2019 අප්‍රේල් මස 21 එක් වන දින පාස්කු ප්‍රහාරයෙන් මියගිය 350 කට ආසන්න පිරිසක් සහ ඒ හා සමානවම ආබාධිතව මේ වන තෙක් ජීවිතයත් මරණයත් අතර දිවි ගෙවන අහිංසක ජනතාවට යුක්තිය ඉෂ්ට කිරීම වෙනුවෙන් අපි දිගින් දිගටම මේ පිළිබඳව විමර්ශනාත්මකව සහ ගවේෂණාත්මක ආකාරයේ සටහන් තබනුයේ සමාජය අද ඔවුන් වෙනුවෙන් කිසිවෙකුත් කතා නොකරන තැනට පත්වෙමින් ඇති නිසාය.
පාස්කු ප්‍රහාරයේ මහ “මොළකරුවන් සැඟවීමට ” පත්කරන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභාව සිදු කර ඇත්තේ මහ මොළකරුවන් සඟවා දමා ඔවුනට ආධාර සහ අනුබල දුන්නා යැයි කියා පරිපාලන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීම යි. පාස්කු ප්‍රහාරය සිදු වූ ස්ථානයට ගොස් ගෝඨාභය එදා කීවේ තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි. මරණ ගෙදරකට ගොස් තමාගේ මඟුල් කාඩ් බෙදූ ගෝඨා මනුෂ්‍යයෙක් නොකරන දෙයක් කිරීමට තරම් නින්දිත පුද්ගලයෙකු වශයෙන් කරළියට පැමිණියේ එදාය.
ඊට පාර කැපුව තමන්ගේ මල්ලි ” බැසිල් ” අද යහතින් සිටී. මේ නිසාම අපි දිගින් දිගටම මේ පිළිබඳව විමර්ශනය දී ඔබට හෙළි කළේ මේ හා සමාන සියලු දෙනාම අද සිටින්නේ ගෝඨාගේ ආරක්ෂක වළල්ලේ සහ ඔහුගේ සමීප රාජ්‍ය නිලධාරීන් වශයෙනි . පාස්කු කොමිසම ඉතා සූක්ෂම ආකාරයෙන් බැසිල්, ගෝඨා, සලේ ල බේරා ඇඳපු චිත්‍රයක් බව ඔබට පහත වාර්තාව කියවන විට තේරුම් යනු ඇත
කොමිසමේ සිටි නාට්‍යකරුවන්ගෙන් අපි අසා සිටින ප්‍රශ්න නම් මේවාය…… ඔබට හැකි නම් මේවාට රටේ ජනතාවට පිළිතුරු දිය යුතුය එනම්…….
1. පාස්කු කොමිසමේ දී සහරාන් හෂීම්ගේ බිරිඳ කළ ප්‍රකාශය ඉතා බරපතළ ප්‍රකාශයකි .ඇයට තම ප්‍රකාශය කිරීමට ඉඩ නොදී වහාම කොමිසම එදින නවත්වා කොමිසමෙන් එළියට දමා, පසුව කොරෝනා ඇතැයි බොරු බියක් මවමින් ඇය කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යැවීමට තරම් කොමිෂන් සභාව ලහිලහියේ ක්‍රියාත්මක විය. ඒ සියල්ලම කොමිසමේ හෙලුව පෙන්නූ නාටකයෙකි.එම ප්‍රකාශය මාධ්‍යයට හෙළි නොකිරීමටත් ඉතා රහසිගතව එම ප්‍රකාශය ඔවුන්ට පමණක් සීමා වන ආකාරයෙන් අසා දැනගැනීම පමණක් සිදුවිය.
