ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය, ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක නායක ඉම්රාන් ඛාන් මහතා හමුවීමට ශ්‍රී ලංකාවේ කිසිදු මුස්ලිම් මන්ත්‍රීවරයෙකුට රජය අවසර ලබා නොදීම පිළිබඳව මුස්ලිම් මන්ත්‍රීවරුන් තම අප්‍රසාදය ලංකා රජයට මෙන්ම පාකිස්තානු රජයට ද මේ වන විටත් දැනුම් දී ඇත.
මේ පිළිබඳව සොයා බැලීමේදී ආණ්ඩුව දැනුම්දී ඇත්තේ ඔහුට ඇති තර්ජනය නිසා කිසිදු මුස්ලිම් මන්ත්‍රී වරයෙකු හමුවීමට ඉඩ නොදෙන බවයි. මෙරට සිදු ව ඇති මානව හිමිකම් කඩවීම් පිළිබඳව ඔහුව දැනුවත් කිරීමට මුස්ලිම් මන්ත්‍රීවරුන් සූදානමින් සිටි බව ආණ්ඩුව දැන ගත් හෙයින් වහාම කිසිදු මුස්ලිම් මන්ත්‍රී වරයෙකු හමුවීමට ඉඩ ලබා දී නැත .රාජ්‍ය පරිපාලනය මුළුමනින්ම ත්‍රිවිධ හමුදා කරණය කිරීම නිසා ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට කාර්යාල, දෙපාර්තමේන්තු, වලට යාමයේදී පවා දැඩි මානසික පීඩනයකට ලක් වීමට සිදුව ඇති බවද, මෙහිදී මුස්ලිම් මන්ත්‍රීවරුන් පෙන්වා දෙයි
අද පැවති විරෝධතාවකට එක්වෙමින් හිටපු වරාය හා නාවික ඇමති වරයෙකු සේම ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් මන්ත්‍රීවරයා මේ පිළිබඳව පැවති උද්ඝෝෂණයකදී රවුෆ් හකීම් ඇමතිවරයා රජයට සහ පාකිස්තානු රජයට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.