යට අරමුණක් මේ තුළ තිබිය යුතුමය.  මෙවැනි මෝඩ තකතීරු පුද්ගලයකුගෙන් ගෝඨාභය ආණ්ඩුව ඉල්ලන් කෑමට යන බව නම් අපට  පැහැදිලිය . මෙම ප්‍රකාශය තවත් දින කිහිපයක් තුළ දී  දෙමළ  සංවිධාන  ස්ථිර වශයෙන්ම ජාත්‍යන්තරයට ගෙන යන බව නම් අපට ඉඳුරාම කිව හැකිය .ආණ්ඩුව මේ සිදුකරන්නේ සමස්ත ජාතියම පාවාදීමකි. මෙයින් සිදුවන හානිය තවත් දින කීපයක දී අපට දැක ගත හැකි වනු ඇත.

 


Spread the love

Leave a Comment

You may also like