උණුසුම් පුවත්

ක්‍රිකට් සංගා රාජස්ථානය යනකොට, බුද්ධ සංඝා ක්‍රිකට් ගහන්න එයි.

Spread the love

මේ වෙනවිට ශ්‍රී ලංකාවේ චීවරධාරීන් බෞද්ධ ජනතාවගේ භක්තිය කෙළෙසමින්, ඉතාමත්ම අශීලාචාර ආකාරයෙන් භික්ෂුත්වයට නිගා දෙන ලෙස හැසිරීම පිළිබඳව මහා නායක ස්වාමීන් වහන්සේලා වගේ වගක් නො මැති ව සිටීම ලෝකවාසී බෞද්ධයන්ට මහත් වේදිකාවකි.

බුදුන් වහන්සේ ගේ කාලයේ පටන් පැවැති භික්ෂූන්ගේ අසීලාචාර කම් නිසා ධර්ම සංගායනා පවත්වා විනය පිටකයන් පවා ඇති කිරීමට සිද්ධ වූයේ කාලයාගේ ඇවෑමෙන් ශාසනය තුළ ට  දුස්සීල භික්ෂූන් ගේ පැමිණීම නිසාය.  මේ වන විට ශ්‍රී ලංකාවේ චීවරය දරන පුද්ගලයින් පොලිස් නිලධාරීන් පවා  මරා දැමූ අවස්ථා පසුගිය කාලය පුරාවටම අපි අසා ඇත්තෙමු. භික්ෂූන් චීවරය දරා ගත් පමණින් රටේ නීතිය, අවනීතිය කිරීමට කිසිසේත් ඉඩ නොදිය යුතු බව සැමදෙනාම කතා කළත් ඒ පිළිබඳව භික්ෂූන් භාරව සිටින ඒ ඒ නිකායන් වල මහා නායක ස්වාමීන් වහන්සේලා මුනිවත රකිමින් ඇත. 

අද සංගක්කාර රාජස්ථාන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නව ක්‍රිකට් අධ්‍යක්ෂවරයා වශයෙන් පත්වීම් ලැබීමට මිත ව සිටිය දී, ශ්‍රී ලංකාවේ ඉතාමත්ම විහිළුවකට පත්ව සිටින භික්ෂු නමක් වූ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්ස ක්‍රිකට් ආයතනයේ උප සභාපති වරයෙකු වශයෙන් තරග වැදීමට  නාම යෝජනා භාරදීමට පැමිණි සිටීම කාගේත්  සිනහවට මෙන්ම දෝෂාරෝපණයට ද ලක්විය.ඔහු බාර දෙන ලද නාම යෝජනාව අද නාමයෝජනා කමිටුව විසින් ප්‍රතික්ෂේප කළ බව මේ වන විට දැන ගැනීමට ඇත .

බත්තරමුල්ලේ සීලරතන කලිසම්, කමිස හැඳ පැමිණ ක්‍රිකට් ගැසුවත් අපිට ඇති වේදනාවක් නැත. ඒත්  “පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන ” සිවුරක් දරාගෙන පැමිණ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නගා සිටු වීමට සූදානම් වෙනවා නම් මෙය  බුද්ධ ශාසනයේ තවත්  පිරිහීමකි.

මේ ආකාරයේම තවත් භික්ෂුවක් නම් නාරාහේන්පිට අභයාරාමයේ මුරුත්තෙත්තුවේ ආනන්ද ස්වාමීන් වහන්ස උන්වහන්සේද හෙද සංගමයේ සභාපති වශයෙන් කටයුතු කිරීමද භික්ෂූත්වයට කිසිසේත් සුදුසු නොවන බව අප මීට පෙර අවස්ථා ගණනාවකදී ද පෙන්නා දුන්නෙමු .

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like