එසේම මේ වන විට අප වෙත ලැබී ඇති තොරතුරු වලට අනුව සටහන් තබන ලද ලඝු ලේඛිකාවන් ගේ සටහන් කපා සුද්ද කර රොඩු පමණක් කොමිෂන් සභාව ගෙන වර්ණවත් කොට වාර්තාවට ඇතුළත් කර ඇත. මෙහිදී සහරන්ගේ බිරිඳ හෙළි කළ යුද හමුදාවෙන් ගෙනැවිත් තිබෙන මුදල් ……? සහ යුද හමුදාවේ වාහන කොපමණ ප්‍රමාණයක් ඇගේ නිවසට ආවා ගියා ද….? යන්න පිළිබඳව විමර්ශනයක දී කිසිදු හෙළිදරව්වක ට ඉඩ නොදීම ,
2. මෙම ප්‍රහාරය පිළිබඳව මුල්ම තොරතුරු ලැබුණු එවකට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන ගේ පරිගණක තුළ තිබූ සියල්ලම මකා දැමීම සහ ඔහුගේ ජංගම දුරකථනයට පැමිණි සියලුම දත්ත විනාශ කිරීම, ඔහුගෙන් කිසිදු ප්‍රශ්න කිරීමක් හෝ ඊට ඔහු වගකිව යුතු බව හෙළි නොකිරීම , ප්‍රශ්න කිරීමක් හෝ අත්අඩංගුට ගැනීමක්, නොකිරීම ඒ සියල්ල ම සිදු කළේ කොමිසමේ අනුදැනුම ඇතිව බව අපි දැඩි විවේචනයක් කොමිසමට එල්ල කරන්නේ මූ.
ඊට ප්‍රධානතම හේතුව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වැනි උසස් පොලිස් නිලධාරියෙකු තමා එවැනි අපරාධමය තොරතුරක් වසන් කිරීම ,පිළිබඳව ඉතා හොඳින් ලැබෙන දඩුවම් සහ නීතියෙන් තමාට කළ නොහැකි බව ඉතා හොඳින් දන්නා පුද්ගලයෙක් වූ ,ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අවස්ථාවේදී ඔහු කියා ඇත්තේ ….
” මා ලද තොරතුරු මා හෙළි නොකරන බවත් මා ගේ පරිගණකය සහ මාගේ දුරකථනය ඒ ලැබුණු තොරතුරු ඉවත්කර බවයි…..”
එවැනි නිර්භීත ප්‍රකාශයක් කිරීමට තරම් 350 ක් මරා දැමූ සිද්ධියක තොරතුරක් එළියට හෙළි නොකරන්නේ, ඔහුට ඇති නීතිමය ආවරණය වූ ,වෙනත් ආවරණයක් තිබේද ……..?
එසේ තිබෙනවානම් ඇත්තේ ගෝඨාභයගේ ආවරණය පමණකි.
එසේ නොවන්නට මේ මහ පොළොවේ ලෝකෙ කිසිදු රටක එවැනි නීතියක් හෝ ආවරණයක් නොමැති බව අප ඉතා වගකීමෙන් සටහන් කරන්නෙමු.
එසේනම් ඒ සියල්ල කොමිසම දැන දැනුම ඉතා සූක්ෂම සඟවා වාර්තාව හෙළි කළේය. අපි කොමිසමේ සභාපති වරයා ප්‍රමුඛ කොමිසම් සභාවට චෝදනා කරන්නේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජනරාල්වරයා වශයෙන් නිලන්ත ජයවර්ධන ට ලැබුණු දුරකථන ඇමතුම් පටිගත කිරීම සහ එම දුරකථන කණු ආශ්‍රයෙන් ලබා ගත හැකිව තිබියදීත් ඒවා නොගැනීම., ඒ පිළිබඳව කිසිදු විමර්ශනයකට ඉඩ නොදීම, එහිදී විමර්ශන කරන ලද පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් සහමුලින්ම ඒවා ඉවත් කොට එහි අධ්‍යක්ෂව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ද එම විමර්ශණයෙන් ඉවත් කළේය.
ගොනු සියල්ල ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් අතර එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ශානි අබේසේකර රෝහල් ගතව සිටිමින් දෙන ලද ප්‍රකාශය පවා ඔහුට නිසි පරිදි ලබා දීමට ඉඩ ප්‍රස්ථාව නොදීම ශානි අබේසෙකර ව අත්අඩංගුවට ගෙන රඳවා තැබුවේ ම මෙම ප්‍රකාශය ලබාදීමට ආසන්න ව සිටියදී බව අපි ඉතා වගකීමෙන් සටහන් සටහන් කරන්නෙමු.
3. එසේම පාස්කු ප්‍රහාරය පිළිබඳව ජීවිත 350 බිලිගත් සිද්ධිය පිළිබඳව අකුරක් නෑර දන්නා කෙනා පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සාරා නැමැත්තිය මේ වන විට ඉන්දියාවේ සිටින බවට තොරතුරු විටින් විට හෙළි වෙන නමුත්, ඒ පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් කිසිදු විමසීමක් නොකරන්නේ මන්ද……?
