හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක ශානි අබේසේකර මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ සිට කොළඹ ජාතික රෝහලේ ICU ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේම හෘද රෝගයක් ඇති වී සැත්කමක් සිදුකර ඇත. මෙය ඉතා බරපතල සැත්කමක් වන බව වෛද්‍යවරුන් පවසයි.
වෛද්‍ය උපදෙස් අනුව ශානි අබේසේකර දිගටම දැඩි සත්කාරය එකේ පසු විය යුතු නමුත් මේ වන විට චන්න ජයසුමන නමැති කාලකන්නි සෞඛ්‍ය ඇමැතිවරයා ගෝඨාභයගේ උවමනාව මත ශානි අබේසේකරට ස්වභාවික මරණයකට පත් කිරීම සඳහා ඔහු නැවතත් වැලිකඩ බන්ධනාගාරයට යැවීමට ලහිලහියේ කටයුතු කරමින් සිටින බව අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ඇත.
මේ පිළිබඳව අප පුද්ගලිකවම ජාත්‍යන්තර ආයතන දැනුවත් කළ අතරම ශානි අබේසේකරව මරා දැමීමේ අවශ්‍යතාවයක් ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ද ඔහු වටා සිටින හොරුන්ට ,සහ මිනීමරුවන්ට ය .ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී දින තුනක් යාමටත් පෙර අස්ගිරිය පන්සලේ වේඬරුවේ උපාලි නැමති භික්ෂුව හමුවීමට ගිය අවස්ථාවේදී ඔහු කියා සිටියේ ශානි අබේසේකර නමැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අද්භූත චෝදනා මත ගෝඨාභය අත්අඩංගුවට ගත් බවයි.
ඒ ගෝඨාභය රාජපක්ෂ වනාහි ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධාන පෙළේ මිනීමරුවෙකි. ඊට අමතරව ඔහු රජයේ දේපළ අවභාවිතා කරමින් ” අම්මගෙ රෙද්ද “තැබීම සඳහා යයි රාජ්‍ය මුදල් මිලියන ගණනක් වංචා කළ වංචා කරුවෙකු, බව ලෝකෙටම අප මීට පෙර අවස්ථා ගණනාවක දී පෙන්නා දී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් ශානි අබේසේකර සුප්‍රසිද්ධ මිනීමැරුම් ,අපරාධ පිළිබඳ විමර්ශනය කරන ලද විමර්ශන නිලධාරියාය. මේ වන විට ශානිගේ ජීවිතය ස්වභාවික ආකාරයෙන් නැති කිරීම ගෝඨාභය රාජපක්ෂ ගේ ඒකායන අරමුණ බව අප නැවත, නැවතත් කියා සිටින්නෙමු .
අද වෙනතුරු ශානි අබේසේකර ඇප නොදීසිටීමට ගෝඨාභයගේ හමුදා ජුන්ටාව ක්‍රියාත්මක වන නින්දිත අධිකරණය යුක්තිය වෙනුවට අයුක්තිය ඉටුකරන අධිකරණය ද දිගින් දිගටම ඒ අනුව ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් මාස 5 කට වඩා කාලයක් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කරමින් සිටී . මිග් ගනුදෙනුව මිලියන ගණන් වංචා කරපු පුද්ගලයා සහ මිනීමැරුම් චෝදනා මත අධිකරණයේ ත්‍රිපුද්ගල මහාධිකරණය නඩුව සියල්ලගෙන්ම වරදකරු වූ චොකා මල්ලි පාර්ලිමේන්තුවට යාමට යැවීමට තරම් ගෝඨාභය කාරුණික වී ඇත්තේ මිනීමරුවන්ට පමණි.
මේ පිළිබඳව ලෝකයට හඬගා කිව යුත්තේ රටේ සියලුම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ වගකීමක් බව අපි ඉතා කාරුණිකව මතක් කරන්නේ මු. මේ නිසාම ශානි අබේසේකර නමැති අපරාධ පරීක්ෂක වරයා වෙනුවෙන් පක්ෂ දේශපාලනය පැත්තකට දමා එකට පෙනී සිටින ලෙසට සහ එය ශ්‍රී ලංකාවේ අධිකරණයට කියා ඇති පලක් නොවන නිසාම මෙය වහාම ජාත්‍යන්තරය දැනුවත් කරන ලෙස අපි ඉතා කාරුණිකව සියලුම පක්ෂ දේශපාලන නායකයින් ඉල්ලා සිටින්නෙමු .
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස