උණුසුම් පුවත්

වැලිකඩ සිපිරිගේ සිටින සිරකරුවන් සහ වැලිකඩ ” සුපිරි ගේ ” සිටින සිරකරුවන්

Spread the love

රටක නිති පනවන්නේ ජනතා සුභ සිද්ධියටය.ඒ නිති රැකිය යුත්තේත් ,ඒවාට ගරුකල යුත්තේත් ඒ ජනතාවමය. එසේ නොවන කල ඒ රට අයාලයේ යන ගව රංචුවක් සේ නන්නතතාර වනු ඇත.
මනුෂයකු සිරකරුවකු වන්නේ උප්ප්ත්තියෙන් නොවන බව ලොකු කුඩා කවුරුත් දන්නා සත්‍යකි.මිනිසුන් සමාජයට එරෙහි යම් වරදක් කලහොත් ඒ පිලිබදව සාධාරණ පරීක්ෂණයකින් පසු අධිකරණයට යොමු කොට ලඝු නඩු විභාගයකින් පසු ඒ පුද්ගලයාට එරෙහි චෝදනාව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු උවහොත් පමණක් ඔහු වරදකරු කරනු ඇත.
එම වරදට අදාල දඩුවමද ඒ වරද විග්‍රහ කරන ලද වගන්තියේම දක් නට ඇත. ඊට නියමිත දඩුවම් නියම කලවිට ඒ පුද්ගලයා “සිරකරුවකු වනුඇත “
කොළඔ හෝ තදාසන්න ප්‍රදේශ වල එම සිරකරුවන් රදවා තබා දඩුවම් ගෙවනුයේ වැලිකඩ සිර ගෙදරය. වැලිකඩ සිර ගෙවල් එදා දක්නට ලැබුණේ එක් සිර ගෙදරකි. ඒත් දේශපාලකයෝ කරන ලද අපරාධ වලට සිර දඩුවම් ලැබීමට පටන් ගත්දා සිටම මේ සිර ගෙවල් වර්ග දෙකකට බෙදිනි. එනම් ජනතා ධනය සොරානොකා තම දරුවන්ට කන්න දෙන්න හෝ වෙනත් හේතුවක් මුල් කර ගෙන සිදු වු අපරාධ යක් නිසා සිර දඩුවම් විදින දුප්පත් සිර කරුවන් හා ජනතාවගේ දේපල හොරාකා ඊට දඩුවම් විදින සිරකරුවන් වෙනුවෙන් පාලකයන් “සුපිරි සිර ගෙදරක් ” ඒ තුල නිර්මාණය කරගෙන ඇත.
මේ වනවිට වැඩිම පිරිසක් සිරගතවන්නේම දේශපාලකයන්ය. ඉන් පෙනියන්නේ නුතනයේ අපරාධ කරුවන් වැඩිමනක්ම සිටින්නේ ප්‍රාදේශය සභා හා පලාත් සභා වලමෙන්ම පාර්ලිමේන්තුව තුලය. මෙපමණක් හෝ ශ්‍රි ලංකාවේ අපරාධ යම්තරමකටවත් අඩුවක් වී ඇත්තේ අපරාධ කරුවන් බොහොමයක් පාර්ලිමේන්තුව තුල සිටින බැවිනි.
මෙම ප්‍රභු පැලැන්තියේ අපරාධ කරුවන් රටේ නිතියට පමණක් නොව රටේ අධිකරණය පවා හාස්සියට ලක්කර අවසන්ය.
අද වන විට ජනතා ධනය හොරා කාපු, හොරු ,මංකොල්ල කරුවන්, මිනිමරුවන් සියල්ලම ඉන්නේ සිපිරි ගේ නොව සුපිරි ගේ බව ජනතාව දනී. යහපාලන රජයක් රටට බිහිවුයේ පෙරවැරදි ,පෙර කර්ම දක්ක ගෙන යාමට නොව වැරදි නිවරදි කිරීමටත්, අනාගතේ තවත් දවසක් එවැන්නක් නොවීමට ඉඩ ඇහිරීමටත්ය.
සිරකරුවොත් මනුෂ්‍යයෝය එසේ නම් සිරකරුවන් තවත් වර්ගයක් සිටිය නොහැක රජයේ දැඩි අවධානය මෙයට යොමු කොට වහාම වැලිකඩ සිර ගෙදර සිර ගෙදරක් මිස සුපිරි ගෙදරක් වීමට ඉඩ නොතැබිය යුතුය.


Spread the love

Leave a Comment

You may also like