පුලස්තිනී රාජේන්ද්‍රන් ගේ මව වන රාසරත්නම් කවීෂා නමැත්තියට විවිධාකාරයේ බාධා කරමින් පාස්කු ප්‍රහාරයේ මියගිය තමාගේ දුව බවට හඳුනා ගත්තා නේදැයි විට කොමිසමේ සභාපතිවරයා ප්‍රශ්න කරන්නේ සභාපති ” බබෙකු “ලෙසය එසේ වන්නේ කෙසේද……..?
ඇය අවස්ථා ගණනාවක දී කියා සිටින්නේ එම එම සිද්ධිය වූ ස්ථානයේ තිබූ DNA සමග ගැලපීමක් නොවුනත්, අවස්ථා ගණනාවකදී කියා සිටින්නේ ගැලපුනා නේදැයි…….? උත්තරය අඟවන ප්‍රශ්නයක් යොමු කරන්නේ කුමන හේතුවක් මතද…….?
අපරාධ සිදු වූ සහරාන්ගේ සොහොයුරාගේ නිවසේ සිට නිවසින් එළියට ගෙනැවිත් යුධ හමුදා ජීප් රථයට දමා පිට කරා යයි මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින රථවාහන අංශයේ ස්ථානාධිපති එම පොලිස් පරික්ෂකවරයා කොමිසමට ගෙන විත් ප්‍රශ්න නොකිරීම ද…….? බරපතල සැකයට තුඩු දෙන කරුණු සමාජයට හෙළිවිය.
4. එසේම මෙම පරික්ෂකවරයා sara එම ස්ථානයෙන් රැගෙන ගොස් යුද හමුදාවට බාර දුන්නේ යැයි කියන්නේ කාගේ උපදෙස් සහ නියෝග මත දැයි පරික්ෂා නොකරන්නේ මන්ද…..?
යන්න වහාම සොයා බලා කටයුතු නොකිරීම ඉතාමත්ම බරපතලය. පොලිස් දෙපාර්තමේන්තුවට ම එල්ල වූ බරපතල චෝදනාවකි.එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න විසින් සාක්ෂි දීමේ දී ඉතා රහසිගතව කුඩා කොළ කැබැල්ලක ලියා දුන් නම කාගේද………? ඒ පිළිබඳව හෙළි නොකරන්නේ මන්ද…….?
ඒ පිළිබඳව විමර්ශන නොකරන්නේ මන්ද……..?
5. මේ සියල්ලම කොමිසම තුලින් සැඟවීමට කොමිසමේ සභාපතිවරයා ප්‍රධාන කොමිසන් සභාව කටයුතු කිරීම ඉතාමත් නින්දිතය.මෙම ප්‍රහාරයේ දී ඉතාමත්ම ප්‍රබලම සාක්ෂියක් සහ පර්යේෂණ සාක්ෂියක් වන සහරාන්ගේ දුරකථනය සහ ඊට අදාල පටිගත වී තිබූ සියල්ලම ඇමරිකාවට බාර දුන්නේ කාගේ නියෝග මතද………..?
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වේ ඒ පිළිබඳව කිසිඳු සටහනක් නොමැති බව වත් අඩුම තරමෙන් කොමිසම දන්නේ ද……….?
එම සහරාන්ගේ දුරකතනය රැගෙන යෑමත් සමගම එය අස්ථානගත වී යැයි පිළිගත හැකිද………..?
කොමිසම මේ පිළිබඳව මුනිවත රකින්නේ මන්ද……….?
ඇමරිකාවට රැගෙන ගිය දත්ත විනාශ වූවා නම් ඊට වගකිව යුත්තේ කවරෙක් ද……….?
ලංකාව රාජපක්ෂලාගේ පවුලේ රටක් වූ පමණින්, ඇමරිකාව එසේ නොවේ. ලෝකේ අපරාධ පරීක්ෂණ විද්‍යාඥයන් ඒවා සියල්ලම විද්‍යාගාර වල තබා ඉතා සුරක්ෂිතව තබන නමුත් ඒ සියල්ලම ඇති නමුත් ශ්‍රී ලංකාව ඒවා කැඳවීමට හෝ සාක්ෂි සඳහා කැඳවීමට කිසිදු උවමනාවක් නොමැති වීම මෙහි කැපී පෙනෙන දෙයකි .
6. මෙය ඇසු දුටු සාක්ෂියක් නොමැති මෙම සිද්ධියට ඇති ප්‍රධානම සාක්ෂිය වු පරවේෂණ සාක්ෂිය නොකැදවන්නේම මෙහි මහ මොළ කරු වු බැසිල් හා මිනිමරු ගෝඨාව කිරිවලින් හහවා හේදීමටය. කොමිසමේ සභාපති වරයා ප්‍රමුඛ එම කොමිෂන් සභාව ඒ හිතාමතාම මග හැර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව සටහන් නොමැති නම් ඊට වගකිව යුත්තේ කවරෙක් ද………..?
ඒ සඳහා වහාම විමර්ශනයක් සිදු නොකළේ මන්ද …………?
දැන් ඉතා හොඳින් පෙනී යන්නේ මේ කිසිවක් පිළිබඳව කොමිසම සොයා නොබලා අඳුරේ අතගා බැසිල්ගේ උවමනාවට වාර්තාවක් දුන් බවයි. කොමිසමේ සිටි රාජපක්ෂවාදී වන්දිභට්ට බැසිල්ගේ උවමනාවට කොමිසමේ වාර්තාව සකස් කොට ගෝඨාව බේරා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරල් සලේව සුද්දකොට වාර්තාව සකස් කර පරිපාලනමය මග හැරීම සහ නොතකා හැරීම පිළිබඳව හිටපු පොලිස්පති හා ආරක්ෂක ලේකම් ප්‍රධාන පොලිස් නිලධාරීන්ට ද එවකට රාජ්‍ය නායකයා ද එහි බර පටවා ඇඟ බේරා ගැනීමකි.යුධ හමුදා බුද්ධි අංශයේ සේවය සිටින කර්නල් මොහොමඩ් (දැන් නමවෙනස්කොටඇත.) හා සහරාන්ලාට පුහුණුව ලබාදුන් ආමි මොහිදීන් පිලිබදව විමර්ෂණය නොකිරීම.
7. පාස්කු ප්‍රහාරයේ දි තම රාජකාරිය හිතාමතාම මඟ හැරි නිලධාරින්ට උසස් වීම අනුමත කලේ ගෝඨා නොවේ නම් , බැසිල් ද ……? දෙපාර්තමේන්තු නියෝග ප්‍රකාරව එම පොලිස් නිලධාරින්ට විරුද්ධව විනය පරික්ෂණ වෙනුවට එදිනම උසස් වීම දී කොළඹින් පිටතට යැවීමටත් ක්‍රියාකලේ කවුදැයි මේ අමනයන් ගේ කොමිසම නොවිමසන්නේ ඇයි……..?
මෙය මුළුමනින්ම රටේ ජනතාවගේ මරණ උඩින් මුදල් උපයා ගත් කොමිසමක් මිස වෙන කිසිවක් නොව , යුක්තියක්, නීතියක් නොමැති රටක බඩ ගෝත්‍රවාදී තම හාම්පුතාව සතුටු කිරීමට සැකසු වාර්තාවක්ම පමණි.
එසේම කොමිසම පිළිබඳව දැඩි විශ්වාසයකින් පසු වූ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ද අඳුරේ අතපත ගානවට වඩා සත්‍ය දැනගෙන ,ඒ තුළින් යුක්තිය ඉටු කිරීමට පෙරට පැමිණිය යුතු බව අපගේ හැඟීමයි. රාජපක්ෂලාගේ කබායට බැස යුක්තිය ඉල්ලනව නම් අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ඇගේ තැව රෙන්නේත් ලේ ය.
උන්වහන්සේට ඉතා ගෞරවයෙන් යෝජනා කර සිටින්නේ රාජපක්ෂලාගේ කබායට බැස යුක්තිය නොඉල්ලන ලෙසයි. එයින් පිටතට පැමිණ යුක්තිය ඉල්ලා හඬ ගසන ලෙස ඔබ වහන්සේට ඉතා ගෞරවයෙන් මතක් කරන්නෙමු.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස