උණුසුම් පුවත්

ආණ්ඩුව පාසල් නිල ඇඳුම් ලබාදීම මඟහරී විසබීජහරණය ටත් දෙමව්පියන්ගෙන් මුදල් අය කරයි.

Spread the love

මේ වන විට ආණ්ඩුව පරිපාලන මේ සහ දේශපාලන වශයෙන් දැඩි බිද වැටීමකට ලක්ව ඇති බව අප අවස්ථා ගණනාවකදීම පෙන්වා දී ඇත .අද ඒ බව තවත් තහවුරු වී ඇත්තේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ විපක්ෂ නායක ජංගම සේවාවේ දී විපක්ෂ නායකවරයාට පළාතේ දෙමව්පියන් විසින් පාසැල් දරුවන්ගෙන් නිල ඇඳුම් ලබා දීමට රජයට බලකරන ලෙස කරන ලද ඉල්ලීමක දිය.

පසුගිය දිනක  පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති  ජී එල් පීරිස් අමාත්‍යවරයාගෙන් තමා පාසල් නිල ඇඳුම් ලබාදීම පිළිබඳව ප්‍රශ්නයක්  යොමු කළ විට ඉතාමත්ම උපහාසාත්මක පිළිතුරක් ලබා දෙමින් උසස් අධ්‍යාපන ඇමති  ජී එල් පීරිස්මහතා කියා ඇත්තේ සියලු පාසැල් දරුවන්ට අවශ්‍ය නිල ඇඳුම් සම්පූර්ණයෙන්ම ලබාදී ඇති බවත් එසේම පාසල් විසබීජහරණය සදහා කෝටි ගණනක මුදලක් වෙන් කරමින් ඒ සියල්ලම ඉතා ක්‍රමානුකූලව සිදු කර තිබෙන බවයි.

එහෙත් අද වන විට සමස්ත පාසල් පද්ධතිය තුළ ම විසබීජහරණය කිරීම දෙමව් පියන්ගෙන් ලබා ගන්නා මුදලින් සිදුකරන බවත් ,ඒ ආකාරයටම පාසල් නිල ඇඳුම් ද කිසිදු දරුවෙකුට රට පුරාම ලබාදී නොමැති බව අපි මහනුවර ,ගාල්ල ,මාතර ,අගමැති මහින්ද රාජපක්ෂගේ ආසනය වූ බෙලියත්ත, කුරුණෑගල යන ප්‍රදේශවලට දුරකථන ඇමතුම් ලබාදී දෙමව්පියන්ගෙන් විමසීමේදී ඔවුන් කියා සිටියේ එම  ප්‍රදේශවල කිසිම පාසලකට  නිල ඇඳුම් ලබා දී නොමැති බවයි. ඒ අනුව රට පුරාම පාසල් නිල ඇඳුම් ලබා දී නොමැති බව මේ වන විට අපට අපිට ස්ථිර වශයෙන්ම කිව හැකිය.

මේ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ  විපක්ෂ නායක ජංගම සේවාවේ දී  දෙමාපියන් දැක් වූ අදහස් ද පහත වීඩියෝවෙන් දැක ගත හැකිය.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස

 


Spread the love

Leave a Comment

You may also like