උණුසුම් පුවත්

රාජපක්ෂලාගේ කුඩුකේඩු දේශපාලනය ගැන කළකිරී පොදුජන පෙරමුණු මාධ්‍ය වැඩ්ඩෙක් සිය දිවි නසාගනී.

Spread the love

මහින්ද රාජපක්ෂ යනු දේශපාලනයේ කුඩුකේඩු ආත්මාර්තකාමී දෙබඩි චරිතයකි.තරුණ වියේ සිටම කාන්තාවන් කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූ මොහු සිය අරමුණ හොඳින් හෝ නරකින් ඉටු කරගන්නා ජාතියේ අයෙකි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය අපේක්ෂාවෙන් අනුර බණ්ඩාරනායක බේබද්දකුගේ තත්වයට පත්කොට ඔහුට යන එන මං නැතිකෙරුවේ මහින්ද රාජපක්ෂ බව දන්නෝ දනිති.

කටපුරා කුණුහරුප දෙසමින් සුරාව හා ගැලී ගැහැනුන් සමාගමයේ ලොල්ව  කාමාතුර ජීවිතයක් ගතකළ මහින්ද රාජපක්ෂ ශ්‍රී ලාංකේය සමාජය තුල පෙනී සිටියේ ශුද්ධෝත්තම උපාසකයකු ලෙසය.සිංහල බුද්ධාගමේ ගැලවුම් කරුවා ලෙසය.සැබවින්ම ඔහුගේ සැබෑ දූෂිත චරිතය වසන්කොට ඔහු ආගමට ලැදි ශුද්ධෝත්තම උපාසකයකු හා ජාතිහිතෙෂී වීරයකු බවට හඳුන්වා දුන්නේ බඩජාරී මාධ්‍යයයි.සිය පැවැත්ම තහවුරු කරගැනීම සඳහා  යෝධ බල යෝධ  ශක්තිය රඳා පවතින්නේ මාධ්‍යය තුල බව තරුණ දේශපාලඥයකු වූ මහින්ද රාජපක්ෂ එදවස දැනසිටියේය.තරුණ මන්ත්‍රීවරයකු ,ඇමතිවරයකු ,ලෙසද අගමැති වරයා ලෙසද ජනමාධ්‍යවේදීන් තමන්ට ඕනෑ ආකාරයට හසුරවා ගන්නට මහින්ද රාජපක්ෂ සමත් වූයේය.මාධ්‍යවේදීන් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්නට ඔහු සූදානම් චරිතයක් විය.

තරාතිරම නොබලා සෑම මාධ්‍යවේදියෙකුටම කටපුරා මල්ලී කියන්ටත් ඒ සියළු මාධ්‍යවේදීන්ගේ මහින්ද අයියා වන්ටත් ඔහුට හැකිවිය
අතිශය කපටි හිනාවකින් පිටට තට්ටු කොට ඕනෑම විරුද්ධවාදියෙකු සිය ග්‍රහණයට ගැනීමට හැකි මහින්ද රාජපක්ෂ තරම් දක්ෂ දේශපාලඥයකු ලංකාවේ නැති තරම්ය.ශ්‍රී ලංකාවේ දේශපාලන  භාවිතය තුල සැබෑ සුන්දර මනුස්සයෙක් ලෙස ස්ථානගතවීමට ඔහුට හැකිවී තිබුණි.තිස්වසරක යුද්ධයේ ජයග්‍රහණයත් සමගම මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ගැලවුම්කාර  රාජකීය සන්නාමය බව⁣ට පත් වූයේ නිරායාසයෙන්මය. මෙම සමාජ වටපිටාව  සැබෑ මහින්ද රාජපක්ෂ චරිතය පිළිබඳව දැන සිටි අයවළුන් පවා නිහඬ කරවන්නක් වූයේය.
මහින්ද රාජපක්ෂගේ ඒ රැස්වලල්ල තුල සමාජය කල්පපනා කරන්නට ගත්තේ ඔහුගේ සොහොයුරන්ද වැඩ්ඩන් ලෙසය.මහින්ද රාජපක්ෂ ජනපති පදවියට පත්වීමෙන් පසු ඔහුගේ බාල සොහොයුරු ගොඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධූරයට පත්කර  ගන්නා ලදී.ශ්‍රී ලංකා යුද හමුදාවේ කර්නල් වරයකු ලෙස සේවය කරමින් සිටියදී මානසික ආබාධයක් තිබෙන බවට අඟවා වෛද්‍ය නිර්දේශ මත යුද හමුදාවේ සේවයෙන් ඉවත්ව  ගොස් ඇමරිකාවේ පදිංචිව සිටි ගොඨාභය රාජපක්ෂ නැවත් ලංකාවට එන්නේ තම සහෝදරයා ජනපතිවීමෙන් පසුවය.
යුද්ධය දිනූ වීරයා ලෙස මහින් රාජපක්ෂ ජනපතිවරයා ඉහලට ඔසවද්දී සිංහල බෞද්ධ සමාජයේ ඊළඟ වීරයා වූයේ මේ ගෝඨාභයයි.ඉක්මන් කේන්ති කාරයකු හා දැඩි උද්දච්ච බවකින් යුතු චරිත ස්වභාවයෙන්  පිරි ගෝඨාභය රාජපක්ෂ බියගුල්ලකු බව ඔහුගේ සමීපතමයන් දනී.එහෙත් එම බියගුළුකම වසන් කොට ජාතියේ වීරයකු වන්නට ඔහු පදනම සකසා ගන්නේ ආරක්ෂක ලේකම් ධූරයයි.
රාජපක්ෂ  පවුල යනු බොරුවෙන් හා කපටිකමින් සිය ඕනෑ එපාකම් ගොඩ දාගන්නා පවුලකි.සිය ඕනෑ එපාකම් සහ අපේක්ෂාවන් ජයග්‍රහණය කරගැනීම සඳහා ඕනෑම උගතෙකු  ගොනාට  අන්දා ගැනීමේ දක්ෂතාව රාජපක්ෂ පවුලේ ජාන වලම පවතින්නකි.එය එසේ වන්නාසේම තම වාසිය සඳහා තමන් ගේ ජයග්‍රහණයට අවංකවම අතහිත දුන් අයගේ පවා ඉරණම කප්පාදු කිරීමට රාජපක්ෂ පවුල දෙවරක් සිතන්නේද නැත. හෙරොයින් ජාවාරම් කාරයකු වූ දුමින්ද සිල්වා ගෙන් තමන්ට ලැබුණ ලාභ ප්‍රයෝජන නිසා දීර්ඝ කාලයක සිට සිය දේශපාලන හෙවනැල්ල මෙන් සිටි භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ගේ ජීවිතය අවසන් වීම  මහින්ද රාජපක්ෂ  හා සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ තඹ දොයිතුවකට මායිම් කෙරුවේ නැත.ඒ රාජපක්ෂලාගේ හැටිය .ඔවුන් යමෙකු සමීපයට ගන්නේ තමන්ගේ ජයග්‍රහණය සඳහා මිස ඔඩොක්කුවේ තියාගන්නට නොවේ.එසේ සමීපයේ සිටින ඕනෑම අයෙකු අවශ්‍ය නැතැයි සිතෙන වෙලාවේදී සැලසුම් සහගතව එළියට විසි කරන්නට ඔවුන් සමත්ය.මේ විසිකිරීම ඇතැම්විට ඒ තැනැත්තාගේ ජීවිත හුස්මේ අවසානය වන්ටද බැරි නැත.
එහෙත් රාජපක්ෂවරු නිර්දොෂී උතුම් මිනිසුන්ය. සමාජය හිතන්නේ එහෙමය.ඒ සිතීම අර එළියට විසි වූ තැනැත්තා රට ජාතිය පාවාදෙන්නෙක් සොරෙක් වංචාකාරයෙක් කරන තරමට ප්‍රබලය.
කෙසේවෙතත් ⁣රාජපක්ෂවරුන් තුළ කෙළෙහිගුණයක් නම් නැති බව දන්නෝදනිති.මෙහි ආසන්නම උදාහරණය මීට සති දෙකකට පෙර සිදුවී තිබේ.ඒ පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ අති දැවැන්ත සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු රාජපක්ෂලාගේ ව්‍යාජ දේශපාලනය පිළිබඳව කළකිරී සිය දිවි නසා ගැනීම තුළිනි.මෙම තරුණයාගේ  සියදිවි නසා ගැනීමට හේතුවූ කාරණය කිසිදු මාධ්‍යයකින් වාර්තා නොවීමද මෙහිදී වැදගත් කාරණයකි.එය මාධ්‍යයට නිකම්ම නිකම් සිල්ලර තවත් එක සිය දිවි නසා ගැනීමක් වූ බව අනාවරණය වේ.
පානදුර පදිංචිව සිටි මදූෂ ප්‍රභාත් කණිෂ්ක ලියනගේ නම් මෙම තරුණයා පසුගිය ජනාධිපතිවරණයේදී සමාාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු ලෙස සිය පෞද්ගලික ධනය වියදම් කරමින් ගෝඨාභය රාජපක්ෂ ගේ ජයග්‍රහණය වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස වූ අයෙකි.කුඩා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.මෙම තරුණයාගේ සිය දිවි නසා ගැනීම පිළිබඳව සත්‍යය තහවුරු කර ගතහැක්කේ ඔහු වෙනුවෙන් ඔහුගේ මිතුරන් මුහුණු පොතෙහි තබා ඇති සටහන් තුලිනි.පොදුජන පෙරමුණු සමාජ මාධ්‍ය බලකායේ ඉදිරිපෙල ඡ්‍යෙෂ්ඨයකු වූ මදූෂ ප්‍රභාත් කණිෂ්ක ලියනගේ ගැන එම මාධ්‍ය බලකායේ සිටි සගයකු මෙසේ සටහන් කර තිබේ.
“දේශපාලනය වෙනුවෙන් හැමදේම කැපකරල දේශපාලනය නිසා උඹ අපිත් දාල යන්න ගිහින්.මේක අද උඹට, හෙට මට ,අනිද්ද තව එකෙකුට ,වෙන්න පුළුවන් කණියො “
පොදුජන පෙරමුණේ වත්මන් දේශපාලනය ගැන කළකිරුණ තරුණ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් බොහොමයක් මෙම තරුණයාගේ නික්ම යාම ගැන මෙලෙස සටහන් තබා තිබේ සිය දිවි නසාගත් මෙම තරුණයා තමන්⁣ මුහුණ පා සි⁣ටි ප්‍රශ්නයක් විසඳාගැනීමට බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මුණගැසීමට උත්සාහ කර ඇත.එහෙත් ඔවුන් දෙදෙනාම ඔහු හමුවීම ප්‍රතික්ශේප කර ඇතැයි වාර්තා වේ.තමන් දේශපාලනිකව විශාල කැපවීමකින් හා හෘදයාංගමව කටයුතු කළ නායකයන් දෙපොලගේ සැබෑ ස්වරූපය අනාවරණය වීමෙන් දැඩි ලෙස කම්පනයට පත්වූ මෙම තරුණයා සිය දිවි නසාගෙන තිබේ. ඔහුගේ අව⁣මංඟලෝත්සවය⁣ට පොදුජන පෙරමුණේ නායකයන් කිසිවකු සහභාගි වී නැත.කෙසේ වෙතත් මෙලෙස දිවි නසාගත් තරුණයාගේ බිරිඳට මාසිකව රුපියල් පනස්දහසක් ලබා දීමට දෙරණ දිලිත් ජයවීර මැදිහත් වී ඇත.
කෙතරම්  කැපවීමකින් හා වහල් බවකින්  පාක්ෂිකත්වය තහවුරු කළද රාජපක්ෂ පවුලේ අයවළුන් කෙළෙහිගුණයක් ඇති අයවළුන් නොවන බවට මේ මරණය තවත් එක් සාක්ෂියක් පමණක් වන්නේය.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like