හැට නව ලක්ෂයේ ජනපති නන්දසේන රාජපක්ෂ සෞඛ්‍ය ආරක්ෂන උපදෙස් නොතකා කෝවිඩ් රට පුරා පැතිරවීමේ මූලිකයා බවට පත් වී තිබේ.ශ්‍රී ලංකාවේ කෝවිඩ් රෝගීන් වාර්තා වූ මුල් අවදියේම රට ලොක් ඩවුන් කොට රෝගය පැතිරයාමට වලක්වන ලෙස වෛද්‍ය විශේෂඥයින් උපදෙස් දී තිබියදීත් ජනපති ගෝඨාභය රාජපක්ෂ එම උපදෙස් හාස්‍යයට ලක් කළ ආකාරය ජනමාධ්‍ය මගින් වාර්තා කෙරිණි.තමන් වීරයෙක් බවට තමන් විසින්ම උඩ දමා ගනිමින් නාඩගම් කවටයකු ලෙස හැසිරෙන ජනපතිිි නන්දසේන ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ බලයට පත්ව වර්ෂයක් යාමටත් පෙර මහජන අප්‍රසාදයට පත් වූ ජනාධිපතිවරයා ලෙස සඳහන්කළ හැකිය.
ශ්‍රී ලංකාවේ කෝවිඩ් රැල්ලේ ආරම්භය ලෙස සැළකිය හැක්කේ බ්‍රින්ඩික්ස් කෝවිඩ් රැල්ලයි.ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි බලකායේ හා ක්ෂේත්‍ර සෞඛ්‍ය නිළධාරීන්ගේ දැවැන්ත කැපකිරීම් මත රට තුළ කෝවිඩ් රෝගය ඉතා සැලසුම් සහගතව පාලනය වී තිබණි .එහෙත්අ අවාසනාවකට එම අවදියේ බ්‍රැන්ඩික්ස් ආයතනයට ඉන්දියාවෙන් පැමිණි විදේශිකයන් පිරිසකගෙන් රට පුරා සීඝ්‍රයෙන් කෝවිඩ් රෝගය පැතිර යාම ඇරඹුනි.ඉන්දියාවෙන් ශ්‍රීීී ලංකාවට පැමිණි මෙම බ්‍රැන්ඩික්ස් කාර්ය මණ්ඩලයට අයත් පිරිස මත්තල ගුවන් තොටුපොලෙන් ලංකාවට ගොඩ බැසගත් අතර ජනපතිවරයාගේ විශේෂ නියෝගයක් පරිදි ඔවුන් කොරන්ටයින් නොකෙරුනිිි. ජනපති නන්දසේන රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේ පදනමක් ලෙස සැළකිය හැකි වියත් මග සංවිධානයේ මුල්‍ය පහසුකම් සලසන ලද්දේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ හිමිකරු විසිනි .ජනපති නන්දසේන රාජපක්ෂ හා බ්‍රින්ඩික්ස් හිමිකරුු හා පැවැති මිතුරු ගණුදෙනුව නිසා කොරොන්ටයින් නොකර රට තුලට පැමිණීමට ඉහත සඳහන් කළ ඉන්දියානු ජාතික බ්‍රැන්ඩික්ස් සේවකයන්ට හැකි වූ බව මෙහිදී සටහන් කළ යුතු කරුණකි.
වර්තමානය වන විට රට පුරා සීඝ්‍රයෙන් පැතිර යන කෝවිඩ් රෝගයේ ඇරඹුම ජනපති නන්දසේන හා බ්‍රින්ඩික්ස් හිමිකරු හා පැවැති ගජමිතුරු සම්බන්ධතාවයයි.
කෝවිඩ් රෝගය මේ වනවිට ශ්‍රී ලංකාවේ සමාජගත වී අවසන්ය.මෙලෙස රෝගය පැතිරයාම පිළිබඳව වෛද්‍ය විශේෂඥයන් ඇත්තේ කිසිවක් කරකියා කියා ගත් නොහැකි තත්වයකය. ඔවුන්ට සිදුව ඇත්තේ ගිරා පෝතකයන් ලෙස ජනපති නන්දසේන රාජපක්ෂගේ වීරත්වය පිළිබඳව යහ ගුණ වැනුම පමණිිි.මෙම වෛද්‍ය විශේෂඥයින් රැළ කට අරින්නේ අපේ මේ ජනපතිතුමා නැතිනම් රටට කෙලවී හමාරය කියාය..ඔවුන් කටවල් වහන්නේ අපේ මේ ජනපතිතුමාට ජයවේවා කියාය.වෛද්‍ය විශේෂඥයින් පමනක් නොව ශ්‍රී ලංකාවේ පරිපාලන සේවයද වැටී ඇත්තේ දෙකේ කොලයටය.කෝවිඩ් රෝගී තත්වයන් යටතේ ඔවුන්ගේ රාජකාරියද සීමා වී ඇත්තේ යර්ස් ස කීමට පමණකි.කොටින්ම කියතොත් මේ වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවය දෙන දෙයක් කා ඔළුව පාත් කරගෙන සිටින එහෙයියන් පිරිසක් බවට පත්වී තිබේ.ඒ එහෙයි රාජකාරියට සාපේක්ෂව රාජ්‍ය සේවය පුරා බලධාරිත්වය පතුරවාගෙන ඇත්තේ ජනපති නන්දසේනගේ අතුරු මිතුරු යාළු ජනරාල්වරුය.ඉන් ප්‍රධානියා ලෙස ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කැපීපෙනේ.බෝවන රෝග පිළිබඳව මෙලෝ හසරක් නොදන්නා ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ වනවිට වොයිස් කට් වීරයක් බවට පත් වී තිබේ.මේ වොයිස් කට් වීරයා පසුගිය යුද සමයේ රූපවාහිනී නිවේදක සමන් කුමාර රාමවික්‍රම හා යාපනයේ සිදු කළ රත්තරන් ජාවාරම ගැන අප නම් දනිමු . එලෙසම අපට ලැබෙමින් පවතින හමුදා ආරංචි මාර්ග අනුව හමුදාපතිගේ බිරිඳට නම් මෙලෙස රට පුරා කොවිඩ් පැතිරයාම කල්ල මරේ බිස්නස් එකකිිි.හමුදාපති බිරිඳ කෝවිඩ් පැතිරයාම ඉල්ලමක් කර ගනිද්දී රාජපක්ෂ පවුලේ ඥාතීන්ද මිතුරු ව්‍යාපාරිකයන්ද හරි හරියට අතයට ගනුදෙනු හා කොමිස් මුදල් වලින් සිය බැංකු ගිනුම් තර කරගනිමින් සිටී.
මේ ජඩ දූෂණ ක්‍රියා ගැන ජනපති නන්දසේනට වගේ වගක් නැත්තේය.
මේ හා සමානව ගම සමග පිළිසඳර නම් විකාර රූපී වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් ජනපති නන්දසේන තවදුරටත් ශ්‍රී ලංකාවේ කෝවිඩ් රෝගය පතුරවන පුරෝගාමියා වී සිටී
රට තුල පැවතිය යුතු සෞඛ්‍ය නිර්දේශයන් ලෙස විවාහ මංඟල්‍යයකදී සහභාගිත්වය පනස්දෙනෙකුට සීමා කර ඇති අතර පොදු ප්‍රවානයේ යෙදෙන බස් රථයක මගීන් සිටිය යුත්තේ හැට දෙනෙකි.දුම්රිය සේවාව තුල එක මැදිරියක තුල සිටිය යුතු මගීන් සංඛ්‍යාව දහසකි.එහෙත් ජනපති නන්දසේන ගේ ගම හා පිළිසඳර වැඩ සටහනට සහභාගි විය යුතු සංඛ්‍යාව දහසක් බවට නියෝග පමුණවා තිබේ.
මෙම ගම හා පිළිසඳර වැඩසටහන ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යල හා රාජ්‍ය ආයතන මගින් සංවිධානය කරන අතර එය පැවැත්වවෙන දිනයට සති තුනකට පෙර රාජ්‍ය නිළධාරීන් පන්සියයකට ආසන්න පිරිසක් එම සංවිධාන කටයුතු සදහා ගමට යාම සිදුවේ.ඒ අතර ජනපති ආරක්ෂක අංශයද පොලීසියද වේ.මේ වනවිට ජනපති ආරක්ෂක අංශයෙන්ද විවිධ රාජ්‍ය ආයතන හා පොලීසිය තුලින්ද කෝවිඩ් රෝගීන් පිළිබඳව ඉතා බරපතල ලෙස වාර්තා වේ. එය එසේ වන්නේනම් ගම හා පිළිසඳර වැඩ සටහන සංවිධානයට ගමට යන රාජ්‍ය නිළධාරීන් අතර කෝවිඩ් රෝගීන් අනන්තවත් සිටිය හැක
ජනපති නන්දසේනගේ ජොලියට ඒ අවදානම පිලිබඳව ගානක් නැත.මොනිටසෝරි දරුවකු ලෙස ආතල් ගන්නා ජනපති නන්දසේන රාජපක්ෂ ගේ මේ කෙරුවාව ගැන අපට නම් ඇත්තේ බරපතල කණගාටුවකි දුකකි වේදනාවකි.අහිංසක දුප්පත් අසරණ ජනතාව විනාශය කරා ඇද දමමින් ජනපති නන්දසේන හා ඔහුගේ ගජ මිතුරු එහෙයින් පිරිස සිදු කරන මේ මහා විනාශයේ කෙළවර කොතැනකදැයි සිතා ගන්නට බැරි තරමේය.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස