හරීන් මංත්‍රීතුමා මෙහෙම කියද්දි ගිය සිකුරාදා දුප්පත් අහිංසක අහිකුණ්ඨික බැසිල් උන්නැහැ නාරාහේන්පිට යුධහමුදා රෝහලින් මෙම එන්නත ලබා ගත්තේ ඔහුට ඇති අහේනිය නිසාවෙනි. තවද සිවිල් ආරක්ෂක බලකායේ විශේෂයෙන් තෝරාගත් 1500 භට / භටවරියන්ට ලබා දීමට තිබුණ එන්නත් රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ හොර අඹුවට 11/02/2021 දිනත්, තවත් ලේකම් යයි කියාගත් අයවලුන් 05 දෙනෙකුට 12/02/2021 දිනත් මෙම එන්නත හොර රහසේම ලබා දෙන ලදී. මෙහිදී බන්දු නැමැති පොලිස් නිලධරියාත්, ජගත් නැමැති පොලිස් අධිකාරීත්, රියර් අද්මිරාල් සේරසිංහ සමග සාකච්ඡා කරන ලද අතර , හොරකම සිදු කිරීමට අධ්‍යක්ෂ ජනරාල් වන මේජර් ජනරාල් නන්දන සේනාධීරට දන්වා සිටි අතර, සිවිල් ආරක්ෂක බලකා භටයන් 6 දෙනෙකු ලයිස්තුවෙන් ඉවත් කර සරත් වීරසේකරගේ නඩයට එන්නත් කරන ලෙස අධ්‍යක්ෂ ජනරාල් සේනාධීර නියෝගය ලබාදෙන ලදී.
තවද මෙම සිවිල් ආරක්ෂක බලකා අධ්‍යක්ෂවරුන් හා ඔවුන්ගේ පව්ල්වල අයටද ලබන සතියේ හොර රහසේම එන්නත ලබාගත හැකි ක්‍රමයක් විදියට නිදහස් දින පෙරහුරුවට පැමිණ දැනට කෝවිඩ් වැළදී සිටින භට/ භටවරියන් එම 1500 පිරිසෙන් ඉවත් කර ඒ වෙනුවට මේ පවුල් නඩවලට එන්නත ලබා දෙන ලෙස නන්දන සේනාධීර සහ සේරසිංහගේ මතයවිය. සරත් වීරසේකරගේ පෞද්ගලික බූදලය ලෙස අදටද මෙම සිවිල් ආරක්ෂක බලකාය යොදාගන්නා බව දැන් කාටත් නොරහසකි.
පල්ලේබැද්ද අක්කර 25ක ගංජා වැවූ බ්‍රිගේඩියර් D C J W ජයසේකර හෙවත් ජාලිකගේ කකුස්සි සේදීම , ඉවීමට හා අනෙකුත් නිවසේ රාජකාරී සදහා මෙම භටයින් අදටද අනුයුක්ත කර ඇත.
තවද හිටපු අධ්‍යක්ෂ ජනරාල් ( නූතන සතොස සභාපති ) රියර් අද්මිරාල් ආනන්ද පීරිස්ගේ කුස්සියේ සිට කකුස්සි සේදීම අදටත් කරන්නේද මෙම භටයින් බව තතු දන්නෝ පවසති. අතිරේක අධ්‍යක්ෂගේ පුතුන්ට සාදන ගෙවල් තුන සෑදීමට පිරිස් බලයත් , ඔහුගේ නව නිවසේ සේවයටත් මෙම පිරිස අනුයුක්ත කර ඇති අතර එම බිරිදට විශේෂ වරප්‍රසාදයක් ලෙස සිවිල් ආරක්ෂක භටයින් දෙදෙනෙක් හා නිල රථයක් ලබා දීමට තරම් නව අධ්‍යක්ෂ ජනරාල්වරයා කරුණාවන්ත වී ඇත.
මෙයින් පෙනෙනේ ගෝඨාගේ මෙම හොර කල්ලිය ජෙනරාල් කමල් ගුණරත්න , ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුලු සියලුම විශ්‍රාමික හා නැවත සේවයට කැදවූ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ මෙන්ම දේශපාලුවන්ගේ මෙහෙකරුවන් ලෙස තව දුරටත් සිවිල් ආරක්ෂක භටයින් යොදාගන්නා බවයි.
ඔවුනට ලැබිය යුතු වරප්‍රසාද සියල්ලම කපා හැරියත් නූගත් මෝඩ රැලක් සේ හංවඩු ගසා ඔවුන්ව මඩවා ලෙඩ රෝග සෑදී මියගියත් ( කෝවිඩ් අසාධිතව) තම පහත් වැඩ පිළිවෙල ක්‍රියාවේ යෙදවීමට තරම් මෙහි සිටින අධ්‍යක්ෂ ජනරාල් පහතට වැටී ඇත.
නිදහස් උත්සවයට රට වටෙන්ම ගෙන්වා ගත් භට/ භටවරියන් අදටත් මිහින්තලය සිවිල් ආරක්ෂක බලකා පුහුණු පාසලේත්, නීතියගමත් , ගල්කිරියාගම පුහුණු පාසලේත් තවමත් නීරෝධායනය වෙමින් සිටින අතර වෛද්‍ය මතයට පිටුපා ක්‍රියාකිරීම නිසා අදටද එම අයවලුන් කෝවිඩ් ආසාධිතයින් වෙමින් සිටිති. මොවුන් තම නිවෙස්වලට යැවීමට හෝ අවශ්‍යතාවක් මෙම රජයේ මුදල් අවභාවිත කරන්නන්ට හෙවත් විශ්‍රාමික නාකි ලොක්කන්ට උවමනාවක් නැති හැඩය.
අහෝ ! සිංහල ජාත්‍යාලය උතුරාගිය මහා රටවිරුවාගේ අමන වැඩ.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස