පාස්කු ප්‍රහාරයේ වාර්තාව එළියට ආ දවසේ සිට ශ්‍රී ලංකාවේ සියළු පක්ෂවල වැසිකිලිියේ සිට මුළුතැන් ගෙය දක්වා ගිණි ඇවිලී තිබේ.එක එකා අනෙකා දෙසට ඇඟිලි දික් කරමින් තොපි තමයි ඔය බෝම්බ පිපිරුවේයැයි චෝදනා කරමින් සිටී.මේ පාස්කු කොමිෂම දැමූ යහපාලන සිරිසේනටත් කෙලවෙන සයිස් එකක් දැන් නිර්මාණය වී ඇත්තේය.මේ ගාලගෝට්ටිය මැද්දේ බෝම්බ පිපිරීමේ ඇත්ත ගැන ඇත්ත කතාව ඇත්තටම වහන් වෙලාය.
මේ බෝම්බ ප්‍රහාර සැලසුම එසේ මෙසේ එකක් නොවේ.
එය ඇරඹෙන්නේ යහපාලනය බලයට පත්වූදා සිටය.පර්සිිි මහින්ද ජනපතිවරණයෙන් පැරදී මැදමුලන ජනේලයේ එල්ලුන දවසේ සිට ජරාපක්ෂ පවුලේ සැම හා ඔවුන් ගේ සට්ටැඹියන් සිටිිියේ බයෙන් බිරාන්ත වෙලාය.එහෙත් මේ හොර නඩයට යහපාලනයෙන් කිසිදු අතුරු අන්තරාවක් නොවන බවට සහතික වුන රනිල් හාමු ගේ සුරක්ෂා රක්ෂණ ආවරණයත් සමග රටින් පැනගිය බැසිල් ජරාපක්ෂ නැවත ලංකාවට සම්ප්‍රාප්ත වන්නේය.ඒ වනවිටත් හමුදා බුද්ධි අංශ ලොක්කන් පොලීසියේ කෙරුමක්කාරයන් හා නඩුකාරයන් විශාල රොත්තක් සිටියේ ජරාපක්ෂ පවුලේ හුරතලුන් ලෙසය.
ඔවුන්ට යහපාලනය වහ කදුරු මෙන්යය.ඒ පර්සි මහින්ද කාලයේ සිදුකළ අතයට ගණුදෙනු බිස්නස් අහිමි වීම නිසාය.
බැසිල් ජරාපක්ෂ හීන් නූලෙන් සියල්ල සංවිධානය කරන්නට පටන් ගත්තේය.ඔහුගේ මැතිවරණ ගනන් හැදීමට අනුව මුසල්මානුවන් ඡන්ද සිතියමෙන් ඈත්කිරීමත් එජාප කතෝලික ඡන්ද පදනම ශුද්ධ කල යුතු විය.විමල් ජරාවංශ අතන මෙතන රතන ගොම්මන්පිල හා ජාතිවාදී චීවර නඩය මුසල්මානුවන්ට එරෙහිව කරලියට එන්නේ ඒ සැලසුමේ ඇරඹුම් පියවර තබමිනි.වඳ කොත්තු වඳ බ්‍රා හා වඳ සැත්කම් පිළිබඳව සිංහල සමාජය තුල සාවද්‍ය බියක් ගොඩනගන්නට මේ, නඩයට හැකිවූ බව රහසක් නොවේ.
සහරාන් නිර්මාණය වන්නේ ඒ පසුතලයේය.ජරාපක්ෂ වරුන්ට අවශ්‍ය වූයේද සිංහල බෞද්ධ සමාජයට එරෙහි මුසල්මානු සතුරකු සිටින බව පෙන්වීමටය.ඒ සතුරා හරහා යහපාලනයට රෙන්න බරවන තරමේ ගේම් එකක් දීම ජරාපක්ෂ හොර නඩයේ කුමන්ත්‍රණය වූයේය.
දෙදහස් දහහතේ මාර්තු මාසයේ කාතන්කුඩියේ සිදුවූ ආරවුලකින් සහරාන් මතුවිය.එම ආරවුලේ සැකකාරයකු ලෙස සහරාන් අධිකරණය විසින් නම් කෙරුනද ඔහු ඒ වරද සදහා අත් අඩංගුවට ගැනීම නම් සිදුනොකිරිණි.ආමි මොහිදින් නැමැත්තාද මෙහි තවත් සැකකරුවකු වූ අතර ඔහු ඒ වන විටත් යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ද වූවකු ද විය.මේ දෙදෙනාම මෙම ආරවුල සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු වූවන් වුවද රාජ්‍ය යාන්ත්‍රණයේ ජරාපක්ෂවාදී පොලිස් නිලයන් වෙතින් ඔවුන් අත්අඩංගුවට ගැනීම ඕනෑකමින්ම පැහැර හැරි බව පෙනෙන්ට තිබේ.
කෙසේවෙතත් පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව සහරාන්ගේ දෙවැන්නා ලෙස අත්අඩංගුවට පත්වන්නේ මේ ආමි මොහිදින් නැමැත්තාය.බෝම්බ පිපිරවීම පිළිබඳව සහරාන් කල්ලිය පුහුණුව ලැබුවේ ආමි මොහිදින් ගෙන් බව අනාවරණය වී තිබේ.යුද හමුදා බුද්ධ් අංශයට සම්බන්ධ ආමි මොහිදන් සහරාන් සමග කටයුතු කරමින් සිටින බව යුද හමුදා බුද්ධි අංශ ඉතා හොදින් දැන සිටිය බව නම් සහතිකය.මේ ආමි මොහිදින් මෙහෙයවූයේ ජරාපක්ෂවාදී බුද්ධි අංශ ප්‍රබලයකුුු බවත් ඒ අනුව සිතාගන්නට හැකිය.
සහරාන් හෂීම් අයිඑස්අයිඑස් නම් ජාත්‍යන්තර සංවිධානයේ නියෝජිතයා ලෙස ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් හදුන්වා ඇතත් මෙලෙස මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්නට ඔහුට උපදෙස් දුන්නේ කව්දැයි හෙළිදරව් විය යුතුමය.ඒ සමගම සහරාන් කල්ලිය මෙවැනි බෝම්බ ප්‍රහාරයක් සිදු කිරීමට සැලසුම් කර ඇත්තේ 2020 වසරේදීය.ඒ මරාගෙන මැරෙන ප්‍රහාර නවයක් පලාත් නවය තුල සිදුකිරීමෙනි.මෙම ප්‍රහාර නවය සිදුකිරීමට සැලසුම් කර ඇත්තේ දලදා මාලිගාව ඇතුළු බෞද්ධ සිද්ධස්තාන එල්ල කරගනිමිනි.මේ බව හෙළිකර ඇත්තේ සහරාන්ගේ න්‍යායචර්යවරයා වූ නවෆර් මලවි නැමැත්තාය.
එහෙත් මේ ප්‍රහාර සැලසුම 2019 වසරට වෙනස් වන්නේත් බෞද්ධ සිද්ධස්තාන වෙනුවට කතෝලික පල්ලි හා සංචාරක හෝටල් ඉලක්ක පථ ලෙස තීරණය වන්නේත් මක්නිසාද යන්න සොයා බලන්නෙකුට මේ ප්‍රහාරයේ මෙහෙයවූ ඇත්ත සතා කවරෙක්දැයි තීරණය කළ හැකිය.
මේ ප්‍රහාරය නොපෙනී සිට මෙහෙයවූ සත්වයාට ඕනෑකම තිබුණේ නැවත ජරාපක්ෂ බලයට ගෙන ඒම සඳහා යූඇන්පයටවැඩි වාසි සලසමින් තිබූ කතෝලික ඡන්ද පදනම තමන් යටතට ගැනීමය.සහරාන්ගේ 2020 ප්‍රහාර සැලසුම් වෙනස් වන්නේ ඒ අනුවය.ඒ වනවිටත් සහරාන් හෂීම් දැන හෝ නොදැන ජරාපක්ෂ බිලි බෝයියකු සිට් බව නම් නිසැකය.ඒ සමහරවිට මුදල් බිලියන ගනනාවක ගිවිසුමකට වන්නටත් බැරි නැත.කෙසේවෙතත් සහරාන්ගේ ගිනුම්වලට මුදල් බැරවීම් පිළිබඳව පාස්කු ජනපති කොමිෂම සොයානැති බව සිහියට ගත යුතුය.එසේ නැතහොත් වෙනත් කාරණයක් නිසා වෙන්නටද පුළුවන.ඒ වෙනත් කාරණය තුල ඇත්තේ ජරාපක්ෂ දේශපාලනය මිස අන් යමක් නොවන බවද පැහැදිලිය
කටුවාපිටිය පල්ලියට ප්‍රහාරය එල්ල කළ මොහොමදු හස්දුන් නැමැත්තාගේ බිරිඳ වූ පුලස්තිනී රාජේන්ද්‍රන් නැතහොත් සාරා මේ සැලසම තුල සිටි අපූරු චරිතයකිිි.පාස්කු ප්‍රහාරය පිළිබඳව වූ සහරාන් මෙහෙයවූ සියළු සාකච්ඡා වලදී සාරා සිටි බවද වාර්තාවේ.
