උණුසුම් පුවත් දේශපාලන

බැසිල් ජනපති…අගමැති  විපක්ෂයෙන්.. ජාත්‍යන්තර මෙහෙයුමේ අලුත්ම සැලසුම මෙන්න..

Spread the love

මහින්ද රාජපක්ෂගේ දැඩි චීන හිතවාදී ප්‍රතිපත්තිය ඒ ආකාරයටම ඉදිරියට ගෙනයමින් සිටින ගෝඨාභය රාජපක්ෂ වෙනුවට, ඇමරිකානු සහ ඉන්දියානු හිතවාදී බැසිල් රාජපක්ෂව ජනපති පදවියට පත් කර ගැනීමේ ජාත්‍යන්තර මෙහෙයුම මේ වන විට ඉතා තියුණු හා සූක්ෂම අන්දමින් රහසිගතව සිදුවෙමින් පවතින බවට වූ ඉතා විශ්වාසදායක තොරතුරු අප වෙත වාර්තා වෙමින් පවතී.

මෙම ජාත්‍යන්තර මෙහෙයුම පිළිබඳව අප මීට පෙර අපගේ පාඨකයන්ට දැනුම් දෙනු ලැබුවේ පසුගිය පෙබරවාරි මස 14 වැනිදා ය.
” ගෝඨා ඉවත් කොට බැසිල් ජනපති කිරීමේ ජාත්‍යන්තර මෙහෙයුමක් ” යන ශිර්ෂ පාඨය යටතේ අප එදා හෙළි කළ අනාවරණය අද මේ වන විට යතාර්ථයක් බවට පත්වෙමින් තිබේ.
ද්විත්ව පුරවැසි භාවය සහිතව සිට් ගෝඨාභය රාජපක්ෂව ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව බලයට පත් කිරීමට  සියලු කටයුතු සිදු කළ ඇමරිකාව සහ ඉන්දියාව, තමන් බලයට පත් කළ පුද්ගලයාව බලයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව අප එදා කරුණු සහිතව පෙන්වා දුනි.
ගෝඨාභය වෙනුවට සමගි ජන බලවේගයේ අයකු ජනාධිපති කරවීමට එම ජාත්‍යන්තර බලවේගය කිසි සේත්ම කටයුතු නො කරන බවත්, ඒ වෙනුවට ඔවුන් තෝරා ගෙන ඇත්තේ බැසිල් රාජපක්ෂව බවත් අප එදා අනාවරණය කළෙමු.
එ. ජා. ප. නායක රනිල් වික්‍රමසිංහට ශ්‍රී ලංකාවේ බලය ලබා ගැනීම මහ පොලවේ යතාර්ථයක් නොවන නිසා, රනිල් වික්‍රමසිංහගේ සහයෝගය බැසිල් ගේ සම්ප්‍රාප්තියට යොදා ගැනීම වෙනුවෙන් එම ජාත්‍යන්තර බලවේගය කටයුතු කරමින් සිටින බවද අප එදා පැවසුවෙමු.
මේ තත්ත්වය තුළ ඉදිරි කාලයේදී පොදු ජන පෙරමුණ තුළ දැඩි අර්බුදයක් මතුවනු ඇති බව ද අප කීවෙමු.
ඉහත කරුණු සියල්ල මේ වන විට ඒ ආකාරයෙන්ම දිගහැරෙමින් පවතින  බවත්, ඇතැම් කරුණු මේ මේ වන විට වෙනස් ආකාරයෙන්  ද සිදුවෙමින් පවතින බවත් අපට ලැබෙන නවතම තොරතුරු වලින් දැක්වේ.
අපට ලැබෙන අලුත්ම තොරතුරු අනුව, මේ වන විට බසිල් රාජපක්ෂ , සමඟි ජන බලවේගයේ ප්‍රබලයන් කිහිප දෙනකු සමඟ ඉතා රහසිගත් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇත. එසේම බැසිල් රාජපක්ෂ මේ වන විට එ. ජා. ප. නායකයා සමග ද රහස් සාකච්ඡාවක් පවත්වා ඇත.
මෙම සාකච්ඡාවල තොරතුරු සහ අපට ලැබෙන  විදෙස් රාජ්‍යතාන්ත්‍රික තොරතුරු වලට අනුව ඉදිරියේ දී පළමුවෙන් සිදුවීමට නියමිතව ඇත්තේ , බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසීමය. අනතුරුව ඔහු විපක්ෂයේ ද සහයෝගය ඇතිව අග්‍රාමාත්‍යධූරයට පත්වීමට නියමිතය.
ඉන් අනතුරුව රට තුළ බොහෝ අත්භූත සිදිවීම් දිගහැරීමට නියමිතය. එම විදුවීම් අතර විවිධ සමාජ ගැටුම් ඇතිවිය හැක . ඒ තර සන්නද්ධ ගැටුම්, පිපිරවීම්, ආදී කී නොකී සිද්ධි වැලක් සිදුවීමට ඉඩකඩ ද තිබේ.
මේ සිද්ධි අතරතුර කිසිවකු කිසිවකු නොසිතූ නොපැතූ මොහොතක බැසිල් රාජපක්ධ ජනාධිපති පදවියට නිරායාසයෙන්ම පත්වනු ඇත.
විපක්ෂයට අග්‍රාමාත්‍යධූරය හිමිවනු ඇත්තේ ඉන් අනතුරුවය. මෙම තනතුර සඳහා මේ වන විට සමගි ජන බලවේගයෙන්  තිදෙනකුගේ නම් ඉදිරිපත් වෙමින් තිබෙන අතර, ඉන් එක් පුද්ගලයෙකු ලෙස ඉදිරිපත් වී සිටින්නේ පසුගිය මහමැතිවරණයට නාම යෝජණා දී පසුව අකර්මන‍ය වු කෙනෙකි. ඉතිරි දෙදෙනා එමෙ බලවේගය තුළ දැනට කැපී පෙනෙන ලෙස ආණ්ඩු විරෝධී ප්‍රහාරකයන් ලෙස කටයුතු කරන එහෙත් ජාතික ගැටලුව සම්බඳයෙන් අන්ත දෙකක මතවාද දරන දෙදෙනෙකි.
එ. ජා. ප. යට හිමි  ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීකම වෙනුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිත රනිල් වික්‍රමඩිංහ ද අග්‍රාමාත්‍යධූරය සඳහා තරඟ වැදීමට නියමිතය.
ඇමරිකාව ප්‍රමුඛ ඉන්දියාව විසින් සිදු කරන මෙම මෙහෙයුම ලබන අප්‍රේල් මාසයේ සිට තීව්‍ර වනු ඇති අතර, ඊට එරෙහිව චීනය ද දැඩි ප්‍රතිචාර දැක්වීමට නියමිතය.
මේ තත්ත්වය තුළ ඉදිරි කාලයේ ශ්‍රී ලංකාවේ කලහකාරී සිදුවීම්, පිපිරීම්, දේශපාලන අස්ථාවරත්වයන් ආර්ථික කඩා වැටීම් ආදී සමාජ දේශපාලන අර්බුද මතුවනු ඇත.

Spread the love

Leave a Comment

You may also like