පාස්කු ප්‍රහාරයෙන් පසුව සයින්ද මරන්දු පපිරීමෙන් සාරා මියගිය බව ප්‍රකාශ වුනද එම මිය ගිය අයවළුන්ගේ ඩීඑන්ඒ පරීක්ෂණයෙන් පසුව සාරා මිය ගොස්නැති බව හෙළිවිය. ඒ පිපුරුම අවස්ථාවේ මුළු ප්‍රදේශයම ආරක්ෂක අංශ වටලා තිබියදී සාරා පලා යාමත් පුදුම සහගතය.සාක්ෂි අතුරුදන් කිරීමේ අරමුනින් සාරා විසින් මෙම පිපිරුම සිදු කොට පලා ගිය බව යමෙකුට සැක කල හැකිය.නැතිනම් සාරාද ඒ අවස්ථාවේ දිවි නසාගත යුතුමය.ඇය ඉන් මිදී පලා යන්නේ ඔවුන් මෙහෙයවූන්ගේ උපදෙස් හා සහයෝගය නිසාය.
මේ සාරාගේ පලා යාමත් සහරාන් ප්‍රහාරයට යාමට පෙර සිය බිරිඳ බදාගෙන හඬා වැටුන බවත් වූ වාර්තා කිරීම් තුලින් පාස්කු ප්‍රහාරය සිදු කිරීමට සහරාන් සහ සගයන් අපේක්ෂා කළ ආකාරයත් හා එම සැලසුම ගැන යම් අදහසක් ගත හැක්කේය.
ඒ අනුව ඔවුහු මේ ප්‍රහාරය මරාගෙන මැරෙන ප්‍රහාරයක් ලෙස සැලසුම් නොකල බව සිතා ගත හැකිය.මරාගෙන මැරෙන්නෙකු සිය ක්‍රියාන්විතයට යාමට පෙර බොළඳ ආකාරයෙන් සිය බිරිඳ බදා ගෙන හඬා වැලපීම සැබැවින්ම එය එසේ සිදු නොකෙරන්නක් බවද පෙන්වයි.එහෙත් සහරාන් ඇතුළු කණ්ඩායමට යම් රාජකාරියක් පැවරුන බව නම් පැහැදිලිය.
එම රාජකාරිය වූයේ පිපිරුම් ස්ථාන වලට ගොස් පිපිරුම් වෙඩි ද්‍රව්‍ය සහිත ගමන් මළු තබා ඒම විය හැකිය.
මෙහිදී විශේෂ කාරණයක් දෙස අපගේ අවධානය යොමු වේ.පාස්කු බෝම්බ ප්‍රහාරයට පෙර 2019 අප්‍රේල් දහසය වෙනිදා සහරාන් ඇතුළු කණ්ඩායම කාතන්කුඩි අසල පාලමුනේදී දුරස්ථ පාලකයකින් යතුරු පැදියක් පුපුරවා හැරීමේ අත්හදා බැලීමක් සිදු කර තිබේ.දුරස්ථ පාලකයක් මගින් බෝමබ පිපිරවීම අත්හදා බැලීම පිලිබඳ වූ මේ සිදුවීම ඉතා පහසුවෙන් අමතක කර දැමිය යුතු නැත.
ඒ මක්ඒ නිසාද යත් සහරාන් ඇතුළු පිරිස වෙඩි පිපුරුම් මළු අදාල පිපුරුම් ස්ථාන වල තැබීමට ගිය අවස්ථාවේ වෙනත් කණ්ඩායමක් දුර සිට දුරස්ථ පාලක මගින් සහරාන් ඇතුළු සියල්ලන්ම විනාශ වෙන ආකාරයට බෝම්බ පුපුරවා හැරි බවට තර්කයක් ගොඩනගා ගත හැකි බැවිනි.
කිසියම් සංවිධානයක නායකයකු මරාගෙන මැරෙන සාමාජිකයන් මෙහෙයනවා මිස තමන් විනාශයට පත්වීමට සූදානම් නැත.එසේම සහරාන් තුල මරාගෙන මැරෙන්නෙකු වන්නට කිසිවිටක අදහසක් නොතිබුන බවද ඔහුගේ මිතුරන් පවසා තිබේ.
මේ අතර පාස්කුුු බෝම්බ ප්‍රහාරක සහරාන් කණ්ඩායමේ එක් සාමාජිකයකු සිය පැවරුම් කාරිය ඉටු නොකොට දෙහිවල ලැගුම් හලක් වෙත ගිය විට රාජ්‍ය බුද්ධි අංශ නිළධාරියකු ඔහු හමුවූ බවට තමන්ට වාර්තා වූයේයැයි හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර කොමිෂමට සාක්ෂි දෙමින් පවසා ඇත.
එය එසේවූයේ නම් මෙම සහරාන් ප්‍රහාරක කණ්ඩායම පසුපස රජයේ ආරක්ෂක අංශ පිරිසක් සිටි බවද තහවුරු වේ.
ඒ අතරම කොළඹ ෂැග්‍රිල්ලා හෝටලයේ ආරක්ෂක අධ්‍යක්ෂ වරයා ලෙස කටයුතු කල තවත් චරිතයක් ගැන අවධානය යොමු කළ යුුතු වේ.ඒ ජරාපක්ෂ පවුලේ නැඟනියක වූ ප්‍රීතිගේ පුත්‍රයා වූ මාලක චන්ද්‍රදාස පිළිබදවය.මෙම මාලක චන්ද්‍රදාස ෂැංග්‍රිල්ලා හෝටලයේ ආරක්ෂක උපදේශකයා ලෙස පත්වීමට පෙර සිංගප්පූරුවේ බීඑල් නම් සමාගමේ ආරක්ෂක හා පුපුරවා හැරීම් පිළිබදව උපදේශකයෙක් ලෙස කටයුතු කර ඇති අතර ඔහු වැඩිදුරටත් අවිධිමත් යුද්ධ හා මෙහෙයුම්,පිපිරවීම්, පිළිබඳව පශ්චාත් උපාධිධාරියකුුුද වේ.
කිසිදිනක කරළියට පැමිණ නැති මේ මාලක චන්ද්‍රදාසගෙන් කිසිදු ආරක්ෂක අංශයක් ෂැංග්‍රිල්ලා පාස්කු බෝම්බ පිපිරුම පළිබඳව මේ වන තුරු ප්‍රශ්න කර නැත්තේය.
කෙසේවෙතත් මෙම පාස්කු ප්‍රහාරයේ සැබෑ වූ සත්‍යය ගැන ශ්‍රී ලංකාවේ කාදිනල් වරයාද දැනුවත්ය.පර්සි මහින්දගේ බිරින්දෑගේ ඥාතිවරයකු වූ ඔහු ගෝඨභය ජරාපක්ෂ බලයට පත්කරවීමට මෙම පාස්කු බෝම්බ ප්‍රහාරය තුරුම්බුවක් කර ගන්නා ලදී.පාස්කු කොමිෂම් වාර්තාව ජනගත කරන ලෙසට ව්‍යාජ බලපෑම් කරමින් සිටි කාදිනල් එක්වරම මුසල්මානු පල්ලි වලින් අත්අඩංගුවට පත් කඩු ගැන විමසීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මාතෘකාව වෙනස් මගකට ඇද දැමීමට ගත් උත්සාහය කතෝලිකයන් පාරට බැසීමෙන් ව්‍යර්ථ වූයේය.
මේ පාස්කුබෝම් පිපිරුම පිටුපස ඇත්තේ ජරාපක්ෂ තක්කඩියන් මිස අන් කවුරුවත් නොවන බවත් සහරාන්ලා ඒ තක්කඩියන්ගේ බිලි බෝයිස්ලා වූ බවත් ඇත්තම ඇත්ත කාරණයයි.එහිදී ජරාපක්ෂවරු නැවත බලයට පත්කරවීම සදහා ඉන්දියාවද විශාල කාර්යභාරයක් ඉටු කළ බව සාරා ගේ චරිතයෙන් හෙලීවේ